Jump to content

හෝර්මුස් සමුද්‍ර සන්ධිය

Coordinates: 26°36′N 56°30′E / 26.6°N 56.5°E / 26.6; 56.5
විකිපීඩියා වෙතින්
හෝර්මුස් සමුද්‍ර සන්ධිය
චන්ද්‍රිකා රූපය
Topographic map of Iran and surrounding areas, including the Strait of Hormuz
Topographic map of Iran and surrounding areas, including the Strait of Hormuz
හෝර්මුස් සමුද්‍ර සන්ධිය
පිහිටුමපර්සියානු බොක්කඕමාන බොක්ක
ඛණ්ඩාංක26°36′N 56°30′E / 26.6°N 56.5°E / 26.6; 56.5
වර්ගයසමුද්‍ර සන්ධිය
ද්‍රෝණිය රටවල්ඉරානය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
අවම පළල21 nmi (39 km)
Islandsහෝර්මූස් දිවයින
කේෂ් දිවයින
ජනාවාස

හෝර්මුස් සමුද්‍ර සන්ධිය (/hɔrˈmz/ පර්සියානු: تنگهٔ هُرمُز Tangeh-ye Hormoz listen, අරාබි: مَضيق هُرمُز Maḍīq Hurmuz) යනු, පර්සියානු බොක්ක සහ ඕමාන බොක්ක අතර පිහිටි සමුද්‍ර සන්ධියකි. පර්සියානු බොක්කෙහි සිට විවෘත සාගරයට ඇති එකම මුහුදු මාර්ගය එය විසින් සපයන අතර, ලෝකයේ උපායමාර්ගික ලෙසින් අතිශයින් වැදගත් අනුබාධක ස්ථානයන් අතරින් එකකි.[1] මෙහි උතුරු වෙරළෙහි ඉරානය පිහිටා ඇති අතර, දකුණු වෙරළෙහි ඕමානයෙහි බාහිර බිම්කඩක් වන මූසන්ඩෑම් පරිපාලන ප්‍රදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් හවුලේ අයිතිවාසිකම් කියන මූසන්ඩෑම් අර්ධද්වීපය පිහිටා ඇත. මෙම සමුද්‍ර සන්ධිය 90 nautical miles (167 km) පමණ දිගු වන අතර, එහි පළල 52 nmi (96 km) පමණ සිට 21 nmi (39 km) පමණ දක්වා වෙනස් වෙයි. [2][3]

ලෝකයෙහි ස්වාභාවික ද්‍රව වායුව සැපයුමෙන් තුනෙන් පංගුවක් සහ සමස්ත ගෝලීය තෙල් පරිභෝජනයෙන් 25% පමණ ප්‍රවාහනය වන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා වන බැවින්, ජාත්‍යන්තර වෙළඳාම සඳහා එය අතිශයින් වැදගත් උපායමාර්ගික ස්ථානයක් වෙයි. [3]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ වික්ටර් කටෝනා. "හවු ඉරාන් ප්ලෑන්ස් ටු බයිපාස් ද වර්ල්ඩ්ස් මේන් ඔයිල් චෝක්පොයින්ට්". Oilprice.com. 11 සැප්තැම්බර් 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-09-11.
  2. ^ ජොන් එම්. වැන් ඩයික් (2 ඔක්තොම්බර් 2008). "ට්‍රාන්සිට් පැසේජ් තෘ ඉන්ටර්නැෂනල් ස්ට්‍රේට්ස්" (PDF). ද ෆියුචර් ඔෆ් ඕසන් රෙජීම්-බිල්ඩිං. හවායි විශ්වවිද්‍යාලයය. p. 216. doi:10.1163/ej.9789004172678.i-786.50. ISBN 9789004172678. 7 අගෝස්තු 2020 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 ජූලි 2019.
  3. ^ a b "ද ස්ට්‍රේට් ඔෆ් හෝර්මුස් ඊස් ද වර්ල්ඩ්ස් මෝස්ට් ඉම්පෝර්ටන්ට් ඔයිල් ට්‍රාන්සිට් චෝක්පොයින්ට්". U.S. Energy Information Administration. 4 ජනවාරි 2012. 11 සැප්තැම්බර් 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 සැප්තැම්බර් 2018.