Jump to content

හැන්ටා වයිරස පුඵ්ඵුසීය සින්ඩ්‍රෝමය

විකිපීඩියා වෙතින්
හැන්ටා වෛරස පුඵ්ඵුසීය සින්ඩ්‍රෝමය
වෙනත් නම්හැන්ටා වයිරස් හෘද පුඵ්ඵුසීය සින්ඩ්‍රෝමය (HCPS), ෆෝ කෝනර් රෝගය, හැන්ටා වයිරස් රෝගය
පපුවේ එක්ස් කිරණ මත හැන්ටා වයිරස් පුඵ්ඵුසීය සින්ඩ්‍රෝමය දිස් වන අයුරු
විශේෂඥතාවRespirology
රෝග ලක්ෂණමුල් අවධියේ: තෙහෙට්ටුව, උණ, මාංශ පේශි වේදනාව[1]
පසුව: කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ තද ගතිය[1]
සාමාන්‍ය ආරම්භයනිරාවරණයෙන් සති 1 සිට 8 දක්වා[1]
හේතූන්මීයන් මගින් පැතිරෙන ඇතැම් ඕතොහැන්ටා වයිරස[2]
රෝග විනිශ්චය ක්‍රමයඋග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝමය සමඟ හැන්ටා වයිරස සාක්ෂි.[2]
වෙනත් විනිශ්චයන්නියුමෝනියාව, ඉන්ෆ්ලුවෙන්සා, ටියුලේමියාව, සැලිසිලේට් විෂ වීම, ඩෙංගු උණ[3]
වැළක්වීමමීයන් පාලනය,[4] එන්නතක් නැත[5]
ප්‍රතිකාරරෝග ලක්ෂණ වලට ප්‍රතිකාර / සහායක සත්කාර[6]
සංඛ්‍යාතය100s/yr (Americas),[7] <50 cases/year (USA)[8]
මරණමරණ අනුපාතය 30 සිට 40% දක්වා[5]

හැන්ටා වෛරස පුඵ්ඵුසීය සින්ඩ්‍රෝමය (HPS) යනු හැන්ටා වෛරස් ආසාදන වර්ගයකි.[2] එහි මුල් රෝග ලක්ෂණ අතරට තෙහෙට්ටුව, උණ සහ මාංශ පේශි වේදනාව ඇතුළත් විය හැකිය.[1] අනෙකුත් රෝග ලක්ෂණ අතර හිසරදය, වමනය සහ පාචනය ඇතුළත් විය හැකිය.[1] ආරම්භ වී සතියකට පමණ පසු, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය සහ පපුවේ තද ගතිය වැනි රෝග ලක්ෂණ ඇති විය හැක.[1] ආරම්භක රෝග ලක්ෂණ මතු වීම ආරම්භ වන්නේ සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණයෙන් සති 1 සිට 8 දක්වා කාලය තුළය.[1]

මුවමීයා යන මීයන් විශේෂය හරහා පැතිර යන සින් නොම්බ්‍රේ හැන්ටා වයිරසය සහ සුදු පාද සහිත මීයන් විශේෂය හරහා පැතිර යන නිව් යෝර්ක් හැන්ටා වයිරසය ඇතුළු ඕතොහැන්ටා වයිරස වර්ග ගණනාවක් මෙම රෝගයට හේතු විය හැක.[9] මීයන්ගේ මළපහ මගින් දූෂිත වූ වාතය මිනිසුන් ආශ්වාස කරන විට මෙම රෝගය සාමාන්‍යයෙන් පැතිරෙයි.[9] සාමාන්‍යයෙන් එය මිනිසුන් අතර පැතිරෙන්නේ නැතත්, ඇන්ඩීස් වෛරසය නම් වූ නිශ්චිත හැන්ටා වයිරස වර්ගය මිනිසුන් අතර පැතිරෙන අතර එය වාතයෙන් ද පැතිර යා හැකිය.[9][7][10] රෝග විනිශ්චය සඳහා හැන්ටා වෛරස RNA, ඉමියුනොග්ලොබුලින් හෝ ප්‍රතිදේහජනක සමඟ තීව්‍ර ශ්වසන ආපදා සහලක්ෂණය (ARDS) හඳුනා ගැනීම ඇතුළත් වේ.[2]

රෝගය වළක්වා ගත හැක්කේ මීයන් වළක්වා ගැනීමෙනි.[4] 2026 වන විට නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයා ගෙන නොමැත.[5] උපකාරක සත්කාර මගින් රෝගය සුව වීමේ ප්‍රතිඵල වැඩි දියුණු වන අතර ඒ අතරට ඔක්සිජන් චිකිත්සාව සහ යාන්ත්‍රික සංවාතනය (කෘතිම වාතාශ්‍රය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් සැපයීම සඳහා යන්ත්‍රයක් භාවිතා කිරීම) ඇතුළත් විය හැකිය.[6] මෙම වෙයිරසයේ ප්‍රතිඵලයක් ලෙස ආසාදනය වූවන්ගෙන් 30% ත් 40% ත් අතර ප්‍රමාණයක් මිය යයි.[5] සුවය ලබන අය සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබති.[6]

2026 වන විට, ඇමරිකානු මහාද්වීපයේ වසරකට රෝගීන් 100 ක් වාර්තා වේ.[7] 1993 සිට 2019 දක්වා කාලය තුළ රෝගීන් 1,000 ක් පමණ වාර්තා වී ඇත.[11] මෙම රෝගය උතුරු සහ දකුණු ඇමරිකාවේ දක්නට ලැබෙන අතර [9] එය ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ.[9] 1993 සිට 2018 දක්වා කාලය තුළ, එක්සත් ජනපදයේ වසරකට රෝගීන් 11 සිට 48 දක්වා සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත.[8] බහුලවම බලපෑමට ලක් වූ ප්‍රාන්ත වන්නේ කොලරාඩෝ සහ නිව් මෙක්සිකෝවයි.[12] මෙම තත්ත්වය මුලින්ම හඳුනාගනු ලැබුවේ 1993 ෆෝ කෝනර්ස් හැන්ටා වයිරසය පැතිරීමේදීය.[2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. 1 2 3 4 5 6 7 "Signs & Symptoms | Hantavirus | DHCPP | CDC". www.cdc.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 22 February 2019. 20 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 March 2021.
  2. 1 2 3 4 5 "Hantavirus Pulmonary Syndrome | 2015 Case Definition". wwwn.cdc.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 22 March 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 March 2021.
  3. Akram, SM; Mangat, R; Huang, B (January 2021). "Hantavirus Cardiopulmonary Syndrome". StatPearls. PMID 29083610.
  4. 1 2 "Prevention | Hantavirus | DHCPP | CDC". www.cdc.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 22 February 2019. 19 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 March 2021.
  5. 1 2 3 4 "Vaccine development for New World Hantaviruses - Vaccine and Infectious Disease Organization". vido (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 7 May 2026.
  6. 1 2 3 "Diagnosis & Treatment | Hantavirus | DHCPP | CDC". www.cdc.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 22 February 2019. 20 November 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 March 2021.
  7. 1 2 3 "Hantavirus". www.who.int (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 6 May 2026.
  8. 1 2 "Reported Cases of Hantavirus Disease | Hantavirus | DHCPP | CDC". www.cdc.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 29 January 2020. 26 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 March 2021.
  9. 1 2 3 4 5 "Transmission | Hantavirus | DHCPP | CDC". www.cdc.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 22 February 2019. 21 March 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 March 2021.
  10. "Andes hantavirus: epidemiology, outbreaks and guidance". GOV.UK (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 10 May 2026.
  11. Avšič-Županc, T.; Saksida, A.; Korva, M. (April 2019). "Hantavirus infections". Clinical Microbiology and Infection. 21: e6–e16. doi:10.1111/1469-0691.12291.
  12. "Hantavirus Disease, by State of Reporting | Hantavirus | DHCPP | CDC". www.cdc.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 26 February 2019. 26 August 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 March 2021.