1895 සිට 1906 දක්වා සිනමා ඉතිහාසය - වෙනත් විශේෂිත ශිල්ප ක්‍රම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

G.A. Smith ආරම්භ කළ අනෙක් විශේෂිත ශිල්ප ක්‍රමය වනුයේ ආපසු චලිතයයි. (Reverse Motion) එකම ක්‍රියාව නැවතත් දෙවැනි වරටත් සිදු කරන අතරම එම ක්‍රියාව යටිකුරු කැමරාවක් මඟින් චිත්‍රපටයට නඟමින් හා දෙවැනි විරුද්ධ දෙයෙහි අග කොටස මුලට සම්බන්ධ කරමින් ඔහු මෙය සිදු කළේය. මෙම උපාංගය යොදා ගනිමින් නිපදවූ මුල්ම චිත්‍රපටය වන්නේ “ ටිප්සි”, “ටොප්සි”, “ටර්වේ” සහ “ද එවේකන්ඩ් සයින් පේන්ටර්”ය. එවේකන්ඩ් සයින් පේන්ටර්හි පෙන්වනු ලැබුවේ සළකුණු සිත්තරෙක් සළකුණක් අක්ෂරය කිරීම, ආපසු මුද්‍රණය කරනු ලබන එම සළකුණ ප්‍රමිත මුද්‍රණයටම යාවීම හා සළකුණේ චිත්‍රය සිත්තරාගේ පින්සලෙහි අතුරුදහන් වීමයි. මෙම ශිල්ප ක්‍රමයෙහි කලින්ම ඇතිවූ පැවැත්මේ උදාහරණය වනුයේ 1900, සැප්තැම්බරයට කලින් නිපදවූ ස්මිත්ගේ “ජැක් ගොඩනැඟූ නිවසයි”. මෙහිදී පෙන්වනු ලැබූවේ කුඩා පිරිමි ළමයෙක්, කුඩා ගැහැණු ළමයෙකු බිල්ඩින් බ්ලොක්ස් යොදා ගෙන ගොඩනැඟූ මන්දිරයකට තට්ටු කරන ආකාරයයි. “ආපසු” යැයි සඳහන් කරමින් මාතෘකාව දිස්වී අනෙක් අතට ක්‍රියාව නැවත සිදු කර එම හේතුවෙන් මන්දිරය ඔහුගේ ප්‍රහාරය යටතේ නැවත ඍජු වේ.

ඉදිරියට චලිත වීමේ ප්‍රතිවිරුද්ධ රාමුවෙන් රාමුව ආපසු මුද්‍රණය කිරීම මඟින් “සෙ‍සිල් හෙප්වර්ත්” මෙම ශිල්ප ක්‍රමය වැඩිදුර ගෙනයන ලදී. එම නිසා මූලික ක්‍රියාව ආපසු කිරීමේ මුද්‍රණයක් නිපදවීය. මෙය සිදු කිරීම සඳහා ඔහු විසින් විශේෂිත කාච මාර්ගයෙන් එම ප්‍රමාණයේම පින්තූරයක් ලබාදෙන ප්‍රක්ෂේපණයක් කැමරාවෙහි දොරටුවට ප්‍රක්ෂිත විශේෂිත යන්ත්‍රයක් නිපදවන ලදී. මෙම සැකසුම භාවිතයට පැමිණියේ “ප්‍රක්ෂේපණ මුද්‍රණ යන්ත්‍රය” නමින් හා අවසානයෙහි “ප්‍රකාශ මුද්‍රණ යන්ත්‍ර” නමිනි. මේවා යොදා ගනිමින් හෙප් වර්ත් “නාන අය” (The Bathers) නමින් 1900 දී සිනමා පටයක් නිපදවීය. එහි නාන අය ඇඳුම් උනා තබා ජලයට පැමිණීම දිස් වන්නේ ජල උල්පතක් ආපස්සට දිස්වීමක් හා ඇඳුම් මායාවක් ආකාරයෙන් ඔවුන්ගේ සිරුරු දෙසට නැවත පියඹා ඒමයි.

1900 කාලයෙහි වෙනස් ආකාරවල වේගයෙන් යුත් කැමරා භාවිතයට පැමිණියේය. රොබට් පෝල්ගේ “On a run away motor car through” පිකඩලි සර්කස් (1899) නිපදවිම සඳහා කැමරාව ඉතා සෙමින් මාරැ කරන ලදී. එම නිසා සාමාන්‍ය තත්පරයට රාමු 16 කදී ප්‍රක්‍ෂේපණය කරන විට දර්ශණය ඉතා වේගයෙන් ගමන් කරන ආකාරය දිස් විය. සෙසිල් හෙප්වර්ත් මෙහි විරුද්ධ බලපෑම “ද ඉන්දියන් චෙප්” හා “ද සෙඩ්ලිට්ස් පවුඩර්” (1901) සිනමා චිත්‍රපට නිපදවීමට යොදා ගන්නා ලදී. එහිදී රතු ඉන්දියානු නාවිකයින් සිරි සිරි හඬ නඟන උදරයට යොදා ගන්නා ඹෟෂධ ගොඩක් ආහාරයට ගනී. එය උදරය දීර්ඝ ලෙස විශාල වීමට හේතු වේ. ඔහු බැලුමක් ආකාරයෙන් වටේට පැණීම කැමරාව තත්පරයට රාමු 16 කට වඩා වේගවත්ව කරකැවීම මඟින් පෙන්නුම් කරන ලදී. “මන්ද චලිතය” නමින් හඳුන්වනු ලබන්නේ මෙම බලපෑමයි.


1906 සිට 1914 කාලවකවානුව - සිනමා ඉතිහාසය සජීවීකරණය භාවිතය[සංස්කරණය]

තනි රූපරාමුවක සජීවිකරණය පළමු වරට භාවිතා වුයේ 1907 දී එඞ්වින් .එස් . පෝටර් ගේ ‘ද ටෙඩි බෙයාර්ස් ’ සහ ජේ. සුටුවර්ට් බැලැක්ටන්ගේ ‘වර්ක් මේඞ් ඊස් ’ යන සිනමා පටවලය. පසුව ටික කලක් ඇතුළත යුරෝපය තුළ මෙම ක‍්‍රමවේදය ව්‍යාප්ත විය. ‘පාතේ සමාගම අනුරු භාවිතයෙන් සජීවීකරණ කටයුතු කිරීමට සමත් විය. මෙම සජීවීකරණ කටයුතු ඔවුන් 1908 දී නිපද වූ ‘ස්කොල්ප්චර් මොඩර්න් ’ නම් චිත‍්‍රපටයේ දැක ගත හැකිවිය. ප්‍රංශයේ භාවිතා වූ සිතුවම් ආශ‍්‍රයෙන් නිර්මාණය කළ සජීවිකරණයන් ‘ෆැන්ටස්මැගෝර් ’ නම් චිත‍්‍රපටයේද තවත් චිත‍්‍රපට රාශියකද දැක ගත හැක. ඇමරිකා එක්සත් ජනපදයේ සජීවීකරණයන් මඩාත් ප‍්‍රචලිත වූයේ කාටුන් චිත‍්‍ර ශිල්පියකු වූ ‘වින්සර් මැක්කේ ’ විසින් භාවිතා කළ සජීවීකරණ සිතුවම් නිසාය.


1895 සිට 1906 දක්වා සිනමා කර්මාන්තය[සංස්කරණය]

1896 වන විට එවකට භාවිතයට ගැනුණු කයිනෙටොස්කෝපය අභාවයට යමින් පැවති අතර විශාල පිරිසකට එකට සිට චිත‍්‍රපට නැරඹිය හැකි ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයක (ප්‍රොජෙක්ටරයක්) අවශ්‍යතාව මතුවිය. ඒ අනුව එඞ්සන් ආයතනය ආර්මට් සහ ජෙන්කින්ස් විසින් නිපදවන ලද ප්‍රොජෙක්ටර් වර්ගයක් හඳුන්වා දීමට කටයුතු කළේය. එය මුලදී ‘ෆැන්ටස්කෝප් ’ ලෙස හැඳින්වූ අතර පසුව ‘විටාස්කෝප්’ ලෙස නම් කරන ලදී මෙම හඳුන්වා දීමත් සමඟ විවිධ වර්ගයේ ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර නිපදවූ අතර ඒවා මිලිමීටර් 480 චිත‍්‍රපට පෙන්වීම සඳහා සැකසු ඒවා විය. ඇමරිකා එක්සත් ජනපදයේ වූ ‘ඇමෙරිකන් මියුටස්කොප් ’ නම් සමාගම වඩා සාර්ථක ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර වර්ගයක් නිපදවීම කටයුතු කළ අතර එය හැඳින්වූයේ ‘මියුටස්කෝපය’ යන නමිනි. මෙය මිලිමීටර් 70 චිත‍්‍රපට පෙන්වීම සඳහා නිපදවා තිබිණ. මීට අමතරව එම ආයතනය මඟින්ම ‘බයෝ ග‍්‍රාෆ් ’ නම් තවත් ප‍්‍රජෙක්ටර් වර්ගයක් නිපදවුණු අතර එය පොසිටිව් පට භාවිතයෙන් සිනමා පටය ප‍්‍රදර්ශණයේලා සමත් එකක් විය. ප‍්‍රංශයේ ‘ලූම්රේ ’ ආයතනය 1896 - 1906 කාලවකවානුවේ ලෝකය පුරා මහත් ප‍්‍රසිද්ධයක් ඉසිලූ සිනමා ආයතනයකි. එමඟින් ලොව පුරා ඕනෑම රටකට කැමරා ශිල්පීන්, කැමරා උපකරණ සැපයීම, සිනමා පිටපත් කිරිමේ කටයුතු ආදී සේවාවන් සිදු කෙරිණ. 1898 වන විට ප‍්‍රංශයේ සිටි වඩාත් විශාල වෘතන්ත චිත‍්‍රපට සංඛ්‍යාවන් නිෂ්පාදනය කළ නිෂ්පාදනකයා වුයේ ජෝර්ජස් මිලීස්ය. ලෝකයේ දිගු චිත‍්‍රපට නිපදවීමේ පුරෝගාමියා මොහුය. එවකට නිපදවනු මිනිත්තුවක ධාවන කාලයක් ඇති චිත‍්‍රපට වෙනුවට ඊට වැනි ධාවන කාලයක් ඇති චිත‍්‍රපට නිපදවීමේ පුරෝගාමීයා මොහුය. එවකට නිපදවුනු මිනිත්තුවක ධාවන කාලයක් ඇති චිත‍්‍රපට වෙනුවට ඊට වැඩි ධාවන කාලයක් ඇති චිත‍්‍රපට නිපදවීම ඊට හේතුවිය. 1900 දී චාර්ල්ස් පාතේ චිත‍්‍රපට නිෂ්පාදනයට පිවිසියේ ‘පාතේ ෆි‍්‍රයර්ස් ’ නම් වෙළඳ නාමයන් සමඟය. 1905 වන විට ලෝකයේ විශාලතම චිත‍්‍රපට නිෂ්පාදන සමාගම බවට ආයතනය පත්විය. එංගල්න්තය පුරාද චිත‍්‍රපට නිෂ්පාදකයන් රැසක් බිහි වූ අතර සෙයිල් හෙප්වර්ක් ඒ ලා ප‍්‍රකටම අයෙකි. ඔහුගේ ආයතනය වසරක චිත‍්‍රපට 100 නිෂ්පාදනය කිරීමට සමත් විය.


1895 සිට 1906 කාලවකවානුව තුළ භාවිත වූ සිනමා තාක්‍ෂණය[සංස්කරණය]

මූල් වකවනු වල සිනමා කැමරාව බොහෝ විට ත‍්‍රිපාදකයන් වන සවිකර චලන වලින් තොර රූප රාමු පටිගත කිරීම සඳහා භාවිතා වු නමුත් කැමරා චලන අවශ්‍ය වූ අවස්ථාවලදී ඒ සඳහා වාහනයක් භාවිතා කරන ලදී. මෙවැනි චලන භාවිත වූ අවස්ථාවන් සිනමා ඉතිහාසයේ ප‍්‍රථමයෙන් සඳහන් වනුයේ ‘ලූමිර් ’ කැමරා ශිල්පියකු විසින් 1896 දී කැමරා ගතකළ දුම්රියක් ජෙරුසලමෙන් පිටත් වීමේ ජවනිකාවේදී සහ 1898 දී විවිධ සිනමා පට සඳහා කැමරාගත කළ චලනය වන දුම්රියන්ගේ ජවනිකාවන්හිදීය. 1897 දී රොඩට් ඩබ්ලිව් පෝල් විසින් ප‍්‍රථම වරට ති‍්‍රපාදකයන් වන භ‍්‍රමණ වන කැමරා රඳවනයක් භාවිතා කර රූපගත කිරීම් කරන ලදී. මෙය භාවිතයෙන් වික්ටෝරියා මහ රැජිණයේ රිදි ජුබ්ලි උත්සව තුළදී සංස්කරණයෙන් තොරව එකම දර්ශණයක් ලෙස සියළු අවස්ථාවන් රූපගත කරන ලදී. චිත‍්‍රපට චිත‍්‍රාගාර බිහිවීම ඇරඹුණේ 1897 බිහි වූ ජෝර්ජස් මිලීස්ගේ චිත‍්‍රාගාරයේ සමඟය. මෙහි වීදුරු වහලක්ද වීදුරු බිත්ති තුනක්ද අන්තර්ගත විය. මෙම අන්තර්ගතය භාවිතයෙන් හෙවණැලි රහිත ආලෝකකරණය කිරීම් කරගැනිම පහසු වූ අතර ස්වභාවික හිරුඑලිය ද ආලෝකකරණය සඳහා භාවිතා විය.


1895 සිට 1906 දක්වා කාල වකවානුවේ සිනමා ප‍්‍රදර්ශණය[සංස්කරණය]

මූල් කාලයේ චිත‍්‍රපට ප‍්‍රදර්ශණය කෙරුණේ වෙනත් උත්සව අතරතුර විශේෂ අවස්ථාවක වලදී පමණි. පසුව විවිධ තැන්හි ගොඩනඟන ලද ශාලා තුළද ජංගම ප‍්‍රදර්ශණ කුටි තුළඳ චිත‍්‍රපට ප‍්‍රදර්ශණයට කටයුතු සැලසිණ. මෙසේ චිත‍්‍රපට ප‍්‍රදර්ශකයක් ලෙස වෙනම වෘත්තිකයන් පිරිසක් බිහි වූ අතර චිත‍්‍රපට නිෂ්පාදකයින් විසින් ඔවුනට ප‍්‍රදර්ශණය වෙනුවෙන් දීමනාවක් ගෙවනු ලැබීය. ඇමරිකා එක්සත් ජනපදයේ දී නෙගට්ව් පටයේ අඩියක් සඳහා ශත 15 ද බි‍්‍රතාන්‍යයේදී අඩියක් සඳහා සිලිං එකක් ගෙවනු ලැබීය. හස්ත වර්ණගත චිත‍්‍රපට සඳහා මෙම අගයන් දෙගුණයක් හෝ තෙගුණයක් විය. හස්ත වර්ණගත චිත‍්‍රපට යනු එඞ්සන්ගේ කයිනෙටස්කෝපය භාවිතයෙන් ප‍්‍රදර්ශණය කරන ලද අනිත් වර්ණගන්වන ලද චිත‍්‍රපටය. ඇමරිකානු මියුටස්කෝප්, බයෝග‍්‍රාෆ් වැනි සමාගම තම චිත‍්‍රපට ප‍්‍රදර්ශණය තමන් විසින්ම සිදුකරන ලද අතර කිසිවෙකුට ඒවා ප‍්‍රදර්ශණය සඳහා අයිතියක් ලබා නොදෙන ලදී. ලොව ප‍්‍රථම සිනමා ශාලාව වනුයේ පීටර්බර්ග් හි 1905 දී ගොඩනැගු ‘ද නිකලොඞ්යොන් ’ ශාලාවයි. මෙහි එක් වරක් දී මිනිත්තු කීපයක ධාවන කාලයක් සහිත චිත‍්‍රපට කිපයක් පැය එක හමාරක් කාලයක් පුරා ප‍්‍රදර්ශණය කළ අතර සතියක් පාසා එම චිත‍්‍රපට පෙළ වෙනස් කරනු ලැබීය. එතැන් පටන් මෙම ක‍්‍රමය අනුගමනය කළ බොහෝ ප‍්‍රදර්ශකයක් අතින් සිනමා ශාලා විශාල වශයෙන් ලොව බොහෝ රටවල ගොඩනැගෙන්නට විය.


1895 සිට 1906 කාලවකවානුව තුළ භාවිතා වූ සිනමා ප‍්‍රයෝග[සංස්කරණය]

එඞ්සන් ආයතනය මඟින් නිපදවන ලද ‘ ද එක්සිකියුෂන් ඔෆ් මේරි, ක්වීන් ඔෆ් ස්කොට්ස් ’ නම් මිනිත්තුවක ධාවන කාලයක් සහිත චිත‍්‍රපටයේ රැජිණගේ හිස් ගසා දැමීමේ අවස්ථාවක් දැක්වේ . මෙහිදී විශේෂ ප‍්‍රයෝග අවශ්‍ය වූ අතර ඒ සඳහා කරන ලද්දේ පළමුව නළුවා දංගෙඩිය මත හිස තබා සිටින අවස්ථාව රූගත කර පසුව කැමරාව මදකට ක‍්‍රියා විරහිත කොට හිස රහිතව සකස් කරන ලද අනුරුවක් දං ගෙඩිය අසල තබා නැවත කැමරාව කි‍්‍රයාත්මක කොට රූගත කිරීමයි. සංස්කරණයේදී අවස්ථා දෙක එක් කරන ලද විට ප්‍රේක්ෂකයාට විශ්වාසනිය අයුරින් දර්ශණය නිම වී තිබිණ. ජෝර්ජස් මිලීස් විසින් නිපදවන ලද ‘ද වැන්ෂින්ග් ලේඞ්’ නම් චිත‍්‍රපටය තුළ ද පෙර සඳහන් කරන ලද ලෙසම විශේෂ ප‍්‍රයෝග භාවිත වූයේ එහි කාන්තාවක් අතුරුදහන් වීමේ අවස්ථාවක් රූගත කිරීමට සිදු වූ නිසාය. ජී.ඒ. සමිත් විසින්ද විශේෂ ප‍්‍රයෝග තම සිනමා පට වලදී භාවිතා කරන ලද ඔහු භාවිත කළේ එකම නෙගටිව් පටය තුළ අවස්ථා දෙකකදී රූගත කරන ක‍්‍රමයකි. එනම් ඔහුගේ ‘ද කෝසිකන් බ‍්‍රදර්ස් ’ නම් සිනමා ලද්දේ මෙම ක‍්‍රමය භාවිතයෙන් නෙගට්වි පටය දෙවරක් නිරාවරණය කිරීම මඟිනි. මෙසේ එක දර්ශණයක් මත තවත් දර්ශණයක් රූගත කිරීම මඟින් විශේෂ ප‍්‍රයෝග උපදවා ගැනීම පසුව වඩා ජනප‍්‍රය වූ අතර ජෝර්ජස් මිලීස් ‘ද කේවි ඔෆ් ද ඞීමන්ස් ’, ‘ද ට‍්‍රබල්සම් හෙඞ්ස් ’ යන චිත‍්‍රපට සඳහා මෙම ක‍්‍රමය භාවිතා කළේය.


1895 සිට 1906 කාලවකවානුව සිනමා ඉතිහාසය වෙනත් විශේෂ ප‍්‍රයෝග[සංස්කරණය]

ජී.ඒ. සමිත් විසින් ගොඩනැගු තවත් විශේෂ ප‍්‍රයෝගයක් වුයේ ක‍්‍රියාව විරුද්ධ පසට ගෙනයාමේ ක‍්‍රමයකි. ඔහු මෙය සිදු කළේ එකම ජවනිකාව නැවත වරක් කැමරාව උඩ යට මාරුකොට රුගත කර පසුව එම නෙගට්ව් පටය පළමු පටයට සම්බන්ධ කිරීම මඟිනි. ‘මිප්ස් ටොප්ස් ටර්වි’ සහ ‘ද ඕක්වර්ඞ් සයික් පේන්ටර් ’ නම් චිත‍්‍රපට වල මෙම ක‍්‍රමය භාවිත විය. 1900 ට පෙර නිපදවන ලද ස්මිතිගේ ‘ද හවුස් දැට් ජැක් බිල්ට්’ නම් චිත‍්‍රපටයේද මෙවැනිම ජවනිකා අනතර්ගතය. සෙසිල් හෙප්වර්ත් මෙම ක‍්‍රමය තවදුරටත් වැඩිදියුණු කොට භාවිතා කළ අතර ඔහු කළේ නෙගටිව් පටය ඉදිරිපස චලන සහ පිටුපස චලන ලෙෂ කොටසින් කොටස් පිටපත් කිරීම මඟින් මෙය සිදු කිරීමයි. ඔහු මේ සඳහා විශේෂිත පිටපත් කිරීමේ උපකරණයක් නිපදවුයේය. මෙය ‘ප්‍රොජෙක්ෂන් පි‍්‍රන්ටර් ’ ලෙසද ‘ඔප්ට්කල් පි‍්‍රන්ටර්ස් ’ ලෙස ද හැඳින්විණි. 1900 දී හෙප්වර්ත් ‘ද බේදර්ස් ’ නම් චිත‍්‍රපටය නිපදවුයේ මෙම යන්ත‍්‍රය භාවිතයෙනි. 1900 වකවානුවේ දී විවිධ කැමරා ද්වාර වේගද භාවිතා වුයේය. රොබට් පෝල්ගේ ‘ඔන් අ රන් අවේ මෝටර් කාර් තෘ පිකාඩිලි සර්කස් ’ නම් චිත‍්‍රපටයේ මෙය භාවිතා විය. එහිදී කැමරා ද්වාර සෙමින් චලනය වූ අතර තත්පරයට රූපරාමු 16ක ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයකින් එය ප‍්‍රදර්ශණය කිරීමේ දී වඩා වැඩි වේගයකින් රූප රාමු චලනය වන බව පෙනිණ. සෙසිල් හෙප්වර්ත් මෙයට විරුද්ධ ප‍්‍රයෝග එනම් රූපරාමු චලනය සෙමින් සිදුවීමේ ක‍්‍රමය සොයාගත් අතර එය ඔහුගේ ‘ද ඉන්දියන් චෙෆ් ඇන්ඩි ද සීඞ්ලට්ස් පවුඩර් ’ නම් සිනමා පටයේ දී භාවිතා කළේය. අද භාවිතවන ‘ස්ලෝ මෝෂන් ’ නැතිනම් අඩු චලන ප‍්‍රයෝග ආරම්භ වුයේ මෙසේය.


1895 සිට 1906 කාල වකවානුව - වෘතාන්ත චිත‍්‍රපට නිෂ්පාදනය[සංස්කරණය]

ප‍්‍රථම වරට එක් රූප රාමුවකට වඩා වැඩි රූප රාමු සංඛ්‍යාවක් සහිතව නිපදවූ චිත‍්‍රපට වුයේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවීතය අළලා එවකට නිපදවූ චිත්‍රපටයන්ය. මින් පළමුවැන්න 1897 දී නිපදවීය. මෙම චිත‍්‍රපට එක දිගට නොකඩවා පෙන්වූ එවා නොවන අතර දේශන, ගීතිකාවන් ආදිය අතර තුරදී විටින් විට දර්ශණය ප‍්‍රදර්ශණය කරන ලදී. 1897 දී ජොර්ජස් මිලීස් විසින් ග්‍රීසිය සහ තුර්කිය අතර පැවති සංග‍්‍රාමය අළලා නිපදවූ චිත‍්‍රපටය ද මෙවැනිම රූපරාමු රුසක් සහිත විය. 1899 දී ඔහු විසින් නිපද වූ බහුරුපරාමු චිත්‍රපට වඩාත් දිගු ධාවන කාලයක් සහිත ඒවා විය. මිලීස් නිපදවූ ‘සින්ඩෙරල්ලා’ චිත‍්‍රපටයේ සිට ඔහු සංස්කරණයේදී රූපරාමුවෙන් රාමුවට මාරුවීමේදී දියවී යැමේ ප්‍රයෝගයක් භාවිතා කළේය. නමුත් මින් කතා සන්දර්භයට හානි පැමිණුනු අතර පේක්‍ෂකයා හට කතාන්තරය තේරුම් ගැනීමේ අපහසුතා මතුවිය.


චිත‍්‍රපට අඛණ්ඩතාවය නම් ක‍්‍රමයේ බිහිවී[සංස්කරණය]

අදවන විට චිත්‍රපටයක රූපරාමු අතර ශබ්දය අතර කාලය අතර පවතින අඛණ්ඩතාවය සිනමාවේ අනවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. 1902 වකවානුවේදී දිගු වෘතාන්ත චිත‍්‍රපට නිපදවීමට යොමුවූ එඞ්වින් එස්. පෝටර් ඔහුගේ සෑම චිත‍්‍රපට රුපරාමුවක් අතරම දිය වී යැමේ ක‍්‍රමවේදයන් භාවිතා කළේය. එනම් එක් රුපරාමුවක් ක්‍රමයෙන් සෙමින් අතුරුදන් වන අතර අනෙක් රූපරාමුව ඒ සමඟම ක්‍රමයෙන් සෙමින් මතු වී එයි. ජෝර්ජස් මිලිස් සහ ‘පාතේ සමාගමද මෙම ක්‍රමවේදයම භාවිතා කළහ. 1902 දී නිපදවුණු ජොර්ජස් මිලීස්ගේ ‘අට්‍්‍රස් ටූ ද මුත් ’ නම් දිගු චිත‍්‍රපටය ලැබු ජනප්‍රියතාවය සමඟම තව තවත් දිගු චිත්‍රපට බිහි වූ අතර මේවායේ එකිනෙකට වෙනස් රූප රාමු රැසක් එකට බද්ධ වී තිබිණ. උදාහරණයක් ලෙස ජේමිස් විලියම්සන්ගේ ‘ස්ටොප් තීෆ් ’ නම් චිත‍්‍රපටයෙ මස් වෙළෙන්දෙක්ගෙ න් මස් කැබැල්ලක් සොරාගැනීම, ඔහු සහ බල්ලන් පිරිසක් සොරා පසු පස හඹා යාම, සොරා බල්ලන්ට හසුවීම ලෙස රූප රාමු තුනක් විය. මෙම අවධියේ නිපදවුණු බොහෝ චිත‍්‍රපට මෙසේ එකෙක් පසු පස අනෙක ලූහුබැඳ යාමක් දැක්වෙන චිත‍්‍රපට වූ නිසා ඒවා ‘චේස් ’ චිත‍්‍රපට ලෙස හැඳින්විණ. 1963 වකවානුව තුළදී ද ‘චේස් ’ චිත‍්‍රපට රුසක් බිහිවූ අතර ‘ ද පික්පොකට් ’, ‘ඩෙයාර්න්ග් ඬේලයිට් ’ , ‘ඩෙස්පරේට් පෝචින්ග් අෆ්රේ ’ මෙවැනි චිත‍්‍රපට විය. මෙම වකවානුවේ බිහි වූ ‘ද ගේ‍්‍රට් ටේ‍්‍රන් රොබරි ’ නමැති චිත‍්‍රපටයේ වූ කාලය අතර අඛණ්ඩතාවය වඩා කතාබහට ලක් විය. මෙසේ විවිධ පර්යේෂණ හරහා විවිධ සිනමාකරුවන් විසින් වඩා උචිත අඛණ්ඩතා විධික‍්‍රම සිනමාවට හඳුන්වාදෙනු ලැබීය.


1906 සිට 1914 කාලවාකවනුව සිනමා ඉතිහාසය - අතීතලෝකන ගොඩනැගීම.[සංස්කරණය]

බොහෝ වෘතාන්ත චිත‍්‍රපටවලදී අතීතාවලෝකනයන් ඇතුළත් වේ. අතීතානලෝකනය යනු වර්තමානයේ සිදුවීමක සිට අතීත සිදුවීමකට යාමයි. නැවත එම අතීත සිදුවීම අවසන් වු විට වර්තමානයටම එනු ලබයි. අතීතයේදී මෙය බොහෝ විට චිත‍්‍රපටයේ එන චරිතයක අතීතය පිළිබඳ සිහින දැකිමක් ලෙස ඉදිරිපත් විණි. 1901 දී ‘පාතේ ’ සමාගම නිපද වු ‘ද ස්ටෝරි ඔෆ් අ ක‍්‍රයිම් ’ නම් චිත‍්‍රපටයේ එවැනි ජවනිකා අඩංගු විය. නමුත් ප‍්‍රථම වරට අතීතාවලෝකනයක් සහිතව ඉදිරිපත් කළ චිත‍්‍රපටය ලෙස සැලකෙන්නේ ‘ වීටාග‍්‍රාෆ් ’ නිපදවු ‘නැපෝලියන් මැන් ඔෆ්ඩෙස්ටිනි’ නම් චිත‍්‍රපටයයි. එය 1909 දී නිපදවන ලද්දකි. ඉන්පසු වර්ෂ වලිදී, මෙම ක‍්‍රමය චරිතයක් තම අතීත සිදු විම් ප්‍රේක්ෂකයාට පහදා දීම ලෙස චිත්‍රපටවල භාවිතවිය. ලූගි මැගීගෝ ‘ගෝල්ඩන් වෙනඩින් ’ (1911) සහ එඞ්සන් සමාගමේ ‘ද පාසර් ’ (1912) නම් චිත‍්‍රපට දෙකෙහි මෙය සිදු කෙරිණ.


සටහන්[සංස්කරණය]