ෆේස්බුක් මැසෙන්ජ(ර්)

විකිපීඩියා වෙතින්
ෆේස්බුක් මැසෙන්ජ(ර්)
සංවර්ධක(යෝ)ෆේස්බුක්
ප්‍රථම නිකුතුවඅගෝස්තු 2011; වසර 5කට පෙර
 (2011-08-09)
මෙහෙයුම් පද්ධතියAndroid, IOS, BlackBerry OS, Windows 10, Windows 10 Mobile, Symbian, Tizen
වර්ගයInstant messaging
බලපත්‍රයFreeware, proprietary
වෙබ් අඩවියmessenger.com

ෆේස්බුක් මැසෙන්ජ(ර්) යනු ලිඛිත හා වාචික සන්නිවේදනයක් ලබාදෙන නිදහස්, ඉක්මන් පණිවුඩ සේවාවක් සහ මෘදුකාංගයකි. මෙය ෆේස්බුක්හි වෙබ් පදනම් වූ චැට් විශේෂාංග මත සම්බන්ධ වී ඇති අතර, ගොඩනැගී ඇත්තේ විවෘත MQTT මූලපත්‍රය[1] මතයි. මැසෙන්ජ(ර්) ෆේස්බුක් පරිශීලකයන්ට මිතුරන් සමග ජංගම දුරකථන සහ වෙබ් අඩවි හරහා චැට් කිරීමට ඉඩ දී ඇත.

ෆේස්බුක් මැසෙන්ජ(ර්) මාසික සක්‍රිය පරිශීලකයන් බිලියන 1කට ළගා වී ඇති බව ෆේස්බුක්  වාර්තා කර තිබෙනවා.[2] ෆේස්බුක් මැසෙන්ජ(ර්)හි අයිතිකරු වන ඩේවිඩ් ඒ. මාකස්  ෆේස්බුක් සමග සම්බන්ධ වී ඇත්තේ, ෆේස්බුක් හි විධායක නිලධාරී වන මාර්ක් මාක් සකර්බර්ග්[3]ගේ ආරාධනයකට අනුවයි. 

ඉතිහාසය[සංස්කරණය]

ෆේස්බුක් මගින් ෆේස්බුක් මැසෙන්ජ(ර්)හි iOS සහ ඇන්ඩ්‍රොයිඩ් පිටපත් 2011 අගෝස්තු 9 වන දින නිකුත් කරන ලද අතර,[4] ඔක්තෝබර් 11 වන දින බ්ලැක්බෙරි OS භාවිතයන් සදහා ද නැවත අලුත් කරන ලදී. ෆේස්බුක් 2015 ජූලි 13 වන දින ෆේස්බුක් මැසෙන්ජ(ර්)හි Tizen පිටපත නිකුත් කරන ලදී.

2014 අප්‍රේල්, ෆේස්බුක් විසින් එම පණිවුඩ සේවාව ඉවත් කරන බවත් ෆේස්බුක් පරිශීලකයන්  විසින් මැසෙන්ජ(ර්) බාගත යුතු බවත් නිවේදනය කරන ලදී.[5][6]

2015 මාර්තු 17 වන දින, ෆේස්බුක් විසින් පරිශීලකයන්ට තම මිතුරන්හට මුදල් යැවිය හැකි විශේෂාංගයක් එකතු කරන ලදී. දැනට මෙය භාවිතා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණි.[7]

2015 අප්‍රේල් 27 වන දින, ෆේස්බුක් විසින් ෆේස්බුක් මැසෙන්ජ(ර්) හරහා වීඩියෝ ඇමතුම් හදුන්වා දෙන ලදී. මෙම විශේෂාංගය පළමුවෙන්ම බෙල්ජියම, කැනඩාව, ක්රොඒෂියාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ග්‍රීසිය, අයර්ලන්තය, ලාඕසය,  ලිතුවේනියාව, මෙක්සිකෝව, නයිජීරියාව, නෝර්වේ, ඕමාන්, පෝලන්තය, පෘතුගාලය, එක්සත් රාජධානිය,  ඇමෙරිකා එක්සත් ජනපදය සහ උරුගුවේ යන රටවල් වලට හදුන්වා දෙන ලදී.[8]

මැසෙන්ජ(ර්) හරහා ව්‍යාපාර සහ මිනිසුන් අතර සන්නිවේදනය වැඩි දියුණු කිරීමේ පලමු පියවර ගනිමින් සිටින බව 2015, මාර්තු 25 වන දින පැවති ෆේස්බුක් F8  සමුළුවේදී නිවේදනය කළහ.[9]  පෞද්ගලික යාවත්කාලීන කිරීම් ලබමින් මැසෙන්ජ(ර්)හි ව්‍යාපාර සමග සම්බන්ධ වීමට, පරිශීලකයන්ට ලියාපදිංචි වීමේ හැකියාව ඇත. ඇණවුම තහවුරු කිරීම සඳහා නිර්මාණය කර ඇති අභිරුචි පිරිසැලසුම්, ප්‍රවාහන කටයුතු යාවත්කාලීන කිරීම් වැනි දේවල් භාවිත කිරීමට ව්‍යාපාර වලට පුළුවනි.[10] ඇමෙරිකා එක්සත් ජනපදයේ තෝරාගත් ව්‍යාපාර සදහා මෙම සේවාව දැනටමත් භාවිතා කල හැක. නවතම යාවත්කාලීනයට අනුව, ෆේස්බුක් ගිණුමක් නොමැතිව වුවද, ජංගම දුරකථන අංකය මගින් ලියාපදිංචි වී ෆේස්බුක් මැසෙන්ජ(ර්) භාවිතා කිරීමේ හැකියාව පරිශීලකයන්ට ඇත.[11]

මෙම ව්‍යාපාර විශේෂාංගයේ කොටසක් ලෙස, ෆේස්බුක්  විසින් මැසෙන්ජ(ර්) මත ප්‍රවාහනය Uber සහයෝගයෙන් නිකුත් කරන ලදී. මෙම සේවාව තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ Uber ක්‍රියාත්මක වන ස්ථාන වල පරිශීලකයන්ට හැකි වනු ඇත.[12]

2016 පෙබරවාරි ෆේස්බුක් මැසෙන්ජර් යෙදුම තුළ කෙටි පණිවුඩ ‍යැවීමද සුපුරුදු යෙදුම ලෙස ක්‍රියාත්මක කළහ. පණිවුඩ යෙදුම සහ මැසෙන්ජර් යන දෙකම පෙන්වමින්, ෆේස්බුක් 2012 දී  පළමු ව Android සඳහා කෙටි පණිවුඩ මැසෙන්ජර් බවට ඒකාබද්ධ කරන ලදී. 

අන්තර්ජාලය හරහා සහභාගීවන්නන් 50ක් දක්වා එකවර එකතු කර ගැනීමේ හැකියාව සමගින්, "Group Calling" විශේෂාංගය 2016 අප්‍රේල් හදුන්වා දෙන ලදී. ඇන්ඩ්‍රොයිඩ් සහ  iOS උපාංග සදහා මෙම සේවාව නොමිලේ ලබා ගත හැක. සෑම සහභාගීවන්නෙකුටම එකවර මැසෙන්ජ(ර්) ඇමතුම් ලැබීමේ හැකියාව ඇත.

2016 ජූනි 16 දින, භාවිතා කරන්නන්ගේ පණිවිඩ යැවීම් සහ ලැබීම් වශයෙන් සංවාද පිළිබඳ වාර්තාවක් තබා ගැනීමට උදව්වක් ලෙස හෝම් බට්න් එක එකතු වන බව ෆේස්බුක් WIRED ව්‍යාපාරික සමුළුවේ දී නිවේදනය කරන ලදී.[13]

2016 ඔක්තෝබර් 3 දින, අඩු ලක්ෂණය සමූහයක් සමග ෆේස්බුක් මැසෙන්ජර් Lite හඳුන්වා දෙන ලදී. එහිදී පැරණි Android දුරකථන සහ අධිවේගී අන්තර්ජාල පුළුල් ලෙස ලබා ගත නොහැකි ප්‍රදේශ මූලික වශයෙන් ඉලක්ක කර ඇත. කෙන්යාව, ටියුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව හා වෙනිසියුලාව වැනි රටවල ෆේස්බුක් මැසෙන්ජර් Lite ඇති අතර, පසුව වෙනත් රටවලට නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.[14]

2016, ඔක්තෝබර් 4 දින ෆේස්බුක් මැසෙන්ජර් භාවිතා කරන්නන් සඳහා විකල්ප අංගයක් ලෙස මුල සිට අග දක්වාම ගුප්ත කේතනය යොදවන ලදී. එය වික්ල්පයක් ලෙස "Secret Conversations" යන නමින් භාවිතයේ ඇත.[15][16][17][18]

ෆේස්බුක් මැසෙන්ජර් නැවත group voice calls යෙදුම හඳුන්වා දුන් අතර, සාම්ප්‍රදායික සමුළු ඇමතුම් විකල්පයක් ලෙස එය නිවෙස් හා කාර්යාල සම්බන්ධ කරන බවද, 2016 දෙසැම්බර් මස ප්‍රකාශයට පත් කරන ලදී.[19]

ෆේස්බුක් මැසෙන්ජර්හි පිට වීමේ හැකියාව නොමැති අතර[20] , ඒ වෙනුවට අක්‍රීය ලෙස පෙනී සිටීම, දැනුම් දීම් අක්‍රිය කිරීම වැනි වෙනත් විකල්ප ඇත.

ප්ලැට්ෆෝම්[සංස්කරණය]

ක්‍රියාකාරී[සංස්කරණය]

  • iOS:
    • iPhone සහ iPod Touch:  2011 අගෝස්තු 9 වන දින, ෆේස්බුක් මැසෙන්ජර්හි iOS පිටපත නිකුත් කරන ලදී. 
    • iPad: 2014 ජූලි 3 වන දින, දේශීය මැසෙන්ජර් යෙදුම iPad සඳහා නිකුත් කරන ලදී.  එය විශේෂයෙන්ම නිර්මාණය කරන ලද්දේ iPad සඳහාය.[21]
  • ඇන්ඩ්‍රොයිඩ්: 2011 අගෝස්තු 9, ෆේස්බුක් මැසෙන්ජර්හි ඇන්ඩ්‍රොයිඩ් පිටපත ෆේස්බුක් මගින් නිකුත් කරන ලදී. .
2012 දෙසැම්බර් මස, ෆේස්බුක් ගිණුමක් නොමැතිව නම සහ දුරකථන අංකය පමණක් භාවිතා කිරීමේ හැකියාවත් සමග ෆේස්බුක් මැසෙන්ජර් සමහර කලාපවල (ඕස්ට්‍රේලියාව, දකුණු ආසියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව සහ වෙනිසියුලාව  වැනි) ඇන්ඩ්‍රොයිඩ් සදහා එකතු කරන ලදී. මෙම  වෙනස්කම් වට්ස් ඇප් වැනි සමාන ඇප් සමග තරග කිරීමට හැකි විය.[22] පසු යාවත්කාලීනයන්ට අනුව ඇන්ඩ්‍රොයිඩ් හි කෙටි පණිවුඩ සේවාදායක ආදේශනයක් වශයෙන් ෆේස්බුක් මැසෙන්ජර් භාවිතා කිරීමේ හැකියාව ඇති කල අතර, Facebook Home මගින් ජනනය වන තරන චැට් ක්‍රමය "Chat Heads" එකතු කළහ.[23]
  • බ්ලක්බෙරි OS: බ්ලක්බෙරි OS පිටපත 2011 ඔක්තෝබර්11 වන දින නිකුත් කරන ලදී.
  • Windows Phone 8:  2014 මාර්තු 5, ෆේස්බුක් මැසෙන්ජර් Windows Phone 8 සඳහා නිකුත් කරන ලදී. iOS සහ ඇන්ඩ්‍රොයිඩ් හා සමාන බොහෝ විශේෂාංග මෙහි අඩංගු වුවද, චැට් හෙඩ්ස් සහ හඬ පණිවුඩ විශේෂාංග දුර්වලය.[24]
  • වෙබ්: 2015 අප්‍රේල් 8 වන දින messenger.com නිල වශයෙන් ආරම්භ කළ අතර පරිශීලකයන්ට සෘජුවම වෙබ් බ්රවුසරය හරහා භාවිතා කිරීමටද හැකි විය. ඒ සදහා facebook.com වෙත පිවිසීමට අවශ්‍ය නොවේ.[25] එම පණිවුඩ විශේෂාංගය facebook.com වෙතින් ඉවත් නොකරන බව සඳහන් කළහ.[26] On ජනවාරි 14, 2017, ෆේස්බුක් පෙර පැවති පණිවුඩ අතුරු මුහුණත වෙනුවට, 2017 ජනවාරි 14 වන දින, Facebook.com දී මැසෙන්ජර් නිකුත් කරන ලදී..[27]
  • Windows 10: 2016 මැයි, ෆේස්බුක් මගින් Windows 10 සදහා සම්පූර්ණ  විශේෂාංග සහිතව පණිවිඩ යෙදුම නිකුත් කළ අතර එය Windows Store හිදී ලබා ගත හැක.
  • Tizen: Tizen Os සදහා ෆේස්බුක් මැසෙන්ජර් නිකුත් කරන ලද්දේ 2015 ජූලි 13 වන දිනය.

වසා දමන ලද[සංස්කරණය]

  • Messenger block Microsoft Windows:  Windows 7 පරිශීලකයන් සදහා මැසෙන්ජර් නිකුත් කරනු ලැබුවේ 2012 මාර්තු 5 වන දාය.[28] මෘදුකාංග පරීක්ෂණය සීමිත බීටා tester පිරිසක් අතර 2011 නොවැම්බර් 21 වන දින ආරම්භ කලද;[29] බීටා අදියර මෘදුකාංග සඳහා කාන්දු සබැඳිය, ප්‍රසිද්ධියේ ඊශ්රායල බ්ලොග් TechIT විසින් තාක්ෂණික බ්ලොග් වෙත පළ කරන ලදී.[30] ෆේස්බුක් එදිනම ප්‍රතිචාර දැක්වූ අතර, එහි උපකාරක මධ්‍යස්ථානය හරහා මෙම සබැඳිය ලබා ගත හැකි බව නිවේදනය කළහ.[31]
"Ticker" එහි ලක්ෂණ අතර ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතා කරන්නන් විසින් මිතුරු ක්‍රියාකාරකම් දැකීමට සමාන වූ ක්‍රියාවක් විය.  නිකුත් කරන අවස්ථාවේ දී, "බහු මිතුරන් සමඟ කතා බහ කිරීම, video calling, සීමිත චැට් භාවිතය හා සංස්කරණය සැකසුම්" මෘදුකාංගය හරහා ලබා ගත නොහැකි විය Mac OS X පිටපතක් ඉදිරි ෆේස්බුක් සංවර්ධකයින් විසින් සඳහන් කරන ලදී.[32] 2014 මාර්තු 3 වන දින මැසෙන්ජර් වින්ඩෝස්  පරිගණක භාවිතයෙන් ඉවත් කරන ලදී.
  • Firefox:  Firefox සඳහා ද ෆේස්බුක් එකතු කළ අතර, එය නම් කරනු ලැබුවේ Firefox සදහා ෆේස්බුක් මැසෙන්ජර් යනුවෙනි.[33] එය 2014 මාර්තු 03 වන දින භාවිතයෙන් ඉවත් කරන ලදී.[34]

බොට්ස්[සංස්කරණය]

chatbots සදහා ෆේස්බුක් මැසෙන්ජර් සහය වන අතර, ෆේස්බුක් භාවිතා කරන්නන් සමග අන්තර් ක්‍රියා කළ හැකි බොට්ස් ගිණුම් සංවර්ධකයින් හට නිර්මාණය කළ හැකි වන අයුරින් මැසෙන්ජර් සේවාවක් ආරම්භ කරන ලදී.[35] කාලගුණ සේවාවන් ඇතුළත්, Scorebot පාපන්දු සිදුවීම්, CNN පුවත්, 1-800-Flowers සහ අන්‍යොන්‍ය ලෙස ක්‍රියා කරන ත්‍රාස්‍යජනක Zork යනාදිය නිර්මාණය කරන ලදී.[36]

මැසෙන්ජර් සමග ගෙවීම්[සංස්කරණය]

නිදහස් භාවිත ඩෙබිට් කාඩ්පත් සඳහා ඩොලරය අයිකනය ටැප් කිරීම මගින් මුදල් යැවිය හැකි, ඇමෙරිකා එක්සත් ජනපදය හරහා සම-සම ගෙවීම් සේවා ක්‍රමය, ෆේස්බුක් මැසෙන්ජර් මගින් ව්‍යාප්ත කරන ලදී.[37][38] මෙම සේවාව දැනට ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ U.S. ඩොලර් වලින් පමණක් වන අතර, අයර්ලන්තයේ මහ බැංකුව විසින් බලය ලබා දී ඇති ඊ-මුදල් ආයතනයක් වන ෆේස්බුක් ගෙවීම් ජාත්‍යන්තර සමාගම ලෙස ෆේස්බුක් මැසෙන්ජර් ගෙවීම් සේවා ඉක්මනින් යුරෝපයේ ද ව්‍යාප්ත කිරීමට ද සැරසේ.[39]

ක්ෂණික ක්‍රීඩා[සංස්කරණය]

2016 නොවැම්බර් මස ෆේස්බුක් ක්ෂණික ක්‍රීඩා නමින් නව වැඩසටහනක් හඳුන්වා දෙන ලදී. එය  Pac-Man, Endless Lake, Galaga සහ Arkanoid වැනි නව ක්ෂණික ක්‍රීඩා 17ක් හඳුන්වා දෙන ලදී.

පිළිගැනීම[සංස්කරණය]

2014 නොවැම්බර්  ඉලෙක්ට්රොනික ෆ්රොන්ටියර් පදනම (EFF) විසින් එහි ආරක්ෂිත පණිවිඩ ලකුණු පුවරුවෙහි ෆේස්බුක් මැසෙන්ජර් (ෆේස්බුක් චැට්) ලැයිස්තු ගත කලේ ය.  එය ලකුණු පුවරුව මත 7 න් 2 ක ලකුණු ලබා ගත්තේය.[40] ගුප්ත කේතනය කරන ලද සන්නිවේදන සංක්‍රාන්තිය සහ ස්වාධීන ආරක්ෂක විගණන අවසන් කර තිබීම වෙනුවෙන් ලකුණු ලැබුණි. සන්නිවේදන යතුරු සංකේතනය නොතිබීම නිසා සැපයුම්කරු වෙත ප්‍රවේශ නොවීම, සම්බන්ධතා වල අනන්‍යතාවයන් තහවුරු කිරීමට පරිශීලකයන්ට නොහැකි වීම, ගුප්ත කේතනය කරන ලද යතුරු නැති වීම නිසා පෙර පණිවිඩ සුරක්ෂිත නොමැති වීම, ප්‍රභව කේත ස්වාධීන සමාලෝචනයක් සඳහා විවෘත නොවීම සහ ආරක්ෂක සැලසුම් නිසි පරිදි ලේඛනගත නොකිරීම යන කරුණු හේතුවෙන් ලකුණු මග හැරුණි.

මෙයද බලන්න[සංස්කරණය]

  • Comparison of instant messaging clients
  • Comparison of VoIP software

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. Zhang, Lucy (August 12, 2011). "Building Facebook Messenger". Facebook Engineering. Facebook. සම්ප්‍රවේශය March 3, 2013.
  2. Bakre, Sagar (2016-07-21). "Facebook Messenger now has 1 Billion active monthly users". MobiGyaan.comcomm. සම්ප්‍රවේශය 2016-07-21.
  3. Hempel, Jessi. "Why Facebook Has Entrusted Its Future to the CEO of PayPal". සම්ප්‍රවේශය 27 August 2016.
  4. Zhang, Lucy (August 9, 2011). "A Faster Way to Message on Mobile". The Facebook Blog. Facebook. සම්ප්‍රවේශය February 15, 2016.
  5. "Facebook Is Forcing All Users To Download Messenger By Ripping Chat Out Of Its Main Apps". TechCrunch. 2014-04-09. සම්ප්‍රවේශය 2014-05-29.
  6. "No more in-app chat: Facebook moving messages to Messenger". techhive. 2014-04-09. සම්ප්‍රවේශය 2014-05-29.
  7. "Send Money to Friends in Messenger - Facebook Newsroom". සම්ප්‍රවේශය 27 August 2016.
  8. "Introducing Video Calling in Messenger - Facebook Newsroom". සම්ප්‍රවේශය 27 August 2016.
  9. "Introducing Messenger Platform and Businesses on Messenger - Facebook for Developers". Facebook Developers (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2016-01-17.
  10. "Messenger - Business". Facebook (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2016-01-17.
  11. "Using Messenger Without A Facebook Account". Feed List (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2016-10-01.
  12. "Introducing Transportation on Messenger | Facebook Newsroom". newsroom.fb.com. සම්ප්‍රවේශය 2016-02-15.
  13. Swant, Marty (16 June 2016). "Facebook Messenger Is Adding a Home Button to Help Users Keep Track of Conversations". adweek.com. Adweek. සම්ප්‍රවේශය 17 June 2016.
  14. https://www.cnet.com/news/facebook-lights-up-slow-old-android-phones-with-messenger-lite-app/
  15. Isaac, Mike (8 July 2016). "Facebook to Add 'Secret Conversations' to Messenger App". The New York Times. The New York Times Company. සම්ප්‍රවේශය 8 July 2016.
  16. "Messenger Secret Conversations" (PDF) (Whitepaper). Facebook. 8 July 2016. 8 July 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 July 2016. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  17. Greenberg, Andy (8 July 2016). "'Secret Conversations:' End-to-End Encryption Comes to Facebook Messenger". Wired. Condé Nast. සම්ප්‍රවේශය 8 July 2016.
  18. Greenberg, Andy (4 October 2016). "You Can All Finally Encrypt Facebook Messenger, So Do It". Wired. Condé Nast. සම්ප්‍රවේශය 5 October 2016.
  19. Constine, Josh. "Facebook Messenger strikes at Skype with desktop group voice calling". TechCrunch. සම්ප්‍රවේශය 2016-12-17.
  20. "Can I log out of Messenger? | Facebook Help Center | Facebook". www.facebook.com. සම්ප්‍රවේශය 2016-12-21.
  21. "Facebook Messenger Finally Gets An iPad Version". TechCrunch. සම්ප්‍රවේශය 5 July 2014.
  22. Geron, Tomio. "Facebook Messenger Takes On SMS, With No Account Needed". Forbes. සම්ප්‍රවේශය 6 December 2012.
  23. "Chat Heads come to Facebook Messenger for Android". The Verge. සම්ප්‍රවේශය 12 April 2013.
  24. "Facebook Messenger arrives for Windows Phone sans voice features". Engadget. සම්ප්‍රවේශය 5 March 2014.
  25. "Facebook launches standalone Messenger for web browsers". The Verge. සම්ප්‍රවේශය 9 April 2015.
  26. "Facebook Launches Messenger for Web Browsers". RE/CODE. සම්ප්‍රවේශය 9 April 2015.
  27. "Facebook Lunched messenger for browser facebook messenger web". timeandupdate.com.
  28. Constine, Josh (March 5, 2012). "Facebook Messenger For Windows Desktop Chat Client Launches After Leaking". TechCrunch. AOL. සම්ප්‍රවේශය August 12, 2012.
  29. Constine, Josh (November 21, 2012). "Facebook Testing Messenger for Windows Ticker+Chat Desktop Client". TechCrunch. AOL. සම්ප්‍රවේශය August 12, 2012.
  30. אבי ,דוד (December 29, 2011). "בלעדי: Facebook Messenger עבור מערכת ההפעלה Windows להורדה". TechIT (Hebrew බසින්). August 24, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 12, 2012. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: unrecognized language (link)
  31. Warren, Tom (December 29, 2011). "Facebook Messenger for Windows download made official following leak". සම්ප්‍රවේශය November 17, 2015.
  32. O'Connor, Jack (March 5, 2012). "Introducing Messenger for Windows". Facebook Newsroom. Facebook. සම්ප්‍රවේශය August 12, 2012.
  33. "Facebook Messenger for Firefox will Shut Down on March 3". 27 February 2014. සම්ප්‍රවේශය 27 August 2016.
  34. "Facebook Messenger on Windows and Firefox will be no more March 3". TechRadar. සම්ප්‍රවේශය 5 March 2014.
  35. "Messenger Platform - Documentation - Facebook for Developers". Facebook Developers (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2016-04-15.
  36. "Here's a list of available Facebook Messenger chatbots". NY Daily News. සම්ප්‍රවේශය 2016-04-15.
  37. Chowdhry, Amit (30 June 2015). "Facebook Messenger Rolls Out Payment Service Across The U.S." Forbes.com. සම්ප්‍රවේශය 4 December 2016.
  38. "Payments in Messenger | Facebook Help Center | Facebook". www.facebook.com. සම්ප්‍රවේශය 2016-12-04.
  39. Briod, François. "Facebook finally authorized to make money transfers in Europe - Monito's blog". www.monito.com. සම්ප්‍රවේශය 2016-12-04.
  40. "Secure Messaging Scorecard". Electronic Frontier Foundation. 6 November 2014. සම්ප්‍රවේශය 26 September 2016.

උප න්‍යාස[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ෆේස්බුක්_මැසෙන්ජ(ර්)&oldid=459978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි