ෆර්මි විරුද්ධාභාසය
පෘථිවියෙන් බැහැර විශ්වයේ වෙනත් ස්ථානවල බුද්ධිමත් ජීවීන් පැවතීමට ඉහල සම්භාවිතාවක් තිබුන ද, මේ වනතෙක් එවැනි පිටසක්වල ජීවයක් ගැන කිසිදු හෝඩුවාවක් නොපවතී. මෙම පරස්පර විරෝධී නිරීක්ෂණය ෆර්මි විරුද්ධාභාසය ලෙස හැඳින්වේ.[1][2][3]
භෞතික විද්‍යාඥ එන්රිකෝ ෆර්මි විසින් 1950 දී ලොස් අලමෝස් ජාතික විද්‍යාගාරයේ දී සිය සගයන් (එමිල් කොනොපින්ස්කි, එඩ්වර්ඩ් ටෙලර්, හර්බර්ට් යෝර්ක්) සමග සිදු කළ සාකච්ඡාවකදී නැගූ පැනයක් ("But where is everybody?") හෙයින් මෙය ඔහුගේ නමින් නම් කර තිබේ. මෙම විරුද්ධාභාසය මුලින්ම මුද්‍රිත මාධ්‍යයේ සඳහන් වූයේ කාල් සේගන් විසින් 1963 දී රචිත ලිපියක වූ අතර, ඉන් අනතුරුව විද්‍යාඥයන් විසින් මෙය විවිධ ආකාරයෙන් විග්‍රහ කර ඇත. මීට පෙර බර්නාඩ් ලේ බෝවියර් ද ෆොන්තනෙල් (1686) සහ ජූල්ස් වර්න් (1865) යන ලේඛකයන්ගේ සහ සෝවියට් රොකට් විද්‍යාඥ කොන්ස්ටන්ටින් සියොල්කොව්ස්කි (1933) ගේ ලේඛනවල ද මෙම අදහසට සමාන සංකල්ප අඩංගු වී තිබුණි.
ෆර්මි විරුද්ධාභාසය විසඳීම සඳහා විවිධ මතවාද ඉදිරිපත් වී ඇත.[4][5] ඇතැම් විද්‍යාඥයන් යෝජනා කරන්නේ බුද්ධිමත් පිටසක්වල ජීවය අතිශය දුර්ලභ බව හෝ එවැනි ශිෂ්ටාචාරයන්ගේ ආයු කාලය කෙටි බවයි. තවත් මතයකට අනුව, පිටසක්වල ශිෂ්ටාචාර පැවතියද විවිධ හේතූන් නිසාවෙන් මිනිසාට ඒ පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට නොහැකි වී ඇත.
ආශ්‍රිත
[සංස්කරණය]- ↑ Woodward, Avlin (September 21, 2019). "A winner of this year's Nobel prize in physics is convinced we'll detect alien life in 100 years. Here are 13 reasons why we haven't made contact yet". Insider Inc. සම්ප්‍රවේශය September 21, 2019.
- ↑ Krauthammer, Charles (December 29, 2011). "Are We Alone in the Universe?". The Washington Post. December 10, 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය January 6, 2015.
- ↑ Overbye, Dennis (August 3, 2015). "The Flip Side of Optimism About Life on Other Planets". The New York Times. September 19, 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය October 29, 2015.
- ↑ If the Universe Is Teeming with Aliens ... WHERE IS EVERYBODY?: Seventy-Five Solutions to the Fermi Paradox and the Problem of Extraterrestrial Life, Second Edition, Stephen Webb, foreword by Martin Rees, Heidelberg, New York, Dordrecht, London: Springer International Publishing, 2002, 2015.
- ↑ Urban, Tim (June 17, 2014). "The Fermi Paradox". Huffington Post. April 2, 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය January 6, 2015.