මයික්‍රොසොෆ්ට් ඩිරෙක්ට් ත්‍රීඩී

විකිපීඩියා වෙතින්
(Direct3D වෙතින් යළි-යොමු කරන ලදි)

ඍජු ත්‍රිමාන (Direct 3D) යනු මයික්‍රෝසොෆ්ට්හි Direct x API හි කොටසකි. මයික්‍රෝසොෆ්ට්හි සමහර කාරක පද්ධතීන්වල පමණක් ඍජු ත්‍රිමාන (Direct 3D) අන්තර්ගත වන අතර X box සහ X box 360 හි ග්‍රැෆික් සඳහා ද යොදා ගෙන ඇත. ක්‍රියාකාරිත්වය වැදගත් වන ත්‍රීමාන ග්‍රැෆික් සඳහා ඍජු ත්‍රිමාන (Direct 3D) යොදා‍ගැනෙන අතර එයට උදාහරණ ලෙස පරිගණක ක්‍රිඩා පෙන්වා දිය හැකිය. ඍජු ත්‍රිමාන (Direct 3D) පරිගණක යෙදුම් වලදී සම්පූර්ණ තිරයට යොදාගැනීමට අවස්ථාව සලසා දෙයි. එමෙන්ම තමන්ගේ ග්‍රැෆික් කාඩය මඟින් අවස්ථාව සලසා දී ඇත්නම් ඍජු ත්‍රිමාන (Direct 3D) මඟින් දෘඩකාංගවල වේගය වැඩි කිරීම ද සිදු කරයි. 3D ග්‍රැෆික් දෘඩකාංගවල විශේෂිත වූ ග්‍රැෆික් තාක්ෂණයන් ඍජු ත්‍රිමාන (Direct 3D) මඟින් ඉස්මතු කළ හැකි අතර එවැනි ඒවා සඳහා උදාහරණ ලෙ‍ස Z- අවරෝධකය (buffering), anti - aliasing, ඇල්ෆා සම්මිශ්‍රණය (alpha blending), අනුරූපණය (mapping), වායුගෝලීය ප්‍රතිවිපාක සහ නිවැරදි ආකෘති (correct texture) අනුරූපණය වැනි දෘඩකාංග පෙන්වා දිය හැකිය. අනෙකුත් Direct X තාක්ෂණයන් සමඟ එක්ව ගත් විට ඍජු ත්‍රිමාන (Direct 3D) හි විඩීයෝ අනුරූපණය, ත්‍රිමාණ ග්‍රැ‍ෆික් ද්විමාණ බවට පත්කිරීම වැනි විශේෂාංගද ඇත.

ඍජු ත්‍රිමාන (Direct 3D) යනු ත්‍රිමාණ API එකකි. ත්‍රිමාණ පරිවර්තනයන් සඳහා අවශ්‍ය විධාන එහි ඇතුල් වේ. කෙසේ හෝ ඍජු ත්‍රිමාන (Direct 3D) 8 වැනි පිටපත පෙර Direct draw හි විශේෂ අංගයන් වලට වඩා දියුණූ අංගයන්ගෙන් යුක්ත වන අතර එහි ද්විමාණ දර්ශන පරිවර්තනය ද සිදු කිරීමට හැකියාව ඇත. නවතම දර්ශන කාඩ්වල ඇති දියුණු තාක්ෂණයට සරිලන අයුරින් ඍජු ත්‍රිමාන (Direct 3D) දියුණු කිරීමට මයික්‍රොසො‍ෆ්ට් ආයතනය නිරන්තරයෙන් බැදී සිටි. ඍජු ත්‍රිමාන (Direct 3D) සමහර මෘදුකාංග සඳහා අණුකරණයක් ලෙස යොදාගත හැකි නමුත් එය පරිගණකයේ නැති පික්සල් මෘදුකාංග සඳහා අණුකරණයක් ලෙස යොදාගත නොහැකිය. උදාහරණයක් ලෙස ඍජු ත්‍රිමාන (Direct 3D) යොදාගැනෙන මෘදුකාංගයකට Pixelshaders අවශ්‍ය වුවහොත් සහ එම විශේෂාංගයට පරිගණකයේ වීඩියෝ කාචය සුදුසු නැතිවුවහොත් ඍජු ත්‍රිමාන (Direct 3D) එහි යොදාගත නොහැකිය. ත්‍රිමාණ අනු රූපයන් හි ඇති රටාවන් සහ බහුඅස්‍රයන් සකස් කිරීමේ හැකියාවක් ඍජු ත්‍රිමාන (Direct 3D) සතුවන නමුත් එමඟින් තත්ත්වය හා ක්‍රියාකාරීබව, මෘදුකාංග වලට සාපේක්ෂව පහත වැටීමක් සිදුවේ. API එක Reference Rasterizer එකක් අර්ථ දක්වා නොමැති අතර එය Pixel shaders සඳහා යොදාගැනීමේ දී ඉතා අක්‍රමවත් බැවින් භාවිතය ඉතා අඩුවේ.


ඍජු ත්‍රිමාන (Direct 3D) හි ප්‍රධාන තරගකරුවන්නේ Open GL එකයි. එහි බොහෝ විශේෂාංග සහ මෙවලම්, (API එකේ නොමැති) ඇත.

සටහන්[සංස්කරණය]

Direct3D