හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගය

විකිපීඩියා වෙතින්
The driver stands beside a small electric locomotive towing four coal wagons
හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගය මත විද්‍යුත් දුම්රිය එන්ජිම සහ භාණ්ඩ වේදිකාව 1906 දී. 1959 දී මාර්ග වල නිමා කාලයේදී බ්‍රිතාන්‍ය දුපත් වල පැරණිම ක්‍රියාකාරී විද්‍යුත් දුම්රිය වූයේද මෙයයි.

හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගය යනු සැහැල්ලු දුම්රිය මාර්ගයකි. මෙහි හිමිකම සහ ‍මෙය පවත්වාගෙන යනු ලැබුවේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්ත සභාවෙනි. මෙය භාවිතා වූයේ හෙයිල්ෂම් නගරය ආසන්නයේ පිහිටා ඇති මානසික රෝහලක් වූ හෙලින්ග්ලි ආරෝග්‍යශාලාව වෙත එංගලන්තයේ බ්‍රින්ටන් සහ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගයේ, හෙලින්ග්ලි දුමරිය නැවතුම්පොල දෙසට විහිදුනු කුකූ දුම්රිය මාර්ගය ඔස්සේ මඟීන් සහ ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහාය.

දුම්රිය මාර්ගය ඉදිකෙරුණේ 1899 දී වන අතර මඟින් සඳහා විවෘත වූයේ එහි විදුලි බලය යෙදීමෙන් පසුව 1903 දී ජූලි 20 වෙනිදාය. 1923දී ඇති වූ දුම්රිය මාර්ග සමූහනය සමඟ මඟීන් ගණන සංඛ්‍යාත්මකව සැලකිය යුතු ලෙස අඩු වූ අතර රෝහල් අධිකාරිය මඟීන් ප්‍රවාහනය සම්බන්ධයෙන් තව දුරටත් ආර්ථික වශයෙන් ලාභදායී නොවන බැවින් මෙම සේවාව අතහැර දමන ලදී. එබැවින් 1959 වන විට මෙය භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙන් වූ අතර කලින් ප්‍රවාහනය කරන ලද ගල් අඟුරු වෙනුවට ආදේශකය වශයෙන් තෙල් යොදා ගැනිණි.

මෙම දුම්රිය මාර්ගයේ නැවතුම් පොළවල් වූ දකුණු හෙලින්ග්ලි දුමරිය නැවතුම්පොල, පැරණි ගොවිපොල සහ පාර්ක් නිවස පැති මග හන්දියෙන් පසු සෘජු මාර්ගයක් බවට පරිවර්තනය විය. මෙම දුම්රිය නැවතුම් පොළවල් රෝහලට අනුබද්ධිත ස්ථාන වූ අතර ඒවා බඩු පටවා ගැනීම, බඩු බෑම, නිෂ්පාදනය සහ සැපයීම සඳහා භාවිතා කරන ලදී. ඒ වන විට මෙම දුම්රිය මාර්ගය බොහෝ දුරට අඩි මාර්ගයක් බවට පරිවර්තනය වී ඇති අතර ඒ අවට පිහිටි ගොඩනැඟිලි මේ වන විට අතහැර දමා ඇත.

ඉදිකිරීම සහ විවෘත කිරීම[සංස්කරණය]

හෙලින්ග්ලි දුම්රියපොළ 20 වන සියවසට පෙර, එය කෙටි වීමට පෙර දැවමය වේදිකාව පෙන්වමින්

1897දී නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්ත සභාව අක්කර 400 (හෙක්ටයාර 160) ක භූමි ප්‍රමාණයක් හෙයිල්ෂම් නගරයේ සැතැප්ම තුනක් (කිලෝමීටර පහක්) උතුරට වන්නට පිහිටි පාර්ක් ෆර්ම් පෙදෙසින් ප්‍රභූන් පදිංචි නගරයක් වන චීචෙස්ටර් වලින්, පසුව හෙලින්ග්ලි ආරෝග්‍යශාලාව බවට පත් වූ මානසික ආරෝග්‍යශාලා භූමිය මිල දී ගන්නා ලදී. ගොඩනැගීම් කටයුතු 1900දී ආරම්භ වූ අතර එහි නිර්මාණ කටයුතු සිදු කරන ලද්දේ අසල පිහිටි හේවුඩ් සෞඛ්‍ය මානසික ආරෝග්‍යශාලාව නිර්මාණ කළ ජෝජ් තෝමස් හයින් විසිනි. ගොඩනැඟිලි ද්‍රව්‍ය භාණ්ඩ අංගනයේ සිට සැතැප්ම 1 1⁄4 (කිලෝමීටර 2) ක දුරින් පිහිටි භූමිය වෙත ප්‍රවාහනය කරන ලද්දේ හෙලින්ග්ලි දුමරිය නැවතුම්පොලෙහි කුකූ දුම්රිය මාර්ගය ඔස්සේය. සම්මත දුම්රිය මාර්ග එක් කිරීමේ මෙම සම්බන්ධතාවය ගොඩනැගුනේ ආරෝග්‍යශාලව ගොඩනැගූ මිනිසුන් සහ ජෝසෆ් හෝවේ සහ ආයතනය මඟිනි. ඇස්තමේන්තු ගත මුදල වන 1700 නැගෙනහිර සසෙක්ස් සභාව ගෙවූ පසු කොන්දේසි මත අනුමැතිය ලබාදෙනු ලැබුයේ එංගලන්තයේ බ්‍රින්ටන් සහ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගය මඟිනි.

හෙලින්ග්ලි දුමරිය නැවතුම්පොලෙහි ප්‍රධාන වේදිකාවට විරුද්ධ පැත්තේ කුඩා දැවමය වේදිකාවක් ඉදිකර තිබිණි. නැවතුම්පොලෙහි ගොඩනැඟිලි සහ මෙය අතර සම්බන්ධ වීමක් නොමැති අතර මෙය භාවිතා කරනු ලැබුයේ ප්‍රධාන මාර්ගය සහ රෝහල් දුම්රිය අතර මඟීන් හුවමාරු කිරීමට පමණි. එසේම එය පාවිච්චි නොකරන විට එය ක්‍රියා විරහිත කොට තැබිය හැක. හෙලින්ග්ලි දුම්රිය නැවතුම්පොලෙහි ගල් අඟුරු අංගන සහ පැති මං ද ඉදිකර තිබිණි. 1903 දී ආරෝග්‍යශාලාව රෝගීන් සඳහාත් දුම්රිය මාර්ගය මඟීන් සඳහාත් විවෘත විය.

ගමන් මඟ[සංස්කරණය]

හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගයේ ගමන් මඟ

හෙලින්ග්ලි දුම්රිය නැවතුම්පොලෙදී කුකූ මාර්ගය අවසන් විය. දුම්රිය මාර්ගය, කුකූ මාර්ගයට වේදිකාව අවසානයේදී උතුරින් සහ දකුණින් සම්බන්ධ වුවත්, දුම්රිය ඒ හරහා ගමන් නොකෙරිණි. හන්දියේදී කුකූ මාර්ගයත් සමඟ මාර්ග සකස්වීම හේතුවෙන් රෝහලට එන සහ යන මගී දුම්රියන් හෙලින්ග්ලි දුම්රිය නැවතුම්පොලෙදී ආපසු හැරවිණි.

හෙලින්ග්ලිහි දකුණින් ප්‍රධාන මාර්ග හැරයාමත් සමඟ දුම්රිය මාර්ගය ගේට්ටුව පසු කර අලුත් පාරේදී සහ පාර්ක් පාරේදී මාර්ගය මාරුවිය. ගොවිපල පැති මාර්ගය හරස් මාරුවෙන් ඔබ්බට ගිය මාර්ගයේ බටහිරින් පිහිටි තනි පැති මාර්ගයක් විය. එය පෙර වසරයන්ගේ සිටම ගොවීන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදනයන් සඳහා විශේෂ ස්ථානයක් විය. නමුත් පසුව එය භාවතයෙන් ඉවත් විය. හෙලින්ග්ලි සහ රෝහල අතර අඩ තැනනේදී මාර්ගය රෝහල් පිටටනියට ඇතුලු වන අතර පාරක් නිවාස පැති මාර්ගය බටහිර පදෙස පසු කර රෝහලේ උපගෘහයට සේන්දු විය.

මෙය රෝහලට ළඟා වන විට, මාර්ගය කොටස් වලට බෙදෙන අතර දකුණු අත්ත රෝහලේ වයඹ පැති දොර දෙසට මෙහෙයවන අතර අනෙක්වා තියුණු ලෙස සම්පූර්ණයෙන් වාගේ නැවත කොට් වලට බෙදිණ. එක කොටසක් වැඩපොළ දෙසට දිවෙන අතර අනෙක කෙටි වේදිකාව දෙසට මෙහෙවිණි. මෙය මූලිකවම පාවිව්චි කෙරු‍ණෙ මගීන් සඳහාය. මගී සේවාව තාවකාලිකව නැවතීමෙන් පසුව එය ගල් අඟුරු තටාකයක් බවට පරිවර්තනය විය.

සන්ධි වලදී ප්‍රධාන මාර්ගය සහ පැති මර්ග පාලනය කිරීමට සලකුණු හෝ ස්වයංක්‍රීය සලකුණු නොමැති විය. හරස් මාර්ග මාරු වීමට සමීප වීමේදී ගිනිකෙළිකාරයා රතු කොඩියක් සමඟ ඉදිරියට දිවවිත් වාහන ගමනාගමනය නවත්වනු ලැබිණ. ඔහු සලකුණු අතින් ක්‍රියා කරවීය.

ක්‍රියා කරවන බලශක්තිය[සංස්කරණය]

රෝහල ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ජෝෂප් හෝවේ සමාගම විසින් 0-4-0 ආසන ටැංකි දුම්රිය එන්ජිමක් භාවිතා කරන ලදී. මෙය 1900 වසරේදී මිලදී ගෙන ආරෝග්‍යශාලා ඉදි කිරීම් අවසන් වීමෙන් පසු සහ විදුලි බලය යෙදීමත් සමඟම 1903 දී එම දුම්රිය එන්ජිම විකුනණ ලදී.

1902 දී ආරෝග්‍යශාලාවේ විදුලු බලාගාරය විසින් උත්පාදනය කළ ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ ශක්තිය භාවිතයෙන් දුම්රිය පීලි විදුලු පීලි බවට පත් කිරීමට තීරණය කරන ලදී. වෝල්ට් 500ක සරල ධාරා තනි විදුලු වයරයක් දුම්රියට විදුලි බලය ලබා දීමට යොදා ගන්නා ලදී.

ක්‍රියාකාරිත්වයන්[සංස්කරණය]

එංගලන්තයේ බ්‍රින්ටන් සහ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගයේ සැලැස්ම (තිත් රේඛාව) සහ හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගය (ඝන) රේඛා සහ හෙලින්ග්ලි දුම්රියපො‍ළෙහි වේදිකා

1923 දී සිදු කරන ලද දුම්රිය වර්ගීකරණයේදී එංගලන්තයේ බ්‍රින්ටන් සහ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගය දක්ෂිණ දුම්රිය මාර්ග වල කොටසක් වූ අතර රෝහල (නැගෙනහිර සසෙක්ස් මානසික රෝහල) හා එංගලන්තයේ බ්‍රින්ටන් සහ දකුණු වෙරළබඩ දුම්රිය මාර්ගය අතර ගිවිසුම යාවත් කාලීන කරන ලදී. හෙලින්ග්ලි දුම්රිය නැවතුම්පලෙහි ලී වේදිකාවේ දිගද 1922 දී සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන ලද්දේය. සේවා සැපයුම් මට්ටම, රෝගීන් සංඛ්‍යාව, රෝහල් ගල් අඟුරු ප්‍රමාණය හා ආහාර අවශ්‍යතා මත රඳා පැවතුන නිසා දුම්රිය ගමනාගමනය කිසිදිනක කාල සටහනකට අනුව සිදු නොවුණි. 1931 දී දුම්රිය මාර්ග සංඛ්‍යාව පහත වැටුන නිසා තවදුරටත් මගීන් ප්‍රවාහනය ආර්ථික වශයෙන් ලාභදායි නොවන බව රෝහල් බලධාරීන් විසින් තීරණය කරන ලද හෙයින් එය අත්හිටවන ලද්දේය. මගි මෝටර් රථය රෝහල් හෙලින්ග්ලි ගෙන එන ලද අතර, වියනක් සවි කිරිමෙන් අනතුරුව රෝහලු ක්‍රීඩා පරිශ්‍රයට බවට පත් විය. 1990 මැද භාගයේදී විනාශකාරීන් විසින් ඇතිකරන ලද ගින්නක් හේතුවෙන් මෙය විනාශයට පත් විය. 1932 දී හෙලින්ග්ලි දුම්රියපො‍ළෙහි ලී වේදිකාව ඉවත් කරන ලද අතර රෝහල් වේදිකාව ගල් අඟුරු බවට පත් විය.

මෙහි සිදු වූයේ සුලු අනතුරු දෙකක් පමණි. මෝටර් රථ හා පීලි එන්ජිමක් අතර ගැටුමක්, තිරින්ග නැති වීම හේතුවෙන් වැගන් මෝටර් රථයක් හෙලින්ග්ලි දුම්රිය නැවතුමට පෙරලීමෙන් සිදු වූ අනතුරක්.

1939 නොවැම්බර් 22 සැලසුම් වෙනස් කරමින් ගිලන් රථ දුම්රිය වලට රෝහල් පරිශ්‍රයට පැමිණීමට ඉඩ සලසන ලද අතර මෙම ක්‍රියාව සඳහා බලතල ද පවරන ලදී. කෙසේ වෙතත් රෝගීන් ප්‍රවාහනයට මෙම මාර්ගය කිසි දිනක යොදා නොගැනුණි. නමුත් දෙවන ලෝක යුද්දයේදී කැනේඩියානු හමුදාව විසින් පාර්ක් නිවස රෝහලක් ලෙස යොදා ගැනීමේදී, හෙලින්ග්ලි දුම්රිය මාර්ගයේ ගිලන් රථ දුම්රිය රෝගීන් ප්‍රවාහනයට යොදා ගත්තේය. අනතුරුව රෝගීන් පාර්ක් නිවස දක්වා ගෙන එන ලද්දේ මහා මාර්ගයෙනි.

නිමවීම[සංස්කරණය]

1948 ජාතික සෞඛ්‍ය සේවාව ස්ථාපනය කළ දා සිට හෙයිල්ෂම් ආරෝග්‍යශාලා කළමණාකරණ කමිටුව යටතේ හෙලින්ග්ලි ආරෝග්‍යශාලාව පාලනය විය. 1950 දශකයේ අග භාගයේ ගල් අඟුරු වලින් ක්‍රියාත්මක වූ බොයිලේරු තෙල් වලින් ක්‍රියාත්මක කිරීම ඇරඹිණි. එමනිසා තවදුරටත් දුම්රිය මඟින් ගල් අඟුරු ප්‍රවාහනය කිරීම අවශ්‍ය නොවිණි. 1959 මාර්තු 10 වන දින අවසන් ගල් අඟුරු තොගය බෙදි හරින ලදී.

ආරෝග්‍යශාලා බලධාරීන් සහ ඉන්පසු හිමිකරුවන් අතර ඇති වූ එකඟතාවය මත බලධාරීන් විසින් දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමට එකඟ විය. බොයිලේරු තෙල් වලින් ක්‍රියාත්මක කිරීමෙන් පසුව දුම්රිය මාර්ග නඩත්තු කිරීම ලාභදායී නොවන බැවින් 1959 මාර්තු 25 දින අවසන් වරට ගල් අඟුරු දුම්රිය පිටත් වීමෙන් අනතුරැව නිල වශයෙන් දුම්රිය මාර්ගය වසා දැමිණ.

මෙම මාර්ගය වසා දැමිමෙන් අනතුරැව ටික කලකට විනෝද ගමන් සඳහා විදුලි දුම්රියක් භාවිතයෙන් මෙම මාර්ගය භාවිතා කරන ලදී.

වත්මන් තත්වය[සංස්කරණය]

හෙලින්ග්ලි දුම්රියපොළ, 2008

ආරෝග්‍යශාලා දුම්රිය සේවය ආරම්භ වීමෙන් පසු කුකූ දුම්රිය සේවය වසා දැමිණි. 1965 ජූනි 14 වන දින හෙලින්ග්ලි දුම්රිය ස්ථානය මඟීන් සඳහා වසා දමන ලදී. ඉන්පසුව 1968 අප්‍රේල් 26 වන දින භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද වසා දැමිණ. වර්තමානයේ මෙම සම්පූර්ණ වේදිකාව සමඟ වූ දුම්රිය ස්ථානයේ ගොඩනැඟිල්ල පෞද්ගලික නිවාසයක් බවට පත්ව ඇත. 1990 දී කුකූ දුම්රිය මාර්ගය මඟීන් ගමන් කරන දිගු මාර්ගයක් බවට පරිවර්තනය විය. එලෙසම ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගයෙන් වැඩි කොටසක් මඟීන් ගමන් කරන මාර්ගයක් බවට පරිවර්තනය විය.

හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගයේ සලකුණු දැනටද දැක බලා ගත හැකිය. ඒ අතර ඉවත දමන ලද යකඩ කණු දුම්රිය රැහැන් යනාදිය මේ අතර වේ. දුම්රිය එංජින් පර්යන්තය හා ඉතුරු කොටස් 2004 දී පුලුස්සා දමන ලදී. වර්තමානයේ හෙලින්ග්ලි ආරෝග්‍යශාලා වසා දමා ඇත. 2009 දී එම පෙදෙසේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගෙන ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

හෙලින්ග්ලි ආරෝග්‍යශාලා දුම්රිය මාර්ගය ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

බාහිර සබැඳුම්[සංස්කරණය]