Jump to content

Heroin

විකිපීඩියා වෙතින්

Heroin (හෙරොයින්) ,Diacetylmorphine හෝ Diamorphine (කුඩු) යනු Opium (අබිං) පොපි පැලයෙන් ලබා ගන්නා කිරි වියලා එහි ඇති වේදනා නාශකයක් වන Morphine (මොර්ෆින්) Acetic Anyhydride හෝ Acetic Chloride යන රාසනයත් ද්‍රව්‍ය දෙක සමග සංස්කරණය කොට ලබා ගන්නා Opiod කාණ්ඩයේ ඖශදයකි.

ඉතිහාසයේදී Bayer නම් ආයතනය හෙරොයින් ප්‍රථම වරට ලොවට කැස්ස පැණියක් ලෙස වෙළදපොලට නිකුත් කලද පසුව අනාවරණය වූ ඇබ්බහි වීමේ ගුණයන් හා යැපීමේ ඉඩකඩ වැඩි වීම හේතුවෙන් ඉතා ඉක්මනට තහනමකට ලක් විය.

මේ වන විට හෙරොයින් බොහෝ රටවල වෛද්‍ය කටයුතු වලින් ඉවත් කර ඇති අතර වඩා ආරක්ෂිතයි Opiod කාණ්ඩයේ වේදනා නාශක බාවිතයට ගෙන ඇත. උදාහරණ වශයෙන් Codeine, Morphine, Hydrocodone, Hydromorhone, Dihydrocodiene, Dihydromorphine, Oxycodone, Oxymorphone, Fentanyl ගත හැක.

නමුත් හෙරොයින් මගින් මොලයට සහ ඇගට ලබා දෙන අධික ප්‍රීතිය (Euphoria) හා වේදනා නාශක බව (Analgesia) හේතුවෙන් නීති විරෝධී ලෙස ලවිය සහ නිපදවීම ලොව වටා සිදු වේ.

Heroin (හෙරොයින්) Morphine (මොර්ෆින්) මෙන් 2 - 3 ගුණයක් ශක්තිමත් වේ. Heroin (හෙරොයින්) ශරීරයට ඇතුළු වූ පසු සැනින් Metabolise (පරිවෘත්තීය) වීමට පටන් ගනී. ඒ සරලව Heroin ---> 6-MAM ---> Morphine ---> Morphine-6-Glucuronide ලෙසටය. මෙම අද්විතීය පරිවෘත්තීය ක්‍රියාවලිය හේතුවෙන් Heroin (හෙරොයින්) අධික ප්‍රීතියක් (Euphoria) හා වේදනා නාශක බවක් ලබා දෙන අතර ඇබ්බහි වීමේ ගුණයන් හා යැපීමේ ඉඩකඩින් ඉතා ඉහලය.

"https://si.wikipedia.org/w/index.php?title=Heroin&oldid=732169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි