1906 සිට 1914 කාල වකවානුව - සිනමා ඉතිහාසය

විකිපීඩියා වෙතින්

1906 සිට 1914 කාලවකවානුව - සිනමා ඉතිහාසය සජීවීකරණය භාවිතය[සංස්කරණය]

තනි රූපරාමුවක සජීවිකරණය පළමු වරට භාවිතා වුයේ 1907 දී එඞ්වින් .එස් . පෝටර් ගේ ‘ද ටෙඩි බෙයාර්ස් ’ සහ ජේ. සුටුවර්ට් බැලැක්ටන්ගේ ‘වර්ක් මේඞ් ඊස් ’ යන සිනමා පටවලය. පසුව ටික කලක් ඇතුළත යුරෝපය තුළ මෙම ක‍්‍රමවේදය ව්‍යාප්ත විය. ‘පාතේ සමාගම අනුරු භාවිතයෙන් සජීවීකරණ කටයුතු කිරීමට සමත් විය. මෙම සජීවීකරණ කටයුතු ඔවුන් 1908 දී නිපද වූ ‘ස්කොල්ප්චර් මොඩර්න් ’ නම් චිත‍්‍රපටයේ දැක ගත හැකිවිය. ප්‍රංශයේ භාවිතා වූ සිතුවම් ආශ‍්‍රයෙන් නිර්මාණය කළ සජීවිකරණයන් ‘ෆැන්ටස්මැගෝර් ’ නම් චිත‍්‍රපටයේද තවත් චිත‍්‍රපට රාශියකද දැක ගත හැක. ඇමරිකා එක්සත් ජනපදයේ සජීවීකරණයන් මඩාත් ප‍්‍රචලිත වූයේ කාටුන් චිත‍්‍ර ශිල්පියකු වූ ‘වින්සර් මැක්කේ ’ විසින් භාවිතා කළ සජීවීකරණ සිතුවම් නිසාය.


1895 සිට 1906 දක්වා සිනමා කර්මාන්තය[සංස්කරණය]

1896 වන විට එවකට භාවිතයට ගැනුණු කයිනෙටොස්කෝපය අභාවයට යමින් පැවති අතර විශාල පිරිසකට එකට සිට චිත‍්‍රපට නැරඹිය හැකි ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක (ප්‍රොජෙක්ටරයක්) අවශ්‍යතාව මතුවිය. ඒ අනුව එඞ්සන් ආයතනය ආර්මට් සහ ජෙන්කින්ස් විසින් නිපදවන ලද ප්‍රොජෙක්ටර් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කළේය. එය මුලදී ‘ෆැන්ටස්කෝප් ’ ලෙස හැඳින්වූ අතර පසුව ‘විටාස්කෝප්’ ලෙස නම් කරන ලදී මෙම හඳුන්වා දීමත් සමඟ විවිධ වර්ගයේ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර නිපදවූ අතර ඒවා මිලිමීටර් 480 චිත‍්‍රපට පෙන්වීම සඳහා සැකසු ඒවා විය. ඇමරිකා එක්සත් ජනපදයේ වූ ‘ඇමෙරිකන් මියුටස්කොප් ’ නම් සමාගම වඩා සාර්ථක ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර වර්ගයක් නිපදවීම කටයුතු කළ අතර එය හැඳින්වූයේ ‘මියුටස්කෝපය’ යන නමිනි. මෙය මිලිමීටර් 70 චිත‍්‍රපට පෙන්වීම සඳහා නිපදවා තිබිණ. මීට අමතරව එම ආයතනය මඟින්ම ‘බයෝ ග‍්‍රාෆ් ’ නම් තවත් ප‍්‍රජෙක්ටර් වර්ගයක් නිපදවුණු අතර එය පොසිටිව් පට භාවිතයෙන් සිනමා පටය ප‍්‍රදර්ශණයේලා සමත් එකක් විය. ප‍්‍රංශයේ ‘ලූම්රේ ’ ආයතනය 1896 - 1906 කාලවකවානුවේ ලෝකය පුරා මහත් ප‍්‍රසිද්ධයක් ඉසිලූ සිනමා ආයතනයකි. එමඟින් ලොව පුරා ඕනෑම රටකට කැමරා ශිල්පීන්, කැමරා උපකරණ සැපයීම, සිනමා පිටපත් කිරිමේ කටයුතු ආදී සේවාවන් සිදු කෙරිණ. 1898 වන විට ප‍්‍රංශයේ සිටි වඩාත් විශාල වෘතන්ත චිත‍්‍රපට සංඛ්‍යාවන් නිෂ්පාදනය කළ නිෂ්පාදනකයා වුයේ ජෝර්ජස් මිලීස්ය. ලෝකයේ දිගු චිත‍්‍රපට නිපදවීමේ පුරෝගාමියා මොහුය. එවකට නිපදවනු මිනිත්තුවක ධාවන කාලයක් ඇති චිත‍්‍රපට වෙනුවට ඊට වැනි ධාවන කාලයක් ඇති චිත‍්‍රපට නිපදවීමේ පුරෝගාමීයා මොහුය. එවකට නිපදවුනු මිනිත්තුවක ධාවන කාලයක් ඇති චිත‍්‍රපට වෙනුවට ඊට වැඩි ධාවන කාලයක් ඇති චිත‍්‍රපට නිපදවීම ඊට හේතුවිය. 1900 දී චාර්ල්ස් පාතේ චිත‍්‍රපට නිෂ්පාදනයට පිවිසියේ ‘පාතේ ෆි‍්‍රයර්ස් ’ නම් වෙළඳ නාමයන් සමඟය. 1905 වන විට ලෝකයේ විශාලතම චිත‍්‍රපට නිෂ්පාදන සමාගම බවට ආයතනය පත්විය. එංගල්න්තය පුරාද චිත‍්‍රපට නිෂ්පාදකයන් රැසක් බිහි වූ අතර සෙයිල් හෙප්වර්ක් ඒ ලා ප‍්‍රකටම අයෙකි. ඔහුගේ ආයතනය වසරක චිත‍්‍රපට 100 නිෂ්පාදනය කිරීමට සමත් විය.


1895 සිට 1906 කාලවකවානුව තුළ භාවිත වූ සිනමා තාක්‍ෂණය[සංස්කරණය]

මූල් වකවනු වල සිනමා කැමරාව බොහෝ විට ත‍්‍රිපාදකයන් වන සවිකර චලන වලින් තොර රූප රාමු පටිගත කිරීම සඳහා භාවිතා වු නමුත් කැමරා චලන අවශ්‍ය වූ අවස්ථාවලදී ඒ සඳහා වාහනයක් භාවිතා කරන ලදී. මෙවැනි චලන භාවිත වූ අවස්ථාවන් සිනමා ඉතිහාසයේ ප‍්‍රථමයෙන් සඳහන් වනුයේ ‘ලූමිර් ’ කැමරා ශිල්පියකු විසින් 1896 දී කැමරා ගතකළ දුම්රියක් ජෙරුසලමෙන් පිටත් වීමේ ජවනිකාවේදී සහ 1898 දී විවිධ සිනමා පට සඳහා කැමරාගත කළ චලනය වන දුම්රියන්ගේ ජවනිකාවන්හිදීය. 1897 දී රොඩට් ඩබ්ලිව් පෝල් විසින් ප‍්‍රථම වරට ති‍්‍රපාදකයන් වන භ‍්‍රමණ වන කැමරා රඳවනයක් භාවිතා කර රූපගත කිරීම් කරන ලදී. මෙය භාවිතයෙන් වික්ටෝරියා මහ රැජිණයේ රිදි ජුබ්ලි උත්සව තුළදී සංස්කරණයෙන් තොරව එකම දර්ශණයක් ලෙස සියළු අවස්ථාවන් රූපගත කරන ලදී. චිත‍්‍රපට චිත‍්‍රාගාර බිහිවීම ඇරඹුණේ 1897 බිහි වූ ජෝර්ජස් මිලීස්ගේ චිත‍්‍රාගාරයේ සමඟය. මෙහි වීදුරු වහලක්ද වීදුරු බිත්ති තුනක්ද අන්තර්ගත විය. මෙම අන්තර්ගතය භාවිතයෙන් හෙවණැලි රහිත ආලෝකකරණය කිරීම් කරගැනිම පහසු වූ අතර ස්වභාවික හිරුඑලිය ද ආලෝකකරණය සඳහා භාවිතා විය.


1895 සිට 1906 දක්වා කාල වකවානුවේ සිනමා ප‍්‍රදර්ශණය[සංස්කරණය]

මූල් කාලයේ චිත‍්‍රපට ප‍්‍රදර්ශණය කෙරුණේ වෙනත් උත්සව අතරතුර විශේෂ අවස්ථාවක වලදී පමණි. පසුව විවිධ තැන්හි ගොඩනඟන ලද ශාලා තුළද ජංගම ප‍්‍රදර්ශණ කුටි තුළඳ චිත‍්‍රපට ප‍්‍රදර්ශණයට කටයුතු සැලසිණ. මෙසේ චිත‍්‍රපට ප‍්‍රදර්ශකයක් ලෙස වෙනම වෘත්තිකයන් පිරිසක් බිහි වූ අතර චිත‍්‍රපට නිෂ්පාදකයින් විසින් ඔවුනට ප‍්‍රදර්ශණය වෙනුවෙන් දීමනාවක් ගෙවනු ලැබීය. ඇමරිකා එක්සත් ජනපදයේ දී නෙගට්ව් පටයේ අඩියක් සඳහා ශත 15 ද බි‍්‍රතාන්‍යයේදී අඩියක් සඳහා සිලිං එකක් ගෙවනු ලැබීය. හස්ත වර්ණගත චිත‍්‍රපට සඳහා මෙම අගයන් දෙගුණයක් හෝ තෙගුණයක් විය. හස්ත වර්ණගත චිත‍්‍රපට යනු එඞ්සන්ගේ කයිනෙටස්කෝපය භාවිතයෙන් ප‍්‍රදර්ශණය කරන ලද අනිත් වර්ණගන්වන ලද චිත‍්‍රපටය. ඇමරිකානු මියුටස්කෝප්, බයෝග‍්‍රාෆ් වැනි සමාගම තම චිත‍්‍රපට ප‍්‍රදර්ශණය තමන් විසින්ම සිදුකරන ලද අතර කිසිවෙකුට ඒවා ප‍්‍රදර්ශණය සඳහා අයිතියක් ලබා නොදෙන ලදී. ලොව ප‍්‍රථම සිනමා ශාලාව වනුයේ පීටර්බර්ග් හි 1905 දී ගොඩනැගු ‘ද නිකලොඞ්යොන් ’ ශාලාවයි. මෙහි එක් වරක් දී මිනිත්තු කීපයක ධාවන කාලයක් සහිත චිත‍්‍රපට කිපයක් පැය එක හමාරක් කාලයක් පුරා ප‍්‍රදර්ශණය කළ අතර සතියක් පාසා එම චිත‍්‍රපට පෙළ වෙනස් කරනු ලැබීය. එතැන් පටන් මෙම ක‍්‍රමය අනුගමනය කළ බොහෝ ප‍්‍රදර්ශකයක් අතින් සිනමා ශාලා විශාල වශයෙන් ලොව බොහෝ රටවල ගොඩනැගෙන්නට විය.


1895 සිට 1906 කාලවකවානුව තුළ භාවිතා වූ සිනමා ප‍්‍රයෝග[සංස්කරණය]

ඞ්සන් ආයතනය මඟින් නිපදවන ලද ‘ ද එක්සිකියුෂන් ඔෆ් මේරි, ක්වීන් ඔෆ් ස්කොට්ස් ’ නම් මිනිත්තුවක ධාවන කාලයක් සහිත චිත‍්‍රපටයේ රැජිණගේ හිස් ගසා දැමීමේ අවස්ථාවක් දැක්වේ . මෙහිදී විශේෂ ප‍්‍රයෝග අවශ්‍ය වූ අතර ඒ සඳහා කරන ලද්දේ පළමුව නළුවා දංගෙඩිය මත හිස තබා සිටින අවස්ථාව රූගත කර පසුව කැමරාව මදකට ක‍්‍රියා විරහිත කොට හිස රහිතව සකස් කරන ලද අනුරුවක් දං ගෙඩිය අසල තබා නැවත කැමරාව කි‍්‍රයාත්මක කොට රූගත කිරීමයි. සංස්කරණයේදී අවස්ථා දෙක එක් කරන ලද විට පේ‍්‍රක්‍ෂයාට විශ්වාසනිය අයුරින් දර්ශණය නිම වී තිබිණ. ජෝර්ජස් මිලීස් විසින් නිපදවන ලද ‘ද වැන්ෂින්ග් ලේඞ්’ නම් චිත‍්‍රපටය තුළ ද පෙර සඳහන් කරන ලද ලෙසම විශේෂ ප‍්‍රයෝග භාවිත වූයේ එහි කාන්තාවක් අතුරුදහන් වීමේ අවස්ථාවක් රූගත කිරීමට සිදු වූ නිසාය. ජී.ඒ. සමිත් විසින්ද විශේෂ ප‍්‍රයෝග තම සිනමා පට වලදී භාවිතා කරන ලද ඔහු භාවිත කළේ එකම නෙගටිව් පටය තුළ අවස්ථා දෙකකදී රූගත කරන ක‍්‍රමයකි. එනම් ඔහුගේ ‘ද කෝසිකන් බ‍්‍රදර්ස් ’ නම් සිනමා ලද්දේ මෙම ක‍්‍රමය භාවිතයෙන් නෙගට්වි පටය දෙවරක් නිරාවරණය කිරීම මඟිනි. මෙසේ එක දර්ශණයක් මත තවත් දර්ශණයක් රූගත කිරීම මඟින් විශේෂ ප‍්‍රයෝග උපදවා ගැනීම පසුව වඩා ජනප‍්‍රය වූ අතර ජෝර්ජස් මිලීස් ‘ද කේවි ඔෆ් ද ඞීමන්ස් ’, ‘ද ට‍්‍රබල්සම් හෙඞ්ස් ’ යන චිත‍්‍රපට සඳහා මෙම ක‍්‍රමය භාවිතා කළේය.

1895 සිට 1906 කාලවකවානුව සිනමා ඉතිහාසය වෙනත් විශේෂ ප‍්‍රයෝග[සංස්කරණය]

ජී.ඒ. සමිත් විසින් ගොඩනැගු තවත් විශේෂ ප‍්‍රයෝගයක් වුයේ ක‍්‍රියාව විරුද්ධ පසට ගෙනයාමේ ක‍්‍රමයකි. ඔහු මෙය සිදු කළේ එකම ජවනිකාව නැවත වරක් කැමරාව උඩ යට මාරුකොට රුගත කර පසුව එම නෙගට්ව් පටය පළමු පටයට සම්බන්ධ කිරීම මඟිනි. ‘මිප්ස් ටොප්ස් ටර්වි’ සහ ‘ද ඕක්වර්ඞ් සයික් පේන්ටර් ’ නම් චිත‍්‍රපට වල මෙම ක‍්‍රමය භාවිත විය. 1900 ට පෙර නිපදවන ලද ස්මිතිගේ ‘ද හවුස් දැට් ජැක් බිල්ට්’ නම් චිත‍්‍රපටයේද මෙවැනිම ජවනිකා අනතර්ගතය. සෙසිල් හෙප්වර්ත් මෙම ක‍්‍රමය තවදුරටත් වැඩිදියුණු කොට භාවිතා කළ අතර ඔහු කළේ නෙගටිව් පටය ඉදිරිපස චලන සහ පිටුපස චලන ලෙෂ කොටසින් කොටස් පිටපත් කිරීම මඟින් මෙය සිදු කිරීමයි. ඔහු මේ සඳහා විශේෂිත පිටපත් කිරීමේ උපකරණයක් නිපදවුයේය. මෙය ‘ප්‍රොජෙක්ෂන් පි‍්‍රන්ටර් ’ ලෙසද ‘ඔප්ට්කල් පි‍්‍රන්ටර්ස් ’ ලෙස ද හැඳින්විණි. 1900 දී හෙප්වර්ත් ‘ද බේදර්ස් ’ නම් චිත‍්‍රපටය නිපදවුයේ මෙම යන්ත‍්‍රය භාවිතයෙනි. 1900 වකවානුවේ දී විවිධ කැමරා ද්වාර වේගද භාවිතා වුයේය. රොබට් පෝල්ගේ ‘ඔන් අ රන් අවේ මෝටර් කාර් තෘ පිකාඩිලි සර්කස් ’ නම් චිත‍්‍රපටයේ මෙය භාවිතා විය. එහිදී කැමරා ද්වාර සෙමින් චලනය වූ අතර තත්පරයට රූපරාමු 16ක ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයකින් එය ප‍්‍රදර්ශණය කිරීමේ දී වඩා වැඩි වේගයකින් රූප රාමු චලනය වන බව පෙනිණ. සෙසිල් හෙප්වර්ත් මෙයට විරුද්ධ ප‍්‍රයෝග එනම් රූපරාමු චලනය සෙමින් සිදුවීමේ ක‍්‍රමය සොයාගත් අතර එය ඔහුගේ ‘ද ඉන්දියන් චෙෆ් ඇන්ඩි ද සීඞ්ලට්ස් පවුඩර් ’ නම් සිනමා පටයේ දී භාවිතා කළේය. අද භාවිතවන ‘ස්ලෝ මෝෂන් ’ නැතිනම් අඩු චලන ප‍්‍රයෝග ආරම්භ වුයේ මෙසේය.


1895 සිට 1906 කාල වකවානුව - වෘතාන්ත චිත‍්‍රපට නිෂ්පාදනය[සංස්කරණය]

ප‍්‍රථම වරට එක් රූප රාමුවකට වඩා වැඩි රූප රාමු සංඛ්‍යාවක් සහිතව නිපදවූ චිත‍්‍රපට වුයේ කි‍්‍රස්තුස් වහන්සේගේ ජීවීතය අළලා එවකට නිපදවූ චිත‍්‍රපටයන්ය. මින් පළමුවැන්න 1897 දී නිපදවීය. මෙම චිත‍්‍රපට එක දිගට නොකඩවා පෙන්වූ එවා නොවන අතර දේශන, ගීතිකාවන් ආදිය අතර තුරදී විටින් විට දර්ශණය ප‍්‍රදර්ශණය කරන ලදී. 1897 දී ජොර්ජස් මිලීස් විසින් ග‍්‍රීසිය සහ තුර්කිය අතර පැවති සංග‍්‍රාමය අළලා නිපදවූ චිත‍්‍රපටය ද මෙවැනිම රූපරාමු රුසක් සහිත විය. 1899 දී ඔහු විසින් නිපද වූ බහුරුපරාමු චිත‍්‍රපට වඩාත් දිගු ධාවන කාලයක් සහිත ඒවා විය. මිලීස් නිපදවූ ‘සින්ඩෙරල්ලා’ චිත‍්‍රපටයේ සිට ඔහු සංස්කරණයේදී රූපරාමුවෙන් රාමුවට මාරුවීමේදී දියවී යැමේ ප‍්‍රයෝගයක් භාවිතා කළේය. නමුත් මින් කතා සන්දර්භයට හානි පැමිණුනු අතර පේක්‍ෂකයා හට කතාන්තරය තේරුම් ගැනීමේ අපහසුතා මතුවිය.


චිත‍්‍රපට අඛණ්ඩතාවය නම් ක‍්‍රමයේ බිහිවීම[සංස්කරණය]

අදවන විට චිත‍්‍රපටයක රූපරාමු අතර ශබ්දය අතර කාලය අතර පවතින අඛණ්ඩතාවය සිනමාවේ අනවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. 1902 වකවානුවේදී දිගු වෘතාන්ත චිත‍්‍රපට නිපදවීමට යොමුවූ එඞ්වින් එස්. පෝටර් ඔහුගේ සෑම චිත‍්‍රපට රුපරාමුවක් අතරම දිය වී යැමේ ක‍්‍රමවේදයන් භාවිතා කළේය. එනම් එක් රුපරාමුවක් ක‍්‍රමයෙන් සෙමින් අතුරුදන් වන අතර අනෙක් රූපරාමුව ඒ සමඟම ක‍්‍රමයෙන් සෙමින් මතු වී එයි. ජෝර්ජස් මිලිස් සහ ‘පාතේ සමාගමද මෙම ක‍්‍රමවේදයම භාවිතා කළහ. 1902 දී නිපදවුණු ජොර්ජස් මිලීස්ගේ ‘අට්‍්‍රස් ටූ ද මුත් ’ නම් දිගු චිත‍්‍රපටය ලැබු ජනපි‍්‍රයතාවය සමඟම තව තවත් දිගු චිත‍්‍රපට බිහි වූ අතර මේවායේ එකිනෙකට වෙනස් රූප රාමු රැුසක් එකට බද්ධ වී තිබිණ. උදාහරණයක් ලෙස ජේමිස් විලියම්සන්ගේ ‘ස්ටොප් තීෆ් ’ නම් චිත‍්‍රපටයෙ මස් වෙළෙන්දෙක්ගෙ න් මස් කැබැල්ලක් සොරාගැනීම, ඔහු සහ බල්ලන් පිරිසක් සොරා පසු පස හඹා යාම, සොරා බල්ලන්ට හසුවීම ලෙස රූප රාමු තුනක් විය. මෙම අවධියේ නිපදවුණු බොහෝ චිත‍්‍රපට මෙසේ එකෙක් පසු පස අනෙක ලූහුබැඳ යාමක් දැක්වෙන චිත‍්‍රපට වූ නිසා ඒවා ‘චේස් ’ චිත‍්‍රපට ලෙස හැඳින්විණ. 1963 වකවානුව තුළදී ද ‘චේස් ’ චිත‍්‍රපට රුසක් බිහිවූ අතර ‘ ද පික්පොකට් ’, ‘ඩෙයාර්න්ග් ඬේලයිට් ’ , ‘ඩෙස්පරේට් පෝචින්ග් අෆ්රේ ’ මෙවැනි චිත‍්‍රපට විය. මෙම වකවානුවේ බිහි වූ ‘ද ගේ‍්‍රට් ටේ‍්‍රන් රොබරි ’ නමැති චිත‍්‍රපටයේ වූ කාලය අතර අඛණ්ඩතාවය වඩා කතාබහට ලක් විය. මෙසේ විවිධ පර්යේෂණ හරහා විවිධ සිනමාකරුවන් විසින් වඩා උචිත අඛණ්ඩතා විධික‍්‍රම සිනමාවට හඳුන්වාදෙනු ලැබීය.

ශබ්දය භාවිතය[සංස්කරණය]

සිනමාවට කථා නාද චිත‍්‍රපට එක්වීමත් සමඟ සිනමාව තුළ විවිධ වෙනස්කම් සිදුවූ අතර ඊට පෙර සිටි සමහර නිහඬ චිත‍්‍රපට නිර්මාණ කරුවන් හට මේ වෙනස්කම් වලට අනුගත වීමට අසීරු වීම නිසා ඔවුන් නිර්මාණකරණයෙන් බැහැර විය. 1920 දශකය තුළ බිහිවූ ‘චයිනාටවුන් නයිට්ස්’ සහ ‘ද මෑන් අයි ලව්’ චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කළ විලියම් වෙල්මන්ද ‘ඇප්ලෝස්’ අධ්‍යක්‍ෂක රූබන් මැචුලියන් ද ‘බ්ලැක්මේල් ’ අධ්‍යක්‍ෂණය කළ ඇල්ෆි‍්‍රඞ් හිච්කොක් ද කථා නාද සිනමාවේ පුරෝගාමීන් විය. මේ කාලවකවනුවේ සිට චිත‍්‍රපට ශබ්ද පටිගත කිරීමේ තාක්‍ෂණය ද වෙනම ක්ෂේත‍්‍රයක් ලෙස වර්ධනය විය. සංගීතමය චිත‍්‍රපට බිහිවීමේ ආරම්භය ද කතානාද චිත‍්‍රපට නිපදවීමත් සමඟම ඇරඹිණ. 1929 දී තිරගත වූ ‘ද බ්‍රෝඩිමේ මෙලඩි’ නම් හොලිවුඞ් චිත‍්‍රපට බිහිකිරීමේලා පුරෝගමියා ලෙස සැලකෙන්නේ ‘ෆෝට් සෙකන්ඞ් ස්ටී‍්‍රම්’ සහ 'ඩේමිස් ’ වැනි චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා වූ බස්බ් බර්කේලීය, ප‍්‍රංශය තුළ ද සංගිතමය චිත‍්‍රපට බිහි වූ අතර රේන් ක්ලෙයාර් විසින් නිපදවන ලද ‘අන්ඩර් ද රූෆ් ඔෆ් පැරිස් ’ සහ ‘ලා මිලියන් ’ නම් චිත‍්‍රපට එහි ලා ප‍්‍රමුඛ තැනක් ගනී. ඉන්දියානු සිනමාව මෙම වර්ගයේ සංගීතමය චිත‍්‍රපට නිපදවීම අතින් වඩාත් ප‍්‍රකටය. අදටද ඉන්දියාවේ නිපදවන බහුතරයක් ජනප‍්‍රිය චිත‍්‍රපට සංගීතමය චිත‍්‍රපටයන්ය. කතානාද චිත‍්‍රපට බිහිවීමෙන් සමඟම ලෝක සිනමාව ජනයා අතර වඩාත් ජනප‍්‍රිය කලා මාධ්‍යයක් බවට පත් විය. නමුත් කතානාද චිත‍්‍රපට අතර සමහරක් චිත‍්‍රපට වඩාත් උචිත දෙබස් පමණක් භාවිතා කළ අතර සමහරක් චිත‍්‍රපට ඊට වෙනස් අනුචිත දෙබස්ද භාවිතා කරනු දක්නට ලැබිණ.