හෝලේ ෆෙල්ස් හි වීනස්
පෙනුම
| හෝලේ ෆෙල්ස් හි වීනස් | |
|---|---|
හෝලේ ෆෙල්ස් හි වීනස් කුඩා ප්‍රතිමාවේ දසුන් දෙකක්; මෙය පළඳනාවක් ලෙස භාවිතා වන්නට ඇත. මෙය අවිවාදයෙන් තොරව පිළිගැනෙන පැරණිතම මානව නිරූපණය ලෙස සැළකේ. | |
| මාධ්‍යය | මැමත් දළ |
| ප්‍රමාණය | උස: 6 cm |
| නිර්මාණය වූයේ | වර්ෂ 41,000කට පෙර |
| සොයාගනු ලැබූයේ | සැප්තැම්බර් 2008 බේඩ්න්-වූර්ටම්බර්ග්, ජර්මනිය |
| වර්තමාන පිහිටුම | බ්ලෝබියුරන්, බේඩ්න්-වූර්ටම්බර්ග්, Germany |
හෝලේ ෆෙල්ස් හි වීනස් (ශෙල්ක්ලින්ගන් හි වීනස් ලෙසද හැඳින්වේ; ජර්මානු භාෂාවෙන් විවිධ ලෙස Venus vom Hohlen Fels, vom Hohle Fels; Venus von Schelklingen ) යනු 2008 දී ජර්මනියේ ශෙල්ක්ලින්ගන් අසල ගුහාවක් වන හෝලේ ෆෙල්ස් හි කැණීම්වලදී හමුවූ මැමත් ඇත්දළවලින් සාදන ලද ඉහළ පැලියොලිතික් යුගයට අයත් වීනස් ප්‍රතිමාවකි. එය හමුවූ ලෙන ස්වාබියන් ජුරා යුනෙස්කෝ ලෝක උරුම අඩවියේ කොටසකි. එය වසර 42,000 ත් 40,000 ත් අතර කාලයකට පෙර නිර්මාණය කොට ඇති අතර, [1] [2] මුල් ඕරිග්නේෂියානු යුගයට අයත් ය. මෙය, ඉහළ පැලියොලිතික් ආරම්භයේදීම, යුරෝපයේ ක්‍රෝ-මැග්නොන්වරුන්ගේ මුල්ම පැවැත්ම සමඟ සම්බන්ධ වේ.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ "Archäologie erleben - Mission Eiszeit | SWR Geschichte & Entdeckungen". YouTube. 2023-12-16 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-12-16.
- ↑ ""It must be a woman" - The female depictions from Hohle Fels date to 40,000 years ago..." Universität Tübingen. July 22, 2016. October 11, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 26, 2016.
බාහිර සබැඳි
[සංස්කරණය]හෝලේ ෆෙල්ස් හි වීනස් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.