හියුගෝ චාවේස්ගේ මරණය

විකිපීඩියා වෙතින්
හියුගෝ චාවේස්ගේ මරණය
හියුගෝ චාවේස් ගේ මෘතශරීරය රැගත් අවමඟුල් රථය
ස්ථානයකරකාස්, වෙනිසියුලාව
දිනය5 මාර්තු 2013

වෙනිසියුලාවෙහි 45වන ජනාධිපතිවරයා, හියුගෝ චාවේස්, වයස අවුරුදු 58 ක්ව තිබියදී, 2013 මාර්තු 5 දිනදී 16:25 වීඊටී (20:55 යූටීසී) වේලාවට වෙනිසියුලාවෙහි කරකාස් නගරයෙහි, පිළිකා රෝගයක් හේතුවෙන් මිය ගියේය. ඔහුගේ මරණය නිසා ජනාධිපතිවරණයක් සඳහා යාන්ත්‍රණය දියත් වුනු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර එය දින 30 ඇතුලත ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි. චාවේස්ගේ මරණයෙන් පසුව අප්‍රේල් 14 දින දක්වා, අන්තර්වාර ජනාධිපතිවරයා ලෙසින් නිකෝලස් මදූරො සේවය කලේ, චාවේස් විසින් ඔහුගේ අනුප්‍රාප්තිකයෙක් ලෙසින් නිකෝලස් මදූරො නම් කර තිබුණු හෙයින් උපජනාධිපතිවරයා විසින් රටෙහි පාලනය භාර ගැනීමට අකමැත්ත පල කල බැවිණි. [1] [2]

චාවේස් පළමුවෙන් ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වූයේ 1998 වසරෙහිදී වන අතර 2000, 2006 සහ අවසන් වශයෙන් 2012 වසරෙහිදී යළි-තේරී පත්විය. කෙසේවෙතත්, 2012 ජනාධිපතිවරණයෙන් පසුව සතරවන ධූර කාලය සඳහා දිවුරුම් දීමට චාවේස් හට නොහැකි වූයේ ඔහුගේ අසනීප තත්ත්වය නිසාය.

අසනීප තත්ත්වය සහ මරණය[සංස්කරණය]

ඔහුගේ පළමුවන පිළිකා සැත්කමට මඳ කලකට පසුව, 2011 වසරෙහි ජූලි මාසයෙහිදී රෆායෙල් කොරෙයා හා සමගින් සැරමිටියක් ආධාරයෙන් චාවේස් ඇවිදින අයුරු.

2011 ජූනි මාසයෙහිදී ඔහුගේ ශ්‍රෝණි ප්‍රදේශයෙහි ගැටිත්තක් හමුවීමත් සමගම, චාවේස් පිළිකා රෝගයකින් පෙළෙන බවට රෝග විනිශ්චය කෙරිණි. කියුබාවෙහි හවානා වෙත ගිය ඔහු, ඔහුගේ උකුල ප්‍රදේශය වෙතින් ‘‌‌බේස් බෝලයක් තරම විශාලත්වයෙහි’ මාත්සරික පිළිකාකාරක පටක ප්‍රමාණයක් ඉවත් කිරීමෙහි ශල්‍යකර්මයකට භාජනය කෙරිණි. මසකට පසුව, වෙනිසියුලාවෙහිදී දෙවන ශල්‍යකර්මයකට ඔහු භාජනය කෙරිණි. ඊළඟ මාස 12 ඇතුළතදී, රසායනික චිකිත්සා මාලාවකට ඔහු භාජනය කෙරිණි.

  1. "නිකෝලස් මදූරො ඉලෙක්ටඩ් ප්‍රසිඩන්ට්", ස්කයි නිවුස් වෙතින්
  2. "ෆොරින් මිනිස්ටර්: වීපී මදුරො ඊස් ඉන්ටරිම් ප්‍රසිඩන්ට්". ඇසෝෂියේටඩ් ප්‍රෙස්. Archived from the original on 9 මාර්තු 2013. https://web.archive.org/web/20130309024846/http://bigstory.ap.org/article/foreign-minister-vp-maduro-interim-president. සම්ප්‍රවේශය කෙරුණු දිනය 6 මාර්තු 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=හියුගෝ_චාවේස්ගේ_මරණය&oldid=445292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි