10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”

විකිපීඩියා වෙතින්
  සතර කන් මන්ත්‍ර්‍රනය අභ්‍යාස 

සිංහල සාහිත්‍ය සංග්‍රහයේ10-11 (3 වන පාඩම) විචාරය ලිවීම.[සංස්කරණය]

  • උපදේශනාත්මක අදහස් ඉදිරිපත් කිරීමත් , පොදු ජන වහර යොදා ගැනීමත්හා, හානා හීය පානා අඬහැරෙන් දැනේ යන කවිය පෙළ පාඨක සිත ගැනීමට සමත්වී ඇත. එක් කරුණකට උදාහරණ දෙක බැගින් ගෙන විමසන්න.

සාහිත්‍ය හා බැඳුණු ලිඛිත ඉතිහාසයක් නොමැතිව ගැමි ජනයා අතර බිහිවී ඔවුන්ගේ මතක අතරේ ම ආරක්ෂා වූ ජන කාව්‍ය විශේෂයක් ලෙස ජනකවි හැඳින්විය හැක.මිනිස් සන්තානය තුළ පවතින දුක, කණගාටුව, සතුට, කලකිරීම, බලාපොරොත්තු කඩවීම, අනපේක්ෂිත ව්‍යසනයන්ට පත් වීම් වැනි භාවයන් පදනම් කරගනිමින් හා මුල් කරගනිමින් ජනකවි බිහිවී ඇත. එපමණක් නොව කෘෂිකර්මාන්තයේදී, විවිධ වෘත්තීන් වල යෙදෙන්න ද තම වෙහෙස මහන්සිය නිවා ගැනීමට මෙම ජනකවි යොදාගෙන තිබේ. කෙළිසෙල්ලම් වලදී සහ දරුවන් නැලවීමේදීත්, ජනකවි භාවිතා කර තිබීමත් සහ විවිධ ආගමික පුද පූජා ඇදහිලි විශ්වාස වලටත් යොදාගෙන තිබේ. විවේකය විනෝදයෙන් ගත කිරීමට ද ජන කවි භාවිතා කර ඇත. මෙම ජන කවි පාඨක සිත් සතන් ඇද බැඳ තබා ගන්නා නිර්මාණයකි. අප පහත උදාහරණ තුළින් විමසා බලමු.

ගොඩැල්ලේ තරම දැනගෙන ළිද කපනු

බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු

කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු

තමන්ගේ තරම දැනගෙන කල් හරිනු

මෙම කවියෙන් සමාජයට හා ජනතාවට දැනමුතුකමට දෙනු ලබන උපදෙස් බොහොමයකින් යුක්තය. යමෙකු යම් කාර්යයක් කිරීමේ දී ඒ ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එසේම ළිදක් කපන විට එම පොළවෙහි ස්වභාවය ගැන සිතා කටයුතු කළ යුතුය. උස්බිමක ළිඳ කැපීමෙන් අපට අවශ්‍ය වැඩය කිරීමට කාලය ශ්‍රමය හා මුදල් ද වියදම් වේ . එපමනක් නොව උස් ස්ථානයක ළිද කැපීමෙන් ඉක්මනින් ජලය ලබාගත නොහැකිය. එම නිසා පහත් බිමකින් ළිඳ කැපීමෙන් ඉක්මනින් අපට අවශ්‍ය ජලය ද ලබාගත හැක. බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු යනුවෙන් උපදෙස් දී ඇත්තේ ජීවත් වන වටපිටාව පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි. කඩුල්ලක් බැඳීමේදී කද ගැනීමට හැකිවන පරිදි නුවණින් යුතුව කටයුතු කළ යුතුය. වත්පොහොසත්කම්ත, නතුරු තානාන්තර තිබුණද නිහතමානීව සමාජ පරිසරයට සරිලන ලෙස ජීවත් විය යුතුය. මෙයින් කියවෙන්න උපදෙස් පාඨක සිත් සතන් ඇද බැද තබා ගැනීමට සමත්කම් දක්වා ඇත.

වරද පෙනෙන තරමට වැරදුනා නොවේ

වරද ඇතත් නිකරුනේ වැඩ කළා නොවේ

වරද පෙනෙති වැඩ නූගත් අයට ලොවේ

වරද නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ

මිනිසාට නොදැනුවත් කමින් හා දැනුවත් කමින් වැරදි සිදුවෙයි. සෑම ජීවියෙකු අන්තිම අත්වැරදීම් හෙවත් වැරදි සිදුවීම පොදු මිනිස් ධර්මතාවකි. නිකරුනේ සිටින මිනිසුන්ට සෑම වෙලාවකදීම අනුන්ගේ වැරදි පෙනෙයි. සෑම වෙලාවක වෙලාවකදීම අන් අයගේ වැරදි සෙවීම හා වැරදි කීම පොදු මිනිස් දුබලතාවකි. එසේ තමන්ගේ වැරදි නොපෙනී අනුන්ගේ වැරදි සැමවිටම පෙනෙන්නේ නූගතාටය. මේ ලෝකයේ ජීවත් වෙන සෑම පුද්ගලයකු අතින්ම වැරදි සිදු වීම සාමාන්‍ය දෙයකි .එය පොදු මිනිස් දුර්වලතාවයක් සේ සලකා එයට සමාව දීම උතුම් ක්‍රියාවක් බව පෙන්වා දෙයි. මෙම කවියෙන් කවියා අව්‍යාජ ස්වරූපයෙන් උපදෙස් දී ඇත්තේ පාඨකයාගේ සිත් ඇද ගෙන සිටීමට සමත් වන අයුරිනි. කවියා මෙම කවිය රචනා කිරීමේදී මෙය කියවන පාඨකයාගේ සිත ඇද ගත හැකි ජනවහරක් භාවිතා කර ඇත. පාඨකයාගේ සිත ඇද ගැනීමට තරම් තියුණු වහරක් යොදා ගැනීමට කවියා සමත්කම් දක්වා ඇති අයුරු පහත උදාහරණ වලින් විමසා බලමු.

ඇස නැති දා පොත ගත්තේ කියන්ටද

දත නැති දා උක් දඬු ගිනි තපින්ටද

වෙර නැතිදා ගහ ගත්තේ දිනන්ට ද

යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද

මෙම කවියෙන් ගැමි ජනවහර පිළිබඳ කවියා සිත් ඇදගන්නා අයුරින් ලියා ඇත. මෙම කවියේ සඳහන් වන්නේ ජීවත් වීමේදී ,අවශ්‍ය වේලාවේදී ,අවශ්‍ය අවස්ථාවේ දී යම් ක්‍රියාවක් ඉටු කළ යුතු බවයි. නැතහොත් අනවශ්‍ය අවස්ථාවේදී . ක්‍රියාවක් කළ හොත් අනුන්ට ඵලයකුත් නෑ තමන්ට ඵලයකුත් නෑ, ඇස් අන්ධ හෝ නොපෙනෙන කෙනෙකුට පොත්පත් කියවිය නොහැකිය. දත් හැලී මහලු වූ විට උක්දඬු සපන්නට කන්නට නොහැකිය. වෙර හෙවත් ශක්තිය නැති කල ගහ මරා ගැනීමෙන් හා රණ්ඩු දබර කිරීමෙන් දිනන්නට නොහැකි බවයි. යුද්ධයක් තිබෙන විට ඒ අවස්ථාවේ කග හෙවත් කඩුවක් අත්‍යවශ්‍යම උපකරණකි. යුද්ධයට නැති කඩුවක් කොස් කොටන්නද, යනු කවියා හඳුන්වා ඇත්තේ මේ නිසාය. ඉහත කීවාක් මෙන් අවශ්‍ය විටදී එය ලැබිය යුතු බව රසවත්ව සිත් ඇදගන්නා වහරකින් කවියා උපදෙස් දීමට සමත්කම් දක්වා ඇති බව මනාව පැහැදිලි වේ.

අදුරු කරුවලේ පඳුරට මුවා වෙලා

විදුලි එළිය දැක ගිනිහුළ දියේ හෙලා

අනුන් ලියන් දැක තම ලියට තල තලා

දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා

සමහර මිනිසුන් දුරදිග නොබලා කටයුතු කරනවා. එවැනි අය අප සමාජයේ වටාපිටාවේ සහ අප අතර සිටිනවා. එවැනි අයගේ තිබෙන දුරදිග නොබලා කටයුතු කිරීමේ දුර්වලතාවය නිසා මොවුන්ට විවිධ කරදර විපත්වලට මුහුණ දීමට සිදුවෙයි. මෙම කවිය මගින් ජන කවියා පෙන්වා දෙන්නේ දුරදිග නොසිතා කටයුතු කිරීමෙන් විවිධ කරදර වලට මුහුණ දීමට සිදුවන බවයි. ගමනක් යන අතරෙදි හදිසියෙන් නෙත ගැටුණු විදුලි එළියක් දුටුවකු ගමනේදී අඳුර නිසා භාවිතා කළ හුළු අත්ත නැවත ප්‍රයෝජනයට ගත නොහැකි ආකාරයට එක්වරම ළඟ තිබූ දිය වලකට ඔබා නිවා දමන්නේ ඔහුගේ අනවබෝධය නිසාය. මෙහිදී කවියා ගිනිහුල යන ගැමි වහර යොදා ගෙන කවියේ සඳහන් කර ඇත්තේ ගමන් බිමන් යාමේදී ආලෝකය ලබා ගැනීම සඳහා පොල් අතු, හනසු ආදියෙන් තනා ගන්නා පන්දම හෙවත් හුළුඅත්තය. අනුන්ගේ බිරිඳකට වසඟ වූ සිත බැඳුණු මිනිසුන් තම බිරිඳට පහර දෙන්නේ තමා නෙළුව පලා මිටිය අතෙහි තබාගෙන සිටින විට, මුවෙක් දැක එම මුව මස් කෑමේ අරමුණෙන් තම අතේ තිබූ පලා මිටිය විසි කර දුවන මුවන් පසුපස දුව වන මැද අතරමං වෙයි එවිට තමා නෙළාගත් පලාමිටියද මුව මස් ද යන දෙකම ඔහුට අහිමිවෙ. නැති වෙයි . ජන කවියා මිනිස් හදවතට කාවද්දන්නේ පොදු සරල සුමට ජන වහරක් භාවිත කරමින්ය. මෙම කවියේ විවිධ ගැමි කටවහරෙන් එන යෙදුම් යොදා ගෙන ඇත. මිනිස් කටවහරේ ප්‍රචලිත පිරුළු යොදා ගෙන ඇත. දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා යනු ගැමි වහරේ සෑම විටම පරිහරණය වන පිරුළකි.

මෙම ජන කවි මගින් සෑම කෙනෙකුටම , සමාජයත් යහපත්ව ගොඩනගා ගැනීමට ජන කවිය මහත් පිටුවහලකි.