හේබියස් කෝර්පස්

විකිපීඩියා වෙතින්
(හෙබයාස් කොපුස් වෙතින් යළි-යොමු කරන ලදි)

හේබියස් කෝර්පස් (ඉංග්‍රීසි:  Habeas corpus, මධ්‍යතන ලතින් වචනාර්ථයෙන් "ඔබ සන්තකයෙහි දේහය ඇති බව" යන )[1] යනු, නීතියෙහි පවතින උපයෝජයනයක් වන අතර, එය භාවිතයෙන් නීතිවිරෝධි රඳවා තබා ගැනීමක් හෝ සිරගත කිරීමක් හෝ පුද්ගලයෙකු විසින් අධිකරණයකට වාර්තා කල හැකි අතර, රඳවා තබා ගැනීම නීතිවිරෝධීද යන බව නිර්ණය කිරීම සඳහා අදාල පුද්ගලයාගේ භාරකාරයා හට, සාමාන්‍යයෙන් බන්ධනාගාර නිලධාරියෙක් හට, සිරකරු අධිකරණය වෙත පමුණුවන ලෙසට නියෝග කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකිය.[2]

හේබියස් කෝර්පස් රීට් ආඥාව හැඳින්වෙන්නේ " නීති වි‍රෝධී ලෙස සිර කර ගෙන සිටීමෙහි සමස්ත ආකාර පිළිබඳව කටයුතු කිරීම සඳහා ඇති බලවත් සහ ප්‍රත්‍යක්ෂ රීට් ආඥාව" ලෙසින් වන අතර,[Note 1] අති බලවන්තයන් හට එරෙහිව අන්ත ගැරහුමට ලක්වූවන් වෙත ඇති නෛතික ප්‍රතිකර්මයක් වෙයි. එය වනාහී අධිකරණ නියෝගයක බලාධිකාරිය සහිත සිතාසියකි; භාරකරු හට (නිදසුනක් වශයෙන් බන්ධනාගාර නිලධාරියෙක් හට) යොමුවන මෙය විසින්, අධිකරණය වෙත සිරකරු පමුණුවන ලෙසටද, සිරකරු රඳවා තබා ගැනීම සඳහා නීතිමය අධිකාරී බලයක් භාරකරු වෙත පවතීද යන්න අධිකරණය විසින් නිර්ණය කිරීමට හැකි වනු වස්, භාරකරු විසින් අධිකාරි බලය සතු බවට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසටද නියම කෙරෙයි. භාරකරු විසින් ඔහුගේ හෝ ඇයගේ හෝ අධිකාරී බලය ඉක්මවා ක්‍රියා කරයි නම් සිරකරු නිදහස් කල යුතු වෙයි. ඕනෑම සිරකරුවකු විසින් හෝ ඔහු හෝ ඇය හෝ වෙනුවෙන් පෙනී සිටින වෙනත් පුද්ගලයෙකු විසින් හෝ අධිකරණය වෙත හෝ විනිශ්චයකාරයෙකු වෙත හෝ, හේබියස් කෝර්පස් රීට් ආඥාවක් සඳහා පෙත්සම ඉදිරිපත් කල හැක. සිරකරු විසින් නොව වෙනත් අයෙකු විසින් රීට් ආඥාව ඉල්ලා සීටීමට හේතුව වන්නේ රඳවනු ලැබූ අය හුදකලා සිර අඩස්සියේ තබා සිටීමයි. බොහෝ සිවිල් නීති අධිකරණ බල සීමාවන් විසින්, නීතිවිරෝධි ලෙසින් රඳවා තබා ගන්නාවූ අය වෙනුවෙන් මෙවැනිම ප්‍රතිකර්මයක් ලබා දුන්නද එය සැම විටම හේබියස් කෝර්පස් ලෙසින් හැඳින්වෙන්නේ නැත. [3] නිදසුනක් වශයෙන්, සමහරක් ස්පාඤ්ඤ බස කතා කරන දේශයන්හී, නීතිවිරෝධී සිරගත කිරීමට එරෙහි සමතුල්‍ය ප්‍රතිකර්මය වන්නේ අම්පාරෝ දෙ ලිවර්තාද් ("නිදහස ආරක්ෂා කිරීම") වෙයි.

හේබියස් කෝර්පස් වෙත කිසියම් සීමා පැනවෙයි. එය රීට් ආඥාවක් සඳහා අයිතිවාසිකමක් වුවද, ඇත්ත වශයෙන්ම එය රීට් ආඥාවක් නොවෙයි. [Note 2] රිත්‍යානුකූල වශයෙන් එය හුදු පටිපාටීය ප්‍රතිකර්මයකි; නීතිය විසින් තහනම් කරන ලද රඳවා තබා ගැනීමකට එරෙහිව එය සහතිකයක් වුවද, සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති හිමිකම වැනි අනෙකුත් අයිතිවාසිකම් එය විසින් ආරක්ෂා නොකරයි. එබැවින්, නඩු විභාගයක් නොමැතිව සමාරෝධනය වැනි පැනවීමක් නීතිය විසින් අනුදත් විටෙකදී, හේබියස් කෝර්පස් ඵලදායී ප්‍රතිකර්මයක් නොවනු විය හැකිය. යුද්ධය හෝ හදිසි නීතිය හෝ වැනි ව්‍යාජ හේතූන් ගෙනහැර පාමින්, සමහරක් රටවල් තුලදී මෙම රීට් ආඥාව තාවකාලික ලෙසින් හෝ ස්ථීර ලෙසින් හෝ අත්හිටුවා ඇත.

මෙම කරුණු කෙසේවතුදු, හේබියස් කෝර්පස් රීට් ආඥාවක් සඳහා පෙත්සමක් ගොනු කිරීම යනු විෂය පාත්‍රයෙකුගේ නිදහස රැකගැනුම සඳහා පවතින වඩාත් කාර්යක්ෂම ක්‍රමෝපායය ලෙසින් බොහෝ කලෙක සිට සැලකිලි ලබමින් පවතියි. නීතිවේදී ඇල්බට් වෙන් ඩයිසි විසින් ලියා තැබුනේ, බ්‍රිතාන්‍ය හේබියස් කෝර්පස් පණත් විසින් "කිසියම් මූලධර්මයක් ප්‍රකාශ නොකරන අතර කිසියම් අයිතිවාසිකමක් නිර්වචනය නොකරන මුත්, ප්‍රයෝගික කරුණු කාරණා වලදී, පුද්ගල නිදහස තහවුරු කරමින් ලියැවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කොන්දේසි සිය ගණනකට වඩා වටිනා බවයි". [4]

සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]

  1. "හේබියස් කෝර්පස්". මේරියම්-වෙබ්ස්ටර්. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2015.
  2. ලාර්සන්, ඒරන් (24 ජූලි 2016). "වට් ඊස් හේබියස් කෝර්පස්". ExpertLaw (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 1 මැයි 2017.
  3. වෙන් ඩයිසි, ඇල්බට්. ඉන්ට්‍රඩක්ෂන් ටු ද ස්ටඩි ඔෆ් ද ලෝ ඔෆ් ද කන්ස්ටිට්‍යුෂන්.
  4. ඇන්තනී රයිට් (1994) සිටිසන්ස් ඇන්ඩ් සබ්ජෙක්ට්ස්: ඇන් එසේ ඔන් බ්‍රිටිෂ් පොලිටික්ස්, රූට්ලෙජ්, 1994
  1. බ්ලැක්ස්ටෝන් පරිදී
  2. ඉල්ලුම්කරු විසින් ප්‍රයිමා ෆේෂි බැලු බැල්මට පෙනෙන නඩුවක් සැදිය යුතුවෙයි. කෙසේවෙතත්, ඔහු එසේ සිදු කල පසුව, අයිතිවාසිකමක් ලෙසින් රීට් ආඥාවට ඔහු හිමිකම් ලබන අතර, එය ඔහුට පිරිනැමෙන්නේ එක්ස් ඩේබිටෝ ජෂ්ටීෂියේ ("යුක්තිය ඉටුකිරීම උදෙසා විය යුත්තක් ලෙසින්", එනම්, අයිතිවාසිකම් පිළිබඳ කරුණක් ලෙසිනි)
"https://si.wikipedia.org/w/index.php?title=හේබියස්_කෝර්පස්&oldid=431698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි