හෙලිකොබැක්ටර් පයිලෝරි
| හෙලිකොබැක්ටර් පයිලෝරි ආසාදනය Helicobacter pylori infection | |
|---|---|
| වෙනත් නම් | H. pylori ආසාදනය, Campylobacter pylori |
| ප්‍රතිශක්ති-පටක-රසායනික මඟින් වර්ණ ගැන්වූ H. pylori (දුඹුරු), ආමාශ බයොප්සියකි | |
| උච්චාරණය | |
| විශේෂඥතාව | ආසාදක රෝග, අමාශයාන්ත්‍රික වේදය |
| රෝග ලක්ෂණ | උදර වේදනාව, ඔක්කාරය, පපුවේ දැවිල්ල[3] |
| හේතූන් | Helicobacter pylori, ව්‍යාප්ත වන්නේ මල-මෞඛ හෝ මෞඛ–මෞඛ මාර්ගයෙනි[4] |
| රෝග විනිශ්චය ක්‍රමය | යූරියා ශ්වසන පරීක්ෂණය, මල ප්‍රතිදේහජනක පරීක්ෂාව, ශීඝ්‍ර යූරියේස් පරීක්ෂණය, පටක බයොප්සි[4] |
| වෙනත් විනිශ්චයන් | සීලියැක් රෝගය, ක්‍රෝන්ගේ රෝගය, NSAID භාවිතය, ලැක්ටෝස් අමර්ෂය[3] |
| ඖෂධ | ප්‍රෝටෝන-පම්ප නිෂේධක, ක්ලැරිත්‍රොමයිසින්, ඇමොක්සිසිලින්, බිස්මත් සබ්සැලිසිලේට්, මෙට්‍රොනිඩසෝල්[5][4] |
| සංඛ්‍යාතය | 60% (2015)[6] |
හෙලිකොබැක්ටර් පයිලෝරි ආසාදනය යනු සාමාන්‍යයෙන් ආමාශයේ ඇතිවන හෙලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියාව මගින් සිදුවන ආසාදනයකි.[3] සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නොමැත; නමුත් එය 25% ක් තුළ ආමාශයික ප්‍රදාහය (ආමාශයේ දැවිල්ල) හෝ 10% ක් තුළ ආමාශයේ වණ ඇති කළ හැකිය.[4][5] රෝග ලක්ෂණ අතර උදර වේදනාව, ඔක්කාරය සහ පපුවේ දැවිල්ල ඇති විය හැක.[3] මෙම ආසාදනය ක්ෂීණ ආමාශයික ප්‍රදාහය, ආමාශයික පිළිකා සහ ශ්ලේෂ්මල ආශ්‍රිත-ලිම්ෆොයිඩ් වර්ගයේ (MALT) ලිම්ෆෝමා සමඟ ද සම්බන්ධ වේ.[4][3]
එය බොහෝ දුරට මල-මුඛ මාර්ගයෙන් සහ සමහර විට මුඛ-මුඛ මාර්ගයෙන් පැතිරෙන බව විශ්වාස කෙරේ.[4] අවදානම් සාධක අතරට රෝගය බහුලව පවතින ප්‍රදේශයක ජීවත් වීම සහ දරිද්‍රතාවය ඇතුළත් වේ.[4][3] හෙලිකොබැක්ටර් පයිලෝරි යනු ග්‍රෑම්-වර්ණ නොගැන්වෙන, ක්ෂුද්‍ර වායුකාමී, වක්‍ර දණ්ඩාකාර බැක්ටීරියාවකි.[4] රෝග විනිශ්චය යනු යූරියා හුස්ම පරීක්ෂාව, මල ප්‍රතිදේහජනක විශ්ලේෂණය, වේගවත් යූරියේස් පරීක්ෂණය හෝ පටක බයොප්සි පරීක්ෂණ මගිනි.[4] මස්තුවේදය (serology) මගින් වත්මන් හෝ අතීත ආසාදනයක් පෙන්නුම් කළ හැකිය.[4]
රෝග ලක්ෂණ නොමැති අවස්ථාවන්ට නිශ්චිත ප්‍රතිකාර අවශ්‍ය නොවේ.[4] එසේ නොමැතිනම් ප්‍රෝටෝන පොම්ප නිෂේධකයක් (PPI), ඇමොක්සිසිලින්, මෙට්‍රොනිඩසෝල් සහ ක්ලැරිත්‍රොමයිසින් සංයෝගයක් භාවිතා කළ හැකිය.[5] අනෙකුත් විකල්ප අතර PPI, බිස්මත් සබ්සැලිසිලේට්, මෙට්‍රොනිඩසෝල් සහ ටෙට්‍රාසයික්ලින් ඇතුළත් වේ.[4] ප්‍රතිකාර සාමාන්‍යයෙන් දින 14 ක් පමණ ලබාදෙනු ලබයි.[4] 2015 වන විට H. pylori එන්නතක් පිළිබඳ පර්‍යේෂණ වෙමින් පැවතිණ.[3]
2015 දී ලෝක ජනගහනයෙන් 60% ක් ආසාදනය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල බහුලව දක්නට ලැබේ.[4] ආරම්භය බොහෝ විට ළමා කාලයේ දී සිදු වේ.[3] එක්සත් ජනපදයේ අවුරුදු 10 ට අඩු ළමුන්ගෙන් 5% ක් පමණ මෙම රෝගයට ගොදුරු වේ.[3] මෑත දශක කිහිපය තුළ, බොහෝ රටවල අනුපාත පහත වැටී ඇත.[7] මෙම බැක්ටීරියාව ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ 1982 දී ඕස්ට්‍රේලියානු වෛද්‍යවරුන් වන බැරී මාෂල් සහ රොබින් වොරන් විසිනි.[8][9]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ "Helicobacter". Merriam-Webster Dictionary., "pylori". Merriam-Webster Dictionary..
- ↑ "pylori". Dictionary.com Unabridged. Random House.
- 1 2 3 4 5 6 7 8 9 Parikh, NS; Ahlawat, R (January 2022). "Helicobacter Pylori". StatPearls. PMID 30480966.Parikh, NS; Ahlawat, R (January 2022).
- 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Helicobacter pylori - Chapter 4 - 2020 Yellow Book | Travelers' Health | CDC". wwwnc.cdc.gov. 20 January 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 February 2022."Helicobacter pylori - Chapter 4 - 2020 Yellow Book | Travelers' Health | CDC".
- 1 2 3 "Management of Helicobacter pylori in 2023: who should be tested, treated, and how | This Changed My Practice". thischangedmypractice.com. 20 October 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 September 2023.
- ↑ Hooi JK, Lai WY, Ng WK, Suen MM, Underwood FE, Tanyingoh D, et al. (August 2017). "Global Prevalence of Helicobacter pylori Infection: Systematic Review and Meta-Analysis". Gastroenterology. 153 (2): 420–429. doi:10.1053/j.gastro.2017.04.022. PMID 28456631.
- ↑ Minalyan A, Gabrielyan L, Scott D, Jacobs J, Pisegna JR (August 2017). "The Gastric and Intestinal Microbiome: Role of Proton Pump Inhibitors". Current Gastroenterology Reports. 19 (8): 42. doi:10.1007/s11894-017-0577-6. PMC 5621514. PMID 28733944.
- ↑ Rees, Alan M. (1997). Consumer Health USA (ඉංග්‍රීසි බසින්). Greenwood Publishing Group. p. 194. ISBN 978-1-57356-068-9. 2022-02-23 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2022-02-23.
- ↑ Warren JR, Marshall B (June 1983). "Unidentified curved bacilli on gastric epithelium in active chronic gastritis". Lancet. 1 (8336): 1273–5. doi:10.1016/S0140-6736(83)92719-8. PMID 6134060.
| වර්ගීකරණය | |
|---|---|
| බාහිර සම්පත් |