2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය

විකිපීඩියා වෙතින්
2016–17 තරග කාල සීමාවෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා සංචාරය
ශ්‍රී ලංකාව
බංග්ලාදේශය
දින වකවානුව 2 මාර්තු – 6 අප්‍රේල් 2017
නායකයන් රංගන හේරත් (ටෙස්ට් තරග)
උපුල් තරංග (එදිජා)
මුෂ්ෆිකුර් රහීම් (ටෙස්ට් තරග)
මෂ්රාෆ් මෝර්ටසා (එදිජා)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (254) තමීම් ඉක්බාල් (207)
වැඩිම කඩුළු රංගන හේරත් (16) මෙහ්ඩී හසන් (10)
තරගමාලාවේ ක්‍රීඩකයා ෂකීබ් අල් හසාන් (බං)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (160) ටමීම් ඉක්බාල් (131)
වැඩිම කඩුළු නුවන් කුලසේකර (4)
සුරංග ලක්මාල් (4)
ටස්කින් අහමඩ් (6)
මෂ්රාෆ් මෝර්ටසා (6)
මුෂ්ටෆීසිර් රහ්මන් (6)
තරගමාලාවේ ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස් (SL)
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම වර්තමානයෙහි 2017 මාර්තු මස සිට අප්‍රේල් මස දක්වා ශ්‍රී ලංකාවෙහි සංචාරයක නිරතව සිටිති. සංචාරය සමන්විත වන්නේ, පිළිවෙලින් ටෙස්ට් තරග දෙකකින්, එක් දින ජාත්‍යන්තර (එදිජා) තුනකින් සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) දෙකකින් සමන්විත වන්නාවූ තරග මාලාවන් තුනක් වෙතිනි. [1]>[2][3] තරග සංචාරයෙහි දෙවන ටෙස්ට් තරගය, බංග්ලාදේශය විසින් තරග වැදුණු 100වන ටෙස්ට් තරගය විය. [4] මෙම තරග සංචාරය තුල, ටෙස්ට් තරග වලට පෙරාතුව දෙදින පුහුණු තරගයක්ද එදිජා තරග වලට පෙරාතුව එක් දින පුහුණු තරගයක්ද පැවතිණි. [5] ටෙස්ට් තරගමාලාව ක්‍රීඩා කරන ලද්දේ, බංග්ලාදේශ දේශයෙහි පියා වූ බංගබන්දු ෂීක් මුජිබර් රහ්මන් වෙතට බුහුමන් ලෙසින් ජෝයි බංග්ලා කුසලාන වෙනුවෙනි. [6]

තරග මාලාව ඇරඹීමට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග වල ක්‍රීඩා කල නොහැකි බවට තීරණය වූයේ ශක්ති තන්ත්‍රි පේශිය පීඩාවක් නිසාය. [7] ඔහු වෙනුවෙන් නායක ලෙසින් රංගන හේරත් නම් කෙරිණි. [8] එදිජා තරගමාලාවට පෙර ව්‍යාධිය සුව වීමට මැතිව්ස්ට නොහැකි වූ අතර, කණ්ඩායමෙහි නායකයා ලෙසින් උපුල් තරංග නම් කෙරිණි. [9]

ටෙස්ට් තරග මාලාව 1–1 ලෙසින් ජය-පැරදුමෙන් තොරව අවසන් වූ අතර,[10] බංග්ලාදේශය විසින් දෙවන තරගය කඩුළු 4 කින් ජයගති. ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගයකදී ඔවුන් ලද පළමු ජයග්‍රහණය එය විය. [11]මෙම ජයග්‍රහණය ටෙස්ට් තරගවලදී ඔවුන්ගේ නවවන ජයග්‍රහණය වූ අතර පිටරටකදී වූ සතරවන ජයග්‍රහණය විය.[12]

සංචිත[සංස්කරණය]

ටෙස්ට් තරග එදිජා වි20ජා
 ශ්‍රී ලංකාව[13]  බංග්ලාදේශය[14]  ශ්‍රී ලංකාව[9]  බංග්ලාදේශය[15]  ශ්‍රී ලංකාව  බංග්ලාදේශය


එදිජා තරගමාලාව[සංස්කරණය]

1වන එදිජා[සංස්කරණය]

බංග්ලාදේශය 
324/5 (50 ඕවර)
 ශ්‍රී ලංකාව
234 (45.1 ඕවර)
බංග්ලාදේශය ලකුණු 90 කින් ජයගති
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණය, දඹුල්ල
තරගයේ වීරයා: ටමීම් ඉක්බාල් (බංග්)
විනිසුරුවන්: මයිකල් ගාෆ් (එංග) සහ රැන්මෝර් මාටිනස් (ශ්‍රීලං)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දු රැකීම තෝරා ගති.
  • මෙහ්ඩී හසන් (බංග්) විසින් ඔහුගේ එදිජා මංගලාවතරණය සිදු කෙරිණි.
  • සියළු තරග ආකෘතීන් ඔස්සේ ජාත්‍යන්තර ලකුණු 10,000 රැස් කල පළමු බංග්ලාදේශ පිතිකරුවා වීමට ටමීම් ඉක්බාල් සමත් විය.[16]
  • ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශය විසින් රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර, එදිජා තරගයක පළමුව පන්දුවට පහර දෙමින් රැස් කල පළමු ජයග්‍රහණය වෙයි.[17]


2වන එදිජා[සංස්කරණය]

ශ්‍රී ලංකාව 
311 (49.5 ඕවර)
ප්‍රතිඵලයක් නොමැත
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණය, දඹුල්ල
තරගයේ වීරයා:
විනිසුරුවන්: රුචිර පල්ලියගුරුගේ (SL) සහ සුන්දරම් රවි (Ind)
  • ශ්‍රී ලංකාව කාසියේ වාසිය ලබා පළමුවෙන් පිතිකරණය තෝරා ගති.
  • ඉනිම අතර බිඳුමෙහිදී ඇද හැලුණු අධික වර්ෂාව නිසා තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර තරගය අතහැර දැමිණි.
  • උපුල් තරංග (SL) ඔහුගේ 200වන එදිජා තරගය ක්‍රීඩා කළේය.[18]
  • කුසල් මෙන්ඩිස් (SL) ඔහුගේ පළමු එදිජා ශතකය රැස් කර ගති.[18]
  • ටස්කින් අහමඩ් (Ban) විසින් කඩුළු ත්‍රිත්වයක් ලබා ගති.[18]

3වන එදිජා[සංස්කරණය]

1 අප්‍රේල් 2017
09:30
ගකුණු ලුවරුව
ශ්‍රී ලංකාව 
280/9 (50 ඕවර)
 බංග්ලාදේශය
210 (44.3 ඕවර)
ශ්‍රී ලංකාව ලකණු 70 කින් ජයගති
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: තිසර පෙරේරා (SL)
විනිසුරුවන්: මයිකල් ගාෆ් (Eng) සහ රුචිර පල්ලියගුරුගේ (SL)
  • බංග්ලාදේශය කාසියේ වාසිය ලබා ගනිමින් පළමුව පන්දු රැකීම තෝරා ගති.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "බංග්ලාදේශ් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා ටු කමෙන්ස් ඔන් මාර්ච් 7ත්". ද පපාරෙ. සම්ප්‍රවේශය 7 ජනවාරි 2017.
  2. "බංග්ලාදේශ් ක්‍රිකට් අප්කමිං සීරීස් ෂෙඩියුල් 2017". ක්‍රිකට් ටීම් නිවුස්.
  3. "බංග්ලාදේශස් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා ලයික්ලි ඉන් ප්‍රෙබ්රවරි 2017". BDCricket24.Com. සම්ප්‍රවේශය 12 ජනවාරි 2017.
  4. "බංග්ලාදේශ් ටු ප්ලේ 100ත් ටෙස්ට් ඉන් මාච්". ඊඑස්පීඑන් ක්‍රිකඉන්ෆෝ. සම්ප්‍රවේශය 17 පෙබරවාරි 2017.
  5. "බංග්ලාදේශ් ටුවර් ඔෆ් ශ්‍රී ලංකා 2017 ෂෙඩුවල් අනවුන්ස්ඩ්". ශ්‍රී ලංකා ක්‍රිකට්. සම්ප්‍රවේශය 17 පෙබරවාරි 2017.
  6. "ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට්ස් ටයිට්ල්ඩ් ජෝයි බංග්ලා කප්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 6 මාර්තු 2017.
  7. "මැතිව්ස් රූල්ඩ් අවුට් ඔෆ් බංග්ලාදේශ් ටෙස්ට්ස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2017.
  8. "හේරත් ටු ලීඩ් ශ්‍රී ලංකා, පුෂ්පකුමාර කෝල්ඩ් අප් ෆො බංග්ලාදේශ් ටෙස්ට්ස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 27 පෙබරවාරි 2017.
  9. 9.0 9.1 "කුසල් පෙරේරා, තිසර රිටර්න් ටු ශ්‍රී ලංකා ඔඩීඅයි ස්කවඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 17 මාර්තු 2017.
  10. "ටමීම් 82 සීල්ස් බංග්ලාදේශ් ලෑන්ඩ් මාර්ක් වින් ඉන් 100ත් ටෙස්ට්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 19 මාර්තු 2017.
  11. "සික්ස්ටීන් ඉයර්ස්, 18 ට්‍රයිස්, වන් වින්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 19 මාර්තු 2017.
  12. "බංග්ලාදේශ් කැප්ස් 100ත් ටෙස්ට් විත් ලෑන්ඩ්මාර්ක් ෆෝ-විකට් වින්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 19 මාර්තු 2017.
  13. "ගුණරත්න, දික්වැල්ල නේම්ඩ් ඉන් ටෙස්ට් ස්ක්වඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2017.
  14. "මුෂ්ටෆීසිර් රිටර්න්ස් ෆො ශ්‍රී ලංකා ටෙස්ට්ස්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 21 පෙබරවාරි 2017.
  15. "සන්සිමුල්, ෂිවගාටා කෝල්ඩ් ඉන් ටු බංග්ලාදේශ් ඕඩීඅයි ස්ක්වඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 13 මාර්තු 2017.
  16. "ටමීම් ටන් ලීඩ්ස් බංග්ලාදේශ් ටු 90-රන් වින්". අන්කර්ජාතික ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 25 මාර්තු 2017.
  17. "ටමීම්ස් හයිස්, ඇන්ඩ් අ ෆර්ස්ට් ෆො බංග්ලාදේශ්". ඊඑස්පීන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 25 මාර්තු 2017.
  18. 18.0 18.1 18.2 "රේන් ත්වාර්ට්ස් ශ්‍රී ලංකාම් චාන්සර්ස් ආෆ්ටර් මෙන්ඩිස් ටන්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 28 මාර්තු 2017.