හාල්දඬුවන

විකිපීඩියා වෙතින්

හාල්දඬුවන යනු පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි ගමකි. පිහිටා ඇත්තේ වයඹ පලාත, ශ්‍රී ලංකාව

භූ විෂමතාව හා මාර්ග විස්තර[සංස්කරණය]

කොළඹ-කුලියාපිටිය මහාමාර්ගයේ දංකොටුවට හා කිරිමැටියාන අතර පිහිටි වේගයෙන් දියුණු වූ ගමකි. පැරණි වැව් ගමක් යැයි කීමට සාධක එමට ඇත. වැව් මඟින් ගොවිතැන ප්‍රධාන ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස පැවතුනත් වර්තමානයේ කුඹුරු ඉඩම් ප්‍රමාණය සීඝ්‍රයෙන් පහල බැස ඇත. මූකලාන තවමත් දැකිය හැකි මුත්"ඌරුකනු කැලේ" හා "වැවේ කැලය" යනුවෙන් හැඳින්වුනු කැලය අද "සමඟි වත්ත" යනුවෙන් ජනපදයක් බවට පත්ව ඇත. ගමේ ජීවත් වූ පිරිස හැරුනු කොට පිටින් පැමිණි අය නිසා ජනගහනයේ සීඝ්‍ර වැඩි වීමක් දැකිය හැකි අතර නව ජනපද කිහිපයක් බිහිවී ඇත. කතෝලික දෙව් මැදුරක්, පන්සලක්, පාසල් දෙකක්, උප තැපැල් හලක්, ග්‍රාමීය බැංකුවක්, කෘෂිකර්ම මධ්‍යස්ථානයක්, සමූපකාර වෙළඳ සැලක් හා පෞද්ගලික වෙළඳ සැල් රැසකින් සමන්විතව අංගසම්පූර්ණ ගමක් ලෙස දැන් පවතියි. පහල හා ඉහල හාල්දඬුවන නමින් කොටස් දෙකකට ග්‍රාම නිලධාරී කොට්ටාශ දෙකකට බෙදා ඇති අතර ඉහල හාල්දඬුවන බෞද්ධ ජනතාව වැඩි අතර පහල හාල්දඬුවන කතෝලික ජනතාව වැඩියෙන් වාසය කරයි.

අතීතය[සංස්කරණය]

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියති. හල් ගස් වනයෙන් සුසැදුනු හෙයින් 'හල්-දඬු-වනය' , 'හල්දඬුවන' නම්වී පසුව උච්චාරණ පහසුව සඳහා හාල්දඬුවන නම් වීයයිද පැරණියෝ කියති. අවුරුදු 250 කට පමණ පෙර සුළු ජන සංඛ්‍යාවකින් සැදුම් ලද මේ ගම්මානය එහි මුල් පදිංචි කරුවන් ඉඳුරුවෙන් හා බටගමින් සංක්‍රමණය වුණු බවට සාක්ෂි ඇත.ගමේ බෞද්ධ ජනතාවත් පැල්මඩුල්ල රජමහ විහාරයත් අතර තිබුණු සම්බන්ධකම් වලින් එය සනාථ වේ.පැල්මඩුල්ල රජමහ විහාරාධිපතිව වැඩ විසූ ඉඳුරුවේ හාමුදුරුවන්ගේ නෑයන් වාසය කල ඉඩකඩම් තවමත් ඇති අතර බටගමින් පැමිණි පිරිස අතර පොන්වීර, අභය වික්‍රම වෛද්‍ය පරපුරවල්ද තවමත් ගමේ වාසය කරයි.

ලංකා රොබින් හුඩ් නමින් ප්‍රසිද්ධ සූර සරදියෙල්ගේ පියා මේ ගමේ විසූ අතර සරදියෙල් ද කුඩා කාලයේ මෙම ගමේ ජීවත් වී ඇත. ඔහු විසූ ඉඩමේ හතලිස් අටෙන් පංගුවක් තවමත් ඔහු නමට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=හාල්දඬුවන&oldid=278498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි