හාට් ලෑම්ප්: සිලෙක්ටඩ් ස්ටෝරීස්
පෙනුම
| කර්තෘ | බානු මුස්ටාක් |
|---|---|
| පරිවර්තක | දීපා බාස්ති |
| රට | ඉන්දියාව |
| භාෂාව | කන්නඩ |
| ප්‍රභේදය | කෙටි කතා |
| ප්‍රකාශිත | 10 සැප්තැම්බර් 2024 (එරා) 18 පෙබරවාරි 2025 (ඉන්දියාව) 8 අප්‍රේල් 2025 (එජ) |
| ප්‍රකාශකයා | ඇන්ඩ් අදර් ස්ටෝරීස් (එරා) පෙන්ගුයින් රැන්ඩම් හවුස් ඉන්ඩියා (ඉන්දියාව) ඇන්ඩ් අදර් ස්ටෝරීස් ප්‍රකාශන (එජ) |
| මාධ්‍ය වර්ගය | මුද්‍රිත |
| පිටු | 192 |
| අයිඑස්බීඑන් | 9781916751163 |
හාට් ලෑම්ප්: සිලෙක්ටඩ් ස්ටෝරීස් යනු, ඉන්දියානු ලේඛක බානු මුස්ටාක් විසින් කන්නඩ භාෂාවෙන් 1990 සහ 2023 වසර අතර කාලය තුලදී රචිත සහ, දීපා බාස්ති විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කෙරුණු කෙටි කතා සංග්‍රහයකි. පීතෘමූලිකත්වය, ස්ත්‍රී-පුරුෂ අසමානාත්මතාව, සහ ඔරොත්තු දීමේ හැකියාව යන තේමාවන් වෙත අවධාරණය කරමින් දකුණු ඉන්දියාවෙහි මුස්ලිම් කාන්තාවන්ගේ ජීවිත ගවේෂණය කරමින් ලියැවුනු කතාන්තර 12කින් සමන්විත මෙම සංග්‍රහය එක්සත් රාජධානියෙහි ඇන්ඩ් අදර් ස්ටෝරීස් සමාගම විසින්, 2024 සැප්තැම්බර් 10 දිනදී ප්‍රකාශයට පත් කර ඇත.[1] [2] මෙම කෘතිය විසින්, 2025 වසර සඳහා ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගති: මෙම ත්‍යාගය දිනාගත් පළමුවන කන්නඩ-භාෂා කෘතිය සහ පළමුවන කෙටි කතා සංග්‍රහය විය. [3] [4]
සම්මාන
[සංස්කරණය]- ජාත්‍යන්තර බුකර් ත්‍යාගය (2025) – කර්තෘ සහ පරිවර්තක අතර බෙදී ගිය £50,000 ත්‍යාගය[3][4][5]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ කාවල්හෝ, ස්ටැන්ලි (9 ඔක්තොම්බර් 2024). "හාට් ලෑම්ප්: බානු මුස්ටාක්ස් ස්ටෝරීස් ඔෆ් මුස්ලිම් ලයිෆ්". ද හින්දු. https://www.thehindu.com/books/book-review-heart-lamp-banu-mushtaq-translator-deepa-bhasthi-international-booker-prize-shortlist/article69496801.ece.
- ^ "හාට් ලෑම්ප්: සිලෙක්ටඩ් ස්ටෝරීස්". ඇන්ඩ් අදර් ස්ටෝරීස්. 10 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 22 මැයි 2025.
- ^ a b "'හාට් ලෑම්ප්' බයි බානු මුස්ටාක් වින්ස් ඉන්ටර්නැෂනල් බුකර් ප්‍රයිස්". ද වොෂිංටන් පෝස්ට්. 20 මැයි 2025. https://www.washingtonpost.com/books/2025/05/20/heart-lamp-by-banu-mushtaq-wins-international-booker-prize/.
- ^ a b "ඉන්ටර්නැෂනල් බුකර් ප්‍රයිස් විනර්". ද නිව්යෝර්ක් ටයිම්ස්. 20 මැයි 2025. https://www.nytimes.com/2025/05/20/books/review/international-booker-prize-winner.html.
- ^ "'Radical translation' of Heart Lamp by Banu Mushtaq wins International Booker prize" [බානු මුස්ටාක්ගේ, හාට් ලෑම්ප් 'රැඩිකල් පරිවර්තනය', ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගනියි]. ද ගාඩියන්. 21 May 2025. සම්ප්‍රවේශය 22 May 2025.