හික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Hi.JPG

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති යුගයේ සිටම සංචාරක ආකර්ෂණයට නතු වු මෙන්ම එය පදනම් කරගත් ආර්ථික සමාජයන් කිහිපයකින්ද සංයුක්ත වු රාජ්‍යයක් විය. දිනෙන් දිනම ආර්ථිකය තුළ සංචාරක කර්මාන්තයට තිබු ආර්ථිකමය වෑදගත්කම වැඩි වු අතර 1978 සිදුවූ ආර්ථික ලිහිල්කරනය ඵ් සදහා දැඩි සාධනීය බලපෑමක් ඇති කළේය. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රධාන වර්ධනීය ලක්ෂ්‍යයක් සනිටුහන් වන්නේ මුහුද හා වෙරළ ආශ්‍රයෙනි. සිව් දෙසින්ම මුහුදෙන් වටවු කොදෙව්වක් ලෙසට පැවතීමත් රට වටා වු වෙරළ තීරයත් ඵ් සදහා බෙහෙවින් හේතු විය. ඵයිනුදු වඩාන් ආකර්ෂණීය ලෙස සංචාරක අවධානයට පාත්‍ර වනුයේ දකුණු හා නැගෙනහිර වෙරළ තීරයි. හික්කඩුව සංචාරක පුරවරය මෙයින් ලංකාවේ දකුණු වෙරළ තීරයට අයත් ලංකා සංචාරක ව්‍යපාරයේ කේන්ද්‍රස්ථානයකි. සංචාරකව්‍යපාරය හා ඍජුව බැඳුණු ආරථිකමය පමනක් නොව සමාජීය, දේශපාලන යාන්ත්‍රනයයක් ද හික්කඩුවට හිමිවේ.

හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය[සංස්කරණය]

M.jpg

හික්කඩුව සංචාරක පුරවරයේ සංචාරක කර්මාන්තය දෙයාකාරයකට ක්‍රියාත්මක වේ.ඵනම්,

  1. වෙරළාශ්‍රිත සංචාරක කර්මාන්තය
  2. අභ්‍යන්තරික සංචාරක කර්මාන්තය

මෙහිදී වෙරලාශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම විදේශීය සංචාරකයන් අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන අතර අභ්‍යන්තරික සංචාරක කරමාන්තය දේශීය සහ විදේශීය දෙපාර්ශවයෙන්ම සංචාරකයන් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ. මෙහිදී හික්කඩුව සංචාරක කලාපයක් ලෙස වඩාත් ආකර්ශනයට ලක් වන්නේ විදේශීය සංචාරකයින් මූලාශ්‍ර කර ගනිමිනි.

සංචාරක ආකර්ශනීය ස්ථාන[සංස්කරණය]

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සංචාරක අවධානයට පාත්‍ර කිරීමට දැඩි ලෙස හේතුවූ ස්ථානයන් කීපයකි.

Sadu.JPG

අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා දිවෙන හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කි.මී.24 ක් පමණ වු දුරක් පුරා පැතිරුණ වෙරළක් පවති. මෙම වෙරළ තිරයට සුවිශේෂි බවක් ඵක් කරන්නේ අක්කර 251ක් පුරා මුහුදු පතුලේ පැතිරී ඇති ස්වාභාවික ගල් මල් උයනයි. වෙරළ සීමාවට ආසන්න මුහුදු පත්ලේ පිහිටි බැවින් මෙය සංචාරක අවධානයට නිරන්තරයෙන් ලක් වූවකි.

K.JPG

දේශිය සංචාරක ගෞරවාදරයට මෙන්ම විදේශිය සංචාරක අවධානයට ද ලක් වු ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානයක් ලෙස සීනිගම දේවාලය හැදින්විය හැක. ගොඩබිමට ආසන්න මුහුදේ පිහිටි දුපතක පිහිටා ඇති සීනිගම දේවාලය දේවපතිරාජ නම් කෝට්ටේ යුගයේ විසු අමාත්‍යවරයකු විසින් කරවන ලද්දකි. දෙවොල හා බැදුණු ඇදහැලි සහ විශ්වාසයන් හේතුවෙන් පොල් ගැසීම, මිරිස් ඇඹරීම වැනි කර්තව්‍යයන් සඳහා දේශිය වශයෙන්ම විශාල පිරිසක් මේ සදහා ඇදී එති. එසේම දේවොල ආශ්‍රිත ප්‍රදේශයේ ඇති දැවැන්ත වෙරළද දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයට නොමදව ලක් වුවකි. සුනාමි ව්‍යසනයෙන් මෙම දෙවොලට උපද්‍රවයක් නොවීම ඒ කෙරේ ඇති අවදානය වඩාත් තීව්‍ර කිරිමට හේතු විය.

L.JPG

රට අභ්‍යන්තරයේ ඇති සංචාරක ආකර්ෂණීය ස්ථාන අතුරින් හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වඩාත් ප්‍රචලිත ආගමික සිද්ධස්ථානයක් ලෙස තොටුගමුව රජමහ විහාරය හැදින්විය හැක. ඵෙතිහාසික වැදගත්කසකින් හිමි මෙම විහාරයේ ඇති දඹරන් ධාතු කරඩුව, රාජාධි රජසිංහ රජුගේ මංගල හස්තියගේ ඇත්දළ යුගල, ක්‍රි.ව.6වන සියවසට හා මහනුවර යුගයට අයත් බිතු සිතුවම් එයට පෞරාණික බවක් ගෙන දීමට හේතු සාධක වී ඇත.

මේ හැරුණු විට ,හික්කඩුව,දොඩන්දුව ධීවර වරායන්ද සංචාරක ආකර්ෂණයට හේතු වි ඇත. ඒ ආශ්‍රිතව කරනා ධීවර කර්මාන්තය හා බැදුණු ආවේණික ලක්ෂණ සංචාරක අවධානයට ලක් වී ඇත. එමෙන්ම ‍ෙ.ල් වත්ත,ගං මෝයද අති සුන්දර ස්ථානයකි.

LK.jpg

සංචාරක ව්‍යාපාරය හා බැඳුණු කර්මාන්ත[සංස්කරණය]

ලංකාවේ අන් සංචාරක ප්‍රදේශයන්ට සාපේක්ෂව කර්මාන්තයන්ගෙන් සහ රැකියාවල බහුල හා ක්‍රමවත් භාවයක් හික්කඩුවේ දී දැක ගත හැක. 2006 හික්කඩුව ග්‍රාම නිලෂාරි වාර්තාවන්ට අනුව පෞද්ගලික අංෂයේ සේවා නියුක්තිය වු 4440ක පිරිසෙන් 60%ක් පමණ සංචාරක කර්මාන්තය හා බැඳුණු රැකියාවන්හි නියැලේ. 4055 ක් වු ස්වයං රැකියා ක්ෂේත්‍රයේද එයට සමාන ප්‍රතිශතයක් සංචාරක ව්‍යාපාරය ඇසුරු කර ගනිමින් සේවා නියුක්තව සිටිති. ප්‍රධාන වෂයෙන් ගත් කළ හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය හා බද්ධ වු මුලික කර්මාන්ත ප්‍රභවයන් මෙසේ දැක්විය හැක.

  1. සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, හා ආපන ෂාලා
  2. පිහිනුම් සහ බෝට්ටු සේවා
  3. සංචාරක ප්‍රවාහන සේවා
  4. සංචාරක මග පෙන්වන්නම්
  5. විසිතුරු භාණ්ඩ සහ දේශීය අත්කම් භාණ්ඩ අලෙවිය
  6. දේශීය වෛද්‍ය ක්‍රම හා සංස්කෘතික සේවා
  7. වෙනත්

සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, හා ආපන ශාලා[සංස්කරණය]

මෙහිදි හික්කඩුව ප්‍රදේශීය සියළු ආර්ථික නියැදීන් අතුරින් වඩාත් ප්‍රමුක හාමහා පරිමාණ කර්මාන්තය වන්නේ සංචාරක හෝටල් සම්බන්ධ ව්‍යාපාරයයි. ලියාපදිංචි නොවු සුළු පරිමාණයේ හොටල්, නිවාඩු නිකේතන සහ ලැලුම් හල් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙ. මෙහිදී මෙම හොටල් ව්‍යාපාරය තුළ සේවකයන් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සේවයේ නිරත වේ. මීට අමතරව ඇතම් හොටල, ආයුර්වේද මධ්‍යස්ථාන, ප්‍රවාහන සේවා, මග පෙන්වීමේ සේවා, පිහිනුම් හා බෝට්ටු සේවා ආදී සේවාවන් රුසක් සිදුකරනු ලබයි.

පිහිනුම් සහ බෝට්ටු සේවා[සංස්කරණය]

හික්කඩුව මුහුදු තීරය ආශ්‍රිත සුවි‍ශේෂි ස්වාභාව ධර්මයේ දායාදයක් වන ගල්මල් උයන නැරඹීම උදෙසා සකස් කරන ලද පතුළ විනිවිද පෙනෙන විශේෂිත ‍බෝට්ටු 70කට අධික ප්‍රමාණයක් පවතින අතර පිහිනුම් සහ කිමිදුම් උපකරණ සැපයීම හා ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම සඳහා ආයතන 12ක් පමණ හික්කඩුව ප්‍රාදේශීය කොට්ඨාශය තුළ ක්‍රියාත්මක වේ.

සංචාරක ප්‍රවාහන සේවා[සංස්කරණය]

සංචාරකයින් ජලයේදි ප්‍රවාහනයට යොදා ගන්නා බෝට්ටු සේවා හැරුණුකොට ගොඩබිම් ප්‍රවාහනය‍ට කාර්,වෑන්,බස්,ත්‍රී රෝද රථ මෙන්ම යතුරු පැදි කුලියට ලබා දෙන ස්ථාන රැසක් මේ ප්‍රදේශයේ දැකගත හැක.

සංචාරක මඟ පෙන්වන්නන්[සංස්කරණය]

සංචාරක මණ්ඩලයේ සමීක්ෂණයකට අනුව 2006 වසර වන විට මෙම කටයුත්තේ නියැලෙන පුද්ගලයන් සංඛ්‍යාව 430ක් පමණ වේ.විසිතුරු භාණ්ඩ හා දේශීය අත්කම් වන කැටයම් හා මූර්ති කලාවන්ද චිත්‍ර ශිල්පය ද සංචාරක කර්මාන්තයේ ප්‍රධාන තැනක් උසුලයි.

මේවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]