හෙළය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද  ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය හා පෙරදිග ධාන්‍යාගාරය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලිවලින් ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි

ජාතික ගීය: "ශ්‍රී ලංකා මාතා"

(ඉංග්‍රීසි: "Mother Sri Lanka")

මෙනුව

0:00

අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ(පරිපාලන)

කොළඹ (වාණිජ)

විශාලතම නගරය අනුරාධපුරය
නිල භාෂාව(න්) සිංහලදෙමළ
Recognized ඉංග්‍රීසි
ජාති නාම(ය) ශ්‍රී ලාංකික
රජය ඒකීය අර්ධ-ජනාධිපතිමය ප්‍රජාතාන්ත්‍රික ජනරජයකි
ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන
පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන
අගවිනිසුරු ජයන්ත ජයසූරිය
ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව
නිදහස

මහා බ්‍රිතාන්‍යයෙන්

වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ 65,610 km2 (25,330 sq mi) (122වන ස්ථානය)
• ජලය (%) 4.4
ජනගහණය
• 2012 ජන සංගණනය 20,277,597 (57වන ස්ථානය)
• ඝණත්වය 309/km2 (800.3/sq mi) (40වන ස්ථානය)
දදේනි (ක්‍රශසා) 2016 ඇස්තමේන්තුව
• සම්පූර්ණ ඇ.ඩො.බි.237.791
• ඒක පුද්ගල ඇ.ඩො.11,189
දදේනි (නාමික) 2016 ඇස්තමේන්තුව
• සම්පූර්ණ ඇ.ඩො.බි.82.239
• ඒක පුද්ගල ඇ.ඩො.3,870
ගිනි (2010) 36.4

මධ්‍යම

මාසද (2014) 0.757

ඉහළ · 73වන ස්ථානය

ව්‍යවහාර මුදල ශ්‍රී ලංකා රුපියල (LKR)
වේලා කලාපය UTC+5:30 (SLST)
දින ආකෘති
  • dd/mm/yyyy (AD)(ඉංග්‍රීසි)
  • yyyy/mm/dd (සිංහල)
රිය ධාවන මං තීරුව වම
ඇමතුම් කේතය +94
ISO 3166 code LK
අන්තර්ජාල TLD
වෙබ් අඩවිය

gov.lk

ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූපයක් ශ්‍රී ලංකාව (ඉංග්‍රීසි: Sri Lanka /sriːˈlɑːŋkə,_ʔˈlæŋkə/ or i/ʃriːʔ/;, දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (පැරණි නාමය ලංකාව), යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී.

ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද  ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව (ඉංග්‍රීසී: Ceylon /sɪˈlɒnˌ seɪʔˌ siːʔ/) ලෙස හඳුන්වනු ලැබිණි.

බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි.

ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය ජනරජයක් වේ. එහි පරිපාලන අගනගරය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන අතර, වාණිජ අගනගරය කොළඹ නගරයයි.

ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකාව වර්ථමානයේ දකුණු ආසියානු කලාපය තුල ඉහලම මානව සංවර්ධන දර්ශක අනුස්ථිතියක් පෙන්නුම් කරන රටවල් ද්විත්වය (අනෙක මාලදිවයින වේ) අතුරින් එකක්ද වේ.

පටුන[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හෙළය&oldid=649927" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි