Jump to content

හිෆීස්ටස්

විකිපීඩියා වෙතින්
හිෆීස්ටස්
කලාකරුවන්ට, කම්මල්කරුවන්ට, වඩුවන්ට, අග්නියට, ලෝහ කර්මාන්තයට, ලෝහ උණුකිරීමට, ප්‍රතිමා කලාවට සහ ගිනිකඳුවලට අධිපති දෙවියන්
ද්වාදශ ඔලිම්පියානුවෝහි සාමාජික
හිෆීස්ටස් (වමේ) තීටිස් වෙත ඇකිලීස්ගේ සන්නාහය භාරදෙන අයුරු. බර්ලින් වාත්තු කුසලානය, ඇටික රතු-රූ සහිත කයිලික්සයකි; ක්‍රි.පූ.. 500–490 පමණ[1]
වාසභවනයඔලිම්පස් කන්ද
සංකේතයමිටිය, කිනිහිර, අඬුව
පෞද්ගලික තොරතුරු
වල්ලභයාඇෆ්‍රඩයිටී (දික්කසාද වූ)
චාරිස්/ඇග්ලෙයා
දෙමාපියන්සියුස් සහ හේරා, හෝ හේරා තනිව
සොයුරු/සොයුරියන්ඒරීස්, හීබී, අයිලීතියා
දරුවන්තැලියා, එරික්තෝනියස්, සහ කැබේරී
රොම සමානයාවුල්කන්


හිෆීස්ටස් (එරා :/hɪˈfiːstəs/ hih-FEE-stəs, එජ :/hɪˈfɛstəs/ hih-FES-təs; අක්ෂර වින්‍යාස අටක්; පුරාතන ග්‍රීක: Ἥφαιστος, රෝමානුකෘත: Hḗphaistos) ‍යනුවෙන් හැඳින්වෙන්නේ කලාකරුවන්ට, කම්මල්කරුවන්ට, වඩුවන්ට, කර්මාන්තකරුවන්ට, අග්නියට, ලෝහ කර්මාන්තයට, ලෝහ උණුකිරීමට, ප්‍රතිමා කලාවට සහ ගිනිකඳුවලට අධිපති ග්‍රීක දෙවියායි.[2] ග්‍රීක පුරාණෝක්තිවේදය තුළ, හිෆීස්ටස් යනු හේරා ගේ පුත්‍රයා වූ අතර, ඔහු හේරාගෙන් පමණක්ම හෝ සියුස්ට දාව හේරාට උපදින්නට ඇතැයි පැවසේ. ඔලිම්පස් කන්ද මුදුනේ දී ඔහුගේ මව වූ හේරා විසින් ඔහුව නිර්මාණය කරන්නට ඇතැයි පැවසේ; ඇතැම් වාර්තා අනුව සියුස් විසින් හේරාගේ ආරක්ෂාව සඳහා ඔහුව නිර්මාණය කළ බව සඳහන් වේ.[3][4]

කම්මල්කරුවෙකු ලෙස, හිෆීස්ටස් ඔලිම්පස් හි දෙවිවරුන්ගේ සියලු ආයුධ නිර්මාණය කළේය. ඔහු දෙවිවරුන්ගේ කම්මල්කරුවෙකු ලෙස සේවය කළ අතර, ග්‍රීසියේ, විශේෂයෙන් ඇතන්ස්හි නිෂ්පාදන හා කාර්මික මධ්‍යස්ථානවල වන්දනාමාන කරන ලදී. හිෆීස්ටස් වන්දනාව ලෙම්නොස් හි පදනම් විය. හිෆීස්ටස්ගේ සංකේත වන්නේ කම්මල්කරුවෙකුගේ මිටිය, අමුණ සහ අඬු යුගලයකි. රෝමයේදී, ඔහු වල්කන් සමඟ සමාන කරන ලදී.

සටහන්

[සංස්කරණය]


සැකිල්ල:Greek mythology (deities)

  1. ↑ Digital LIMC 25775 (Hephaistos 5).
  2. ↑ Walter Burkert, Greek Religion 1985: III.2.ii; see coverage of Lemnos-based traditions and legends at Mythic Lemnos
  3. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "Foot" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "Hera" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=හිෆීස්ටස්&oldid=795134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි