Caption: Motion capture ක්‍රමවේදය යොදා ගෙන නිර්මාණිය කෙරැණු ලැබු පරිගණක සජීවිකරණයක උදාහරණයකි)

විකිපීඩියා වෙතින්

(Caption: Motion capture ක්‍රමවේදය යොදා ගෙන නිර්මාණිය කෙරැණු ලැබු පරිගණක සජීවිකරණයක උදාහරණයකි)

පරිඝනක සජිවිකරණය යනු පරිඝනකය බාවිතයේ දලනය වන අනුරැ නිර්මාණය කිරිමේ නකලාවයි. මෙය පරිගණක චිත්‍රක සහ සජිවිකරණයේ උප කොටසකි. වැඩි වශයෙන් මේවා නිර්මාණයට ත්‍රිමාන පරිගණක චිත්‍රක යොදා ගත්තද, ශෛලිගත, දුබල කලාප පළල සහ වඩා වේගවත් නත්‍යකතාල විදුදැනුම අව්‍ශ්‍යතා සදහා තවම ද්විමාන පරිගනක චිත්‍රක ද විශාල වශයෙන් යොදා ගැනේ. සමහර අවස්තාවලදි සජීවිකරණයේ අරමුණු පරිගනකයමහ වන අතර තවත් විටකදි චිත්‍රපට වැනි වෙනත් මාධ්‍යයක් ද' විය හැක. මෙය බොහෝ විට චිතුපට වල යොදා ගන්නා විට CGI (Computer Gererated Imagery හෙවත් පරිගණක ආශ්‍රිත නිර්මිත අනුරෑ) ලෙස හැදින්වේ.

චලිතයේ දෘෂ්ටි මායාව නිර්මාණය කිරිම සදහා පරිගණක තිරය මත එක් අනුරැවක් දර්ශනය කොට සැනෙකින් ඊට වඩාත් සමාන එහෙත් සියුම් ලෙස වෙනස් කරනු ලැබු තවත් අනුරැවක් දර්ශනය කරයි. මෙම ක්‍රමය රෑපවාහිනි තුල සහ චලිත රෑප (motion pictures) හි චලිතයේ දෘස්ටි මායාව නිර්මාණය කිරිමට සමානය.

පරිගණක සජිවිකරණය, ත්‍රිමාන ආදර්ශනයෙහි stop- motion සජිවිකරණයෙහි සහ ද්විමාන නිදර්ශන වල රමුවෙන් රාමුවට වන සජිවිකරණයෙහි ඩිජිටල් අනුපාප්තිය ලෙස හැදින්විය හැක. ත්‍රිමාන සජීවිකරණයේ දි වස්තුන් (ආකෘති) පරිගණක තිරය මත ගොඩනැගෙන අතර (ආදර්ශනය) ත්‍රිමාන හැඩයන් අතාත්වික සැකලි මගින් නිරැපණය වේ. ද්විමාන සජිවිකරණයේදී වෙන් වෙන් වස්ත්‍රන් (නිදර්ශන) සහ වෙන් වෙන් ‍විනිවිද පෙනෙ ස්ථර, අතාත්වික සැකිලි ඇතුව හෝ නැතුව යොදා ගනි. Key frames දෘෂ්‍යමාන වන ආකාර වල වෙනස්විම්, පරිගණකය මගින් ස්වයං පාලිතමවම ගණනය කරනු ලබන twening හෝ morphing ලෙස හදුන්වනු ලබන ක්‍රියාවලිය මගිනි. ඉන්පසුව සජීවිකරණ නිර්මාණය විදුදැනුමට ලක් කරයි. ත්‍රිමාන සජිවිකරණයේදී සැම රාමුවක්ම ආදර්ශනයෙන් පසු විදුදැනුම භාජනය කල යුතුය. ද්විමාන දෛනික සජීවිකරණයේදි යොදා ගනු ලබන විදැහුම් ක්‍රමය key forme නිදර්ශන ක්‍රියාවලිය (key forme illustration process) වන අතර tween කරන ලද රාමු අවශ්‍ය ආකාරයට විදැනුම් කර ගනු ලබයි. කලින් පටිගත කර ගන්නා ලද දර්ශන සදහා, විදුදැනුම රාමු, වෙනත් ආකෘතියකට හෝ මාධ්‍යයක‍ට (චිත්‍රපට හෝ ඩිජිටල් විඩියෝ ආදි) මාරැ කර ගනු ලැබේ. මේවා දත්ත පරිශිලන ප්‍රේක්ෂක පිරිසකට දර්ශනය කරන බැවින්, මෙම රාමු නත්‍යකාලිනව වුවද විදුදැනුම් කර ගත හැක. දුබල කලාප වලද සහිත සජ"ීවන අන්තර්ජාලය හරහා පරිශිලික පරිඝණකවයෙහි තන්‍යකාලිව විදුදැනුම කර ගැනීම සදාහ මෘදුකාංග භාවිත කරයි. මෙය streaming හා පුර්ව ප්‍රවේශක (per-loaded) ඉහල කලාප පලළකින් යුක්ත සජීවන නිර්මාණ වලට වඩා වෙනත් ක්‍රමයකි.