Jump to content

A-මුහුණත සහ B-මුහුණත

විකිපීඩියා වෙතින්

A-side and B-side

A-side
B-side
Victor 17929-A and 17929-B
A cassette tape

A-පැත්ත (A-side) සහ B-පැත්ත (B-side) යනු වයිනයිල් තැටි (Vinyl records) සහ කැසට් පට (Cassettes) යන දෙපැත්ත හැඳින්වීමට භාවිත වන යෙදුම් වේ. පටිගත කිරීමේ සහ ධාවනය කිරීමේ තාක්ෂණික පැත්තෙන් මෙම දෙපැත්ත අතර කිසිදු වෙනසක් හෝ විශේෂත්වයක් නොමැති වුවද, ද්විපාර්ශ්වික සංගීත පටිගත කිරීම්වල ලේබල මත මෙම පද නිතර මුද්‍රණය කර ඇත. තනි ගීතයක් (Single) නිකුත් කිරීමේදී එහි 'A-පැත්ත' සඳහා සාමාන්‍යයෙන් තෝරාගනු ලබන්නේ අදාළ ශිල්පියා, නිෂ්පාදකයා හෝ තැටි සමාගම විසින් ප්‍රචාරණ කටයුතු සහ ගුවන්විදුලි ප්‍රචාරය සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමටත්, ජනප්‍රිය ගීතයක් (Hit record) බවට පත් කිරීමටත් බලාපොරොත්තු වන නිර්මාණයයි. 'B-පැත්ත' (හෝ 'අනෙක් පස') යනු සාපේක්ෂව අඩු අවධානයක් ලබන ද්විතීයික පටිගත කිරීමකි. කෙසේ වෙතත්, ඇතැම් B-පැත්තේ ගීත, A-පැත්තේ ගීත තරම්ම හෝ ඊටත් වඩා සාර්ථකත්වයට පත්වූ අවස්ථා ද පවතී

1960 දශකයේ මුල් භාගයේදී පැවති සම්ප්‍රදායන්ගේ වෙනසක් සිදු විය. එතැන් සිට, ඇල්බමවලට සාපේක්ෂව ආදායම් උපැයීම අතින් 45 rpm තනි තැටි ("45s") වෙළෙඳපොළෙහි වැඩි ආධිපත්‍යයක් දැරූ බැවින්, ගුවන්විදුලි නාලිකාවල ප්‍රචාරය කිරීමට අවශ්‍ය වූ විශේෂිත ගීතය A-පැත්ත (side A) ලෙස නම් කිරීමට තැටි සමාගම් පෙලඹුණි. එම දශකය පුරාම, නව සංගීත නිකුත් කිරීම සඳහා වූ ක්ෂේත්‍රය ක්‍රමයෙන් ඇල්බම මූලික කරගත් ක්‍රමවේදයක් වෙත සංක්‍රමණය විය. ඒ අනුව එක්සත් රාජධානිය තුළ ඒකක නිෂ්පාදනය අතින් ඇල්බම සංඛ්‍යාව, තනි තැටි (singles) සංඛ්‍යාව අභිබවා ගියේ 1968 වසරේදීය.[1]

වර්තමානය වන විට, සංගීත නිර්මාණ අතිබහුතරයක් භෞතික මාධ්‍යයකින් තොරව, වෙන වෙනම නිර්මාණ ලෙස නිකුත් කිරීම සහ ශ්‍රවණය කිරීම සිදු වන බැවින්, සාම්ප්‍රදායික A-පැත්ත/B-පැත්ත වෙනස්කම වර්තමානය වන විට අහෝසි වී ඇත (අභාවිතයට ගොස් ඇත). එසේ වුවද, ඇතැම් වර්තමාන ශිල්පීන් තනි ගීත නිකුතු සඳහා රූපකමය "B-පැත්තක්" (metaphorical B-side) හෝ "අතිරේක ගීතයක්" (bonus track) ලෙස දෙවන ගීතයක් ද එකතු කිරීමට පෙලඹී ඇත. මෙය ඔවුන්ගේ නිර්මාණාත්මක සෞන්දර්යාත්මක තේරීමක් මෙන්ම ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස ද භාවිත වේ.[2][3]

ද්විත්ව A-පැත්ත, AA-පැත්ත හෝ ද්විත්ව තනි තැටිය යනු, B-පැත්තක් නොමැතිව දෙපැත්තම A-පැත්ත ලෙස නම් කරනු ලබන තනි තැටියකි (Single). එනම්, එහි දෙපැත්තෙහිම ඇති ගීත දෙකම ජනප්‍රිය වීමේ හැකියාව සහිත ප්‍රධාන ගීත වන අතර, එක් ගීතයකට වඩා අනෙක් ගීතය ප්‍රචාරණය කිරීමක් සිදු නොකෙරේ. 1949 වසරේදී Savoy Records ආයතනය විසින් තම ශිල්පියෙකු වූ පෝල් විලියම්ස්ගේ "House Rocker" සහ "He Knows How to Hucklebuck" යන ගීත ද්විත්වය සහිත තනි තැටිය, "නව ද්විත්ව පැති ජනප්‍රිය නිර්මාණය - දෙපැත්තම 'A' පැති වේ" යනුවෙන් ප්‍රචාරණය කරන ලදී. පසුව 1965 වසරේදී Billboard සඟරාව වාර්තා කළේ, බීට්ල්ස් කණ්ඩායමේ "We Can Work It Out" සහ "Day Tripper" යන ගීත අඩංගු තනි තැටියෙන් ප්‍රචාරණ කටයුතු සඳහා A-පැත්ත ලෙස සැලකිය යුත්තේ කුමක්දැයි EMI සමාගම සහ ජෝන් ලෙනන් අතර ඇති වූ මතභේදයක් හේතුවෙන්, "EMI සමාගම බ්‍රිතාන්‍යයට අනන්‍ය වූ ද්විත්ව පැති ප්‍රචාරණ ව්‍යාපාරයක් සඳහා එකඟ වූ බවයි."

ඩිජිටල් බාගත කිරීම් (digital downloads) ආරම්භ වීමට පෙර, එක්සත් රාජධානියේ සංගීත වර්ගීකරණ සටහන් (singles chart) සම්පූර්ණයෙන්ම සකස් කරනු ලැබුවේ භෞතික අලෙවිය (physical sales) පදනම් කරගෙන බැවින්, එහිදී A-පැති දෙකටම එකම සටහන් ශ්‍රේණිගත කිරීමක් (chart position) හිමි විය. එක්සත් රාජධානියේ පුණ්‍යාධාර නොවන අරමුණකින් නිකුත් වී වැඩිම අලෙවියක් වාර්තා කළ සර්වකාලීන තනි තැටිය ද්විත්ව A-පැත්තක් වූ අතර, ඒ 1977 වසරේදී පිටපත් මිලියන දෙකට වඩා අලෙවි වූ Wings කණ්ඩායමේ "Mull of Kintyre"/"Girls' School" නිකුතුවයි. එය එම වසරේ එක්සත් රාජධානියේ නත්තල් සමයේ අංක 1 ගීතය ද විය. එමෙන්ම Nirvana කණ්ඩායම 1993 වසරේදී "All Apologies" සහ "Rape Me" යන ගීත ද්විත්ව A-පැත්තක් ලෙස නිකුත් කළ අතර, එම ගීත දෙකම එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ සංගීත වර්ගීකරණ සටහන්වල (Singles Chart) ජනප්‍රිය ගීත ලෙස නිල වශයෙන් සටහන් විය.

The term "b/w", an abbreviation of "backed with", is often used in listings to indicate the B-side of a record. The term "c/w", for "coupled with", is used similarly.[4]

Characteristics

[සංස්කරණය]

B-sides are often considered to be filler material: songs of lower quality. However, pop artists such as Prince, New Order, Pet Shop Boys, Def Leppard, the Cure, Tori Amos, Bon Jovi, Oasis, and the Beatles have been particularly known for releasing strong material on B-sides.[5][6] B-sides have often been compiled on expanded or "deluxe" editions of albums or may be compiled into a B-side compilation album across multiple periods of an artist's career.[7]

B-side compilations

[සංස්කරණය]
  1. MacDonald, p. 296
  2. Plasketes, George (2013). B-Sides, Undercurrents and Overtones: Peripheries to Popular in Music, 1960 to the Present. Ashgate Publishing.
  3. "The Return Of The B-Side Single". Vinyl Me, Please. 21 ඔක්තෝබර් 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 ඔක්තෝබර් 2024.
  4. "The Straight Dope: In the record business, what do "b/w" and "c/w" mean?". 15 ඔක්තෝබර් 1999. 4 ඔක්තෝබර් 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 ජනවාරි 2009.
  5. Beaumont, Mark (19 ජූලි 2021). "It's time for a return of the good, old-fashioned B-side – and Sam Fender's leading the charge". NME. 9 මාර්තු 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 මැයි 2023.
  6. Petridis, Alexis (5 මාර්තු 2020). "Oasis's greatest songs – ranked!". The Guardian. 17 මැයි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 මැයි 2023.
  7. Evanson, Keith. "The Return Of The B-Side Single". Vinyl Me, Please. 24 මැයි 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 මැයි 2023.
"https://si.wikipedia.org/w/index.php?title=A-මුහුණත_සහ_B-මුහුණත&oldid=796421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි