හාරගම

විකිපීඩියා වෙතින්
හාරගම
Haragama
ගම්මානය
රටශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)

හාරගම යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටි අර්ධ නාගරික ග්‍රාමයකි. එය මහනුවර නගරයේ සි‍ට බදුල්ල රජ මාවතේ කිලෝමීටර් 12ක් පමණ දුරින් පිහිටා ඇත. මහවැලි ගඟ ගලා යන්නෙද මෙම හාරගම හරහායි. හාරගම ගොවිපලක් ද පිහිටා ඇත. හාරගම විහාර අතුරින් ජයසුමනාරාමයට ප්‍රධාන තැනක් ගනියි.හාරගමට ලගා වන විට නගර කීපයක් පසු කරයි. මහවැලි ගඟ වික්ටෝරියා ජලාශය හා එක්වන්නේද හාරගම ප්‍රදේශයෙනි. හාරගම ගෝනාවත්ත නම් ප්‍රදේශයේ පැරණි විහාරයක් ඇත. එහි දුටුගැමුණු රජතුමා විසින් කොටන ලදැයි සැළකෙන සෙල්ලිපියක්ද ඇත. එම පැරණි විහාරයේ නටඹුන් තවමත් ඇත. සැතපෙන බුදුපිළිමය නිධන් සොරුන් සාරා විනාශ කර ඇත. එම පිළිමය වික්ටෝරියා ජලාශයේ ජලය පිරෙන අවස්ථාවන්හිදී යටවෙනු ලැබේ. එහි පිහිටි පැරණි චෛත්‍යය තවමත් ප්‍රදේශවාසීන්ගේ වන්දනාමානයට ලක්වේ.

  • බූවැලිකඩ
  • තල්වත්ත
  • තැන්නකුඹුර
  • පිච්චමල්වත්ත හන්දිය
  • මාලිගාතැන්න හන්දිය
  • හාරගම හන්දිය (ඉහන සදහන් නගර මහනුවර සිට හාරගමට එන විට පසු කරයි.)
"https://si.wikipedia.org/w/index.php?title=හාරගම&oldid=486725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි