2015 දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය
| දිනය | 30 නොවැම්බර් 2015– 12 දෙසැම්බර් 2015 |
|---|---|
| පිහිටුම | ප්‍රංශයෙහි, පැරිස් නුවර නගරෝපාන්තයෙහි පිහිටි ල බූෂේ |
| Also known as | COP21 (UNFCCC) CMP11 (කියොතෝ මූලලේඛය) |
| සහභාගිවන්නන් | UNFCCC සඳහා පාර්ශව |
| පූර්ව සිදුවීම | ← ලීමා 2014 |
| මීලඟ සිදුවීම | මැරකෑෂ් 2016 → |
2015 දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය, COP 21 හෝ CMP 11, 2015 වසරෙහි නොවැම්බර් 30 දින සිට දෙසැම්බර් 30 දින දක්වා ප්‍රංශයෙහි පැරිස් නුවර පැවැත්විණි. [1] එය වනාහී 1992 දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව (UNFCCC) සඳහා පාර්ශවකරුවන්ගේ සම්මේලනයෙහි (COP) 21වන වාර්ෂික සැසිය සහ 1997 කියොතෝ මූලලේඛය සඳහා පාර්ශවකරුවන්ගේ රැස්වීමෙහි (CMP) 11වන සැසිය විය.[2]
සම්මේලනය තුල, දේශගුණ විපර්යාසය අඩු කරලීම සඳහා වූ ගෝලීය සම්මුතියක්වූ පැරිස් ගිවිසුම කතිකා කරගන්නා ලද අතර සහභාගිවූ පාර්ශව 196 හි නියෝජිතයන්ගේ සම්මුතිය එහි අන්තර්ගතය තුල පිළිබිඹු විය.[3] ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් අඩුම වශයෙන් සියයට 55ක ප්‍රතිශතයකට වගකියන රටවල් අවම වශයෙන් 55ක් වෙතින් සම්බන්ධවූ විට මෙම සම්මුතිය බලාත්මක කිරීමට නියමිතව තිබුණු අතර,[4][5][6] මෙම ඉලක්කය 2016 නොවැම්බර් 4 දිනදී සාක්ෂාත් කෙරිණි. [7] 2016 වසරෙහි අප්‍රේල් 22 දිනදී (මිහිතල දිනය), නිව්යෝර්ක් නගරයෙහිදී රටවල් 174ක් ගිවිසුමට අත්සන් තබා,[8] ඔවුන්ගේ අධිකරණ පද්ධතීන් තුල පිළිගැනීම ඇරඹූහ ( අපරානුමත කිරිම, පිළිගැනීම, අනුමැතිය, හෝ ආබද්ධය තුලින්).
2015 ඔක්තොම්බර් 19 දින සිට 23 දින දක්වා පැවති හා කෙටුම්පත් සම්මුතියක් නිපැයූ බොන් දේශගුණ විපර්යාස සම්මේලනය ඇතුළුව රැස්වීම් කිහිපයක්, COP21 සඳහා සූදානම් වීමට පැවැත්විණි.[9]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ ජෙප්සන්, හෙන්රික්; et al. (2021). නෙගෝෂියේටිං ද පැරිස් එග්‍රීමන්ට්: ද ඉන්සයිඩර් ස්ටෝරීස්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 9781108886246. 2022-12-10 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-12-10.
- ^ "19ත් ෂෙසන් ඔෆ් ද පාර්ටීස් ටු දි UNFCCC". තිරසාර සංවර්ධනය සඳහා ජාත්‍යන්තර ආයතනය. 13 පෙබරවාරි 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2013.
- ^ සටර්, ජෝන් ඩී.; බර්ලින්ගර්, ජොෂුවා (12 දෙසැම්බර් 2015). "ෆයිනල් ඩ්‍රාෆ්ට් ඔෆ් ක්ලයිමෙට් ඩීල් ෆෝමලි ඇක්සෙප්ටඩ් ඉන් පැරිස්". සීඑන්එන්. කේබල් නිවුස් නෙට්වර්ක්, ටර්නර් බ්‍රෝඩ්කාස්ටිං සිස්ටම්, සංස්ථාපිත. 12 දෙසැම්බර් 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2015.
- ^ "ඇඩොප්ෂන් ඔෆ් ද පැරිස් එග්‍රීමන්ට් – බයි ද ප්‍රසිඩන්ට් – ඩ්‍රාෆ්ට් ඩිෂිසන් -/CP.21" (PDF). UNFCCC. 12 දෙසැම්බර් 2015. 12 දෙසැම්බර් 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2015.
- ^ දි එඩිටෝරියල් බෝඩ් (28 නොවැම්බර් 2015). "වට් ද පැරිස් ක්ලයිමෙට් මීටිං මස්ට් ඩූ". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2015/11/29/opinion/sunday/what-the-paris-climate-meeting-must-do.html.
- ^ බොරෙන්ස්ටයින්, සෙත් (29 නොවැම්බර් 2015). "අර්ත් ඊස් අ වයිල්ඩර්, වෝමර් ප්ලේස් සින්ස් ලාස්ට් ක්ලයිමෙට් ඩීල් මේඩ්". http://apnews.excite.com/article/20151129/eu-climate-countdown-since-1997-edf9d62e51.html.
- ^ යීයෝ, සොෆී (6 ඔක්තොම්බර් 2016). "එක්ස්ප්ලේනර්: පැරිස් එග්‍රීමන්ට් ඔන් ක්ලයිමෙට් චේන්ජ් ටු 'එන්ටර් ඉන්ටු ෆෝර්ස්'". කාබන් බ්‍රීෆ් (ඉංග්‍රීසි බසින්). 2021-05-08 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 මැයි 2021.
- ^ පැමෙලා ෆෝක් (22 අප්‍රේල් 2016). "යූ.එස්. ජොයින්ස් 174 නේෂන්ස් ටු සයින් හාඩ්-වොන් ක්ලයිමෙට් පැක්ට්". CBSNEWS. 26 ඔක්තොම්බර් 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2016.
- ^ "බොන් ක්ලයිමෙට් චේන්ජ් කොන්ෆරන්ස්". දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව. ඔක්තොම්බර් 2015. 23 ජනවාරි 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2015.