Jump to content

IX වන බෙනඩික්ට් පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්

IX වන බෙනඩික්ට්
රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ
සභාවකතෝලික සභාව
පාප්වහන්සේ ධූර කාලයඔක්තොම්බර් 1032 (පළමු වතාව)
10 මාර්තු 1045 (දෙවන වතාව)
8 නොවැම්බර් 1047 (තෙවන වතාව)
ධූර කාලය අවසන20 ජනවාරි 1045 (පළමු වතාව)
1 මැයි 1045 (දෙවන වතාව)
17 ජූලි 1048 (තෙවන වතාව)
පූර්වප්‍රාප්තිකයා
අනුප්‍රාප්තිකයා
පුද්ගලික විස්තර
උපන් නමටුස්කුලුම්හී තියෝෆිලක්තුස් (ඉතාලි: තෙයොෆිලාත්තො දි ටොස්කොලෝ)
උපතප. 1012
රෝමය, පාප් රාජ්‍යය
විපතප. දෙසැම්බර් 1055/ජනවාරි 1056 (වයස43)
ග්‍රොත්තොෆෙරාතා, පාප් රාජ්‍යය
බෙනඩික්ට් නමැති අනෙකුත් පාප්වහන්සේලා

රෝමයෙහිදී ටුස්කුලුම්හී තියෝෆිලක්තුස් ලෙසින් උපත ලද, IX වන බෙනඩික්ට් පාප්වහන්සේ (ලතින්: Benedictus IX; ප. 1012 – ප. 1056), 1032 ඔක්තොම්බර් සහ 1048 ජූලි අතර කාලසීමා තුනකදී (1032–1044; 1045; 1047–1048) රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ සහ පාප් රාජ්‍යයෙහි පාලකයා විය.[1] පළමුව තේරී පත් වන විට අවුරුදු 20ක් පමණ වයස්වූ එතුමා, කතෝලික සභාවෙහි ඉතිහාසයෙහි ලාබාලතම පාප්වහන්සේ විය හැකිය. එක් වරකට වඩා පාප්වහන්සේ ධූරය දැරූ එකම තැනැත්තා එතුමා වන අතර [a] පාප්වහන්සේ ධූරය මුදලට විකුණූ බවට චෝදනාවට ලක්වූ එකම තැනැත්තා වෙයි.

බෙනඩික්ට් පාප්වහන්සේ, එතුමාගේ ආසන්නතම පූර්වප්‍රාප්තිකයාවූ XIX වන ජුවාම් පාප්වහන්සේගේ බෑනනුවන් විය. 1032 වසරෙහි ඔක්තොම්බර මාසයෙහිදී, එතුමාගේ පියා විසින් සිදුකල අල්ලස් දීමක් මගින්, බෙනඩික්ට් පාප්වහන්සේගේ තේරී පත්වීම සිදුකරගෙන තිබෙයි. ‌කෙසේවෙතත්, එතුමාගේ ප්‍රකට අනාචාර හැසිරීම් නිසාවෙන් රෝමානු ජනයා අතරින් කැරැල්ලක් ඇතිවීම පොළඹවන ලදි. බෙනඩික්ට් පාප්වහන්සේ රෝමයෙන් පිටුවහල් කෙරුණු අතර, එතුමාගේ අනුප්‍රාප්තිකයා ලෙසින්, III වන සිල්වෙස්ටර් පාප්වහන්සේ තෝරා පත්කර ගැනුනි. මාස කිහිපයකට පසුව, බෙනඩික්ට් පාප්වහන්සේ සහ එතුමාගේ ආධාරකරුවන් එක්ව සිල්වෙස්ටර් පාප්වහන්සේ පලවාහැරීමට සමත්වූහ. බෙනඩික්ට් පාප්වහන්සේ ඉනික්බිතිව තීරණය කලේ, එතුමාගේ ඥාන පියාවූ, VI වන ග්‍රෙගරි පාප්වහන්සේට ඉඩ සැලසෙන පරිදී, ඉල්ලා අස්වීමටත්, එතුමාගේ වියදම් සඳහා මුදලක් එය වෙනුවෙන් ලබාගැනීමටත්ය.

බෙනඩික්ට් පාප්වහන්සේ ඉනික්බිතිව වෙනත් අදහසක් දරමින් යළි පැමිණ, VI වන ග්‍රෙගරි පාප්වහන්සේ නෙරපාහැරීමට ප්‍රයත්න දැරීය. ප්‍රමුඛ පැවිදිවරුන් කිහිප දෙනෙක් විසින් III වන හෙන්රි, රෝමානුවන්ගේ රජ වෙතින් ඉල්ලා සිටියේ, නිසි පාලනය යළි ස්ථාපිත කරන ලෙසටය. හෙන්රි අධිරාජයා සහ ඔහුගේ සේනාව, බ්‍රෙනර් දුර්ගය තරණය කරමින් ඉතාලියට පැමිණ, එහිදී ඔහු විසින් සූත්‍රී මන්ත්‍රණ සභාව කැඳවූයේ මෙම ප්‍රශ්නය පිළිබඳ තීන්දුවක් ගැනීමටය. IX වන බෙනඩික්ට්, III වන සිල්වෙස්ටර්, සහ VI වන ග්‍රෙගරි යන පාප්වහන්සේලා සැම දෙන නෙරපාහැරුණි. හෙන්රි අධිරාජයා ඉන්පසුව, 1046 දෙසැම්බර මාසයෙහිදී II වන ක්ලෙමන්ට් පාප්වහන්සේ තෝරා පත් ගැනීමට කටයුතු සැලසීය.

මුල් දිවිය

[සංස්කරණය]

1032 වසරෙහි ඔක්තොම්බර් මාසයෙහිදී එතුමා පාප්වහන්සේ බවට පත්කෙරෙන විට IX වන බෙනඩික්ට් පාප්වහන්සේ වයස විසි අවුරුදු පමණ විය.[2]

පළමුවන පාප්වහන්සේ ධූරය (1032–1044)

[සංස්කරණය]

IX වන බෙනඩික්ට් පාප්වහන්සේගේ ධූර කාලසීමාව "අපවාදී " යැයි ප්‍රෝක්ත වන අතර, කට්ටිවාදී ආරාවුල් දිගටම පැවතිණ. [3] ෆර්ඩිනැන්ඩ් ග්‍රෙගෝරොවියුස් විසින්, බෙනඩික්ට් පාප්වහන්සේ පිළිබඳව ලියා තිබුණේ, "නිරයෙන් යක්ෂයෙක් පැමිණ, පූජකයෙක් ලෙසින් වෙස්වලාගෙන, ශුද්ධවූ පේදුරුතුමාගේ ආසනයෙහි හිඳ, ඔහුගේ අගරු ක්‍රියාකලාපයන් ඔස්සේ, ධර්මයෙහි ශුද්ධවූ අභිරහස් කෙළෙසූ බව පෙනෙයි." [4] හොරේස් කේ. මාන් විසින් ඔහු පිළිබඳ සඳහන් කලේ "ශුද්ධවූ පේදුරුතුමාගේ ආසනයට අවමානයක් " ලෙසින්.[2] III වන වික්ටර් පාප්වහන්සේ, ඩයලොග්ස් නමැති එතුමාගේ තුන්වන පොතෙහි, සඳහන් කර තිබුනේ "ඔහුගේ ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් සහ කලහකාරි සහ අස්වාභාවික ‍මෛථූනය පිළිබඳ අනෙකුත් කිව නොහැකි තරම් වන ක්‍රියා බොහෝ විය. පාප්වහන්සේ කෙනෙක් වශයෙන් ඔහුගේ ජීවිතය කෙතරම් අධම, ‌කෙතරම් නින්දිත, කෙතරම් අතිශයින් පිළිකුල් කටයුතු යන්නේද යත්, ඒ ගැන සිතන විට මම වෙවුලමි" යනුවෙනි. [5]


දෙවන පාප්වහන්සේ ධූරය (1045)

[සංස්කරණය]

IX වන බෙනඩික්ට් පාප්වහන්සේගේ සේනාවන් 1045 වසරෙහි අප්‍රේල් මාසයෙහිදී යළි පැමිණ එතුමාගේ විරුද්ධවාදීයා බලයෙන් පහකොට, බෙනඩික්ට් පාප්වහන්සේට පාප්ධූරයෙහි කටයුතු යළි ඇරඹීමට ඉඩ සැලසීය. එතුමාගේ තනතුරෙහි දිගටම රැඳී සිටීමට ඇති හැකියාව පිළිබඳව සැක පහල කල සහ, එතුමාගේ ඥාති සහෝදරිය හා විවාහ වීමට කැමැත්තෙන් සිටි, බෙනඩික්ට් පාප්වහන්සේ, 1045 වසරෙහි මැයි මාසය වන විට, ඉල්ලා අස්වීමට තීරණය කලේය.

තෙවන පාප්වහන්සේ ධූරය (1047–1048)

[සංස්කරණය]
IX වන බෙනඩික්ට් පාප්වහන්සේ දැක්වෙන, 19වන සියවසෙහි ආගමික පත්‍රිකාවක්

IX වන බෙනඩික්ට් පාප්වහන්සේ විසින් එතුමාගේ ඉල්ලා අස්වීම පිළිබඳ විපිළිසර ‌වෙමින් රෝමයට යළි පැමිණ, නගරය යළිත් අත්පත් කරගෙන, 1046 වසරෙහි ජූලි මාසය වන තුරු සිංහාසනයෙහි වැජඹුනේ, VI වන ග්‍රෙගරි පාප්වහන්සේ සැබෑ පාප්වහන්සේ ලෙසින් දිගටම පිළිගැනුනු අතරතුරය.

සටහන්

[සංස්කරණය]
  1. ^ ඔටෝ අධිරාජයා විසින් XII වන ජුවාම් පාප්වහන්සේ ‌වෙනුවට මාස කිහිපයක කාලසීමාවකට අනීතික ලෙසින් ප්‍රතිපාප්වර VIII වන ලියෝ පාප්වහන්සේ (මෙතුමා පසුව නීත්‍යානුකූල පාප්වහන්සේ වූයේ V වන බෙනඩික්ට් පාප්වහන්සේ විසින් එතුමාගේ නෙරපීම පිළිගත් විටය) පත් කරන ලදි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ කූලෝම්, චාල්ස් ඒ. (2003). විකාර්ස් ඔෆ් ක්‍රයිස්ට්: අ හිස්ට්‍රි ඔෆ් ද පෝප්ස්. සිටඩාල් ප්‍රෙස්. p. 198. ISBN 978-0-8065-2370-5.
  2. ^ a b මාන්, හොරේස් (1909). "පෝප් ග්‍රෙගරි VI". කැතලික් එන්සයික්ලොෆීඩියා. 6 – via නිව් ඇඩ්වෙන්ට්.
  3. ^ හෝක්, ඇල්බට් (1908). "බෙනඩික්ට් IX". ද නිව් ෂෆ්–හර්සෝග් එන්සයික්ලොෆීඩියා ඔෆ් රිලිජස් නොලේජ්. 2: 40–41 – via ක්‍රිස්ටියන් ක්ලැසික්ස් ඉරියල් ලයිබ්‍රරි.
  4. ^ ෆර්ඩිනැන්ඩ් ග්‍රෙගෝරොවියුස් (10 ජූනි 2010). හිස්ට්‍රි ඔෆ් ද සිටි ඔෆ් රෝම් ඉන් ද මිඩ්ල් ඒජර්ස්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 9781108015035.
  5. ^ Victor III, Pope (1934), Monumenta Germaniae Historica, Libelli de lite (ලතින් බසින්) (Dialogi de miraculis Sancti Benedicti Liber Tertius auctore Desiderio abbate Casinensis ed.), Hannover: Deutsches Institut für Erforschung des Mittelalters, p. 141, 15 ජූලි 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී., සම්ප්‍රවේශය 3 ජනවාරි 2008, Cuius vita quam turpis, quam freda, quamque execranda extiterit, horresco referre