හින්දුස්තාන් ඇම්බැසැඩර්

විකිපීඩියා වෙතින්
නවදිල්ලි මහ ලේකම් ගොඩනැගිල්ලේ උතුරු කාණ්ඩය පිටත ගාල් කර ඇති නිල හින්දුස්තාන් ඇම්බැසැඩර් මෝටර් රථ

හින්දුස්තාන් ඇම්බැසැඩර් යනු, ඉන්දියාවේ හින්දුස්තාන් මෝටර්ස් සමාගම විසින් නිෂ්පාදනය කෙරුණු මෝටර් රථයකි. මුලින්ම 1956 සිට 1959 දක්වා එක්සත් රාජධානියේ කව්ලි, ඔක්ස්ෆර්ඩ්හී මොරිස් මෝටර්ස් සමාගම විසින් තැනුනු මොරිස් ඔක්ස්ෆර්ඩ් III මාදිළිය මත පදනම්ව, එහි වැඩිදියුණු කිරීම් හෝ වෙනස්කම් කිහිපයක් සහිතව කෙරුණු මෙම මෝටර් රථ නිෂ්පාදනය 1958 සිට අඛණ්ඩව සිදු කෙරිණි.

එහි බ්‍රිතාන්‍ය සම්භවයන් තිබුණද, නියත වශයෙන්ම ඉන්දියානු මෝටර් රථයක් ලෙස ඇම්බැසැඩර් සැලකුණු අතර එය "ඉන්දියානු මාර්ගයන්හී රජු" යන සුරතල් නාමයෙන් හැඳින්විණි. [1] හින්දුස්තාන් මෝටර්ස් විසින් මෙම මෝටර් රථය නිපදවනු ලබන්නේ, බටහිර බෙංගාලයේ, කොල්කතා අසබඩ පිහිටි, එහි උත්තර්පර කම්හලෙහිය. [2].

නරේන්ද්‍ර මෝඩි වැනි, සමහරක් කැපී පෙනෙන දේශපාලනඥයෝ, හින්දුස්තාන් ඇම්බැසැඩර් රථය භාවිතා කරති. [3]

2014 මැයි වන විට, හින්දුස්තාන් මෝටර්ස් විසින් ඇම්බැසැඩර් රථ නිෂ්පාදනය අත්හිටුවන ලදි. [4]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ෆුල් ස්ටොප් ඉන්ඩියා". ඇම්බැසැඩර් කාර් – ද කිං ඔෆ් ඉන්ඩියන් රෝඩ්ස්. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2013.
  2. "එච්එම් ප්ලාන්ට්  – උත්තරපර". Hmutp.com. සම්ප්‍රවේශය 2009-05-01.
  3. "නෝ ටේකර්ස් ෆෝ වජ්පායිස් බීඑම්ඩබ්ස්". Rediff.com. 2004-06-10. සම්ප්‍රවේශය 2009-05-01.
  4. "ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්ඩියාස් ඇම්බැසැඩර් කාර් සස්පෙන්ඩඩ්". bbc.com. සම්ප්‍රවේශය 25 මැයි 2014.