හර්ෂ්වර්ධන් රාණේ

විකිපීඩියා වෙතින්
හර්ෂ්වර්ධන් රාණේ
හර්ෂ්වර්ධන් රාණේ
හර්ෂ්වර්ධන් 2017දී
උපත16 දෙසැම්බර් 1983 (1983-12-16) (වයස 40)
වෙනත් නම්හර්ෂ්
රැකියාවනළුවකු
සක්‍රීය වසර2008–වර්තමානය

හර්ෂ්වර්ධන් රාණේ (උපත 1983 දෙසැම්බර් 16) යනු තෙලිඟු සහ හින්දි සිනමාවේ රංගනය නිසා ප්‍රචලිත ඉන්දියානු නළුවෙකි. ඔහු ප්‍රකට වූයේ තකිට තකිට (2010), ප්‍රේම ඉෂ්ක් කාදල් (2013) චිත්‍රපට සහ අනාමිකා හි නයන්තාරාගේ අතුරුදන් වූ සැමියාගේ චරිතය නිරූපණය නිසායි. ඔහු සිය බොලිවුඩ් චිත්‍රපටය වූ සත්‍රා කෝ ෂාදි හේන් චිත්‍රපටය රූගත කොට ඇත. මෙය නිෂ්පාදනය කරන ලද්දේ නළු ජෝන් ඒබ්‍රහම් විසිනි.[2][3] මෙය 2016දී මුදාහැරීමට නියමිතව තිබිණි. ඔහුගේ කුළුඳුල් බොලිවුඩ් චිත්‍රපටය වූයේ විනයි සහ රාධිකා විසින් අධ්‍යක්ෂණය කළ සනම් තේරි කසම් චිත්‍රපටයයි. මෙය 2016 පෙබරවාරි 5 දින ඊරෝස් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් මුදාහරින ලදී.

වසර ගණනාවක් පුරා ඔහු තෙලිඟු චිත්‍රපට කිහිපයක චරිත නිරූපණය කොට ඇත.[4] මේ අතරට තෙලිඟු මනෝවිද්‍යාත්මක සංත්‍රාස චිත්‍රපටයක් වන මායා, ප්‍රහසන චිත්‍රපටයක් වන බ්‍රදර් ඔෆ් බොම්මාලි වැදගත් වේ. හර්ෂ්වර්ධන් රාණේ පූර්වශිලා ආහාරවේලක් අනුගමනය කරයි. මුලින් ඔහු සිය බොලිවුඩ් ආගමනය සංජේ ලීලා භන්සාලිගේ ගොලියොන් කි රාස්ලීලා රාම්-ලීලා (2013) චිත්‍රපටයෙන් සිදු කිරීමට සිතා සිටියද, එය මාස එකොළහක කොන්ත්‍රාත්තුවක් වූ බැවින් ඉන් ඉවත් විය.[4] 2015 අප්‍රේල් මස ඔහු රවි තේජාගේ බෙංගාල් ටයිගර් චිත්‍රපටයේ රාශි ඛන්නාගේ චරිතයේ පෙම්වතා ලෙස රංගනයේ යෙදුණේ ය.[5] 2016දී ඔහු සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයක් වූ සනම් තේරි කසම් තුළිනි.[6][7][8]

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2010 තකිට තකිට ශ්‍රීධර් තෙලිඟු
2012 නා ඉෂ්ටම් කිෂෝර් තෙලිඟු
ආවුනු හර්ෂා තෙලිඟු
2013 ප්‍රේම ඉෂ්ක් කාදල් රන්ධීර් "රැන්ඩි" තෙලිඟු
2014 අනාමිකා අජෙයි තෙලිඟු ද්වීභාෂා චිත්‍රපටය
නී එංගේ එන් අන්බේ දෙමළ
මායා සිද්ධාර්ත් වර්මා තෙලිඟු
2014 බ්‍රදර් ඔෆ් බොම්මාලි හර්ෂා තෙලිඟු
2015 ආවුනු 2 හර්ෂා තෙලිඟු
බෙංගාල් ටයිගර් කරන් තෙලිඟු පසුබිම් නිරූපණය
2016 සනම් තේරි කසම් ඉන්දර් පරිහාර් හින්දි
2017 ෆිදා භානුමතීගේ අසල්වැසියා / විවාහාපේක්ෂකයා තෙලිඟු පසුබිම් නිරූපණය
TBA යාරොන් කි භාරත් ජයි හින්දි රූගත කෙරෙමින් පවතියි.

රූපවාහිනී කතාමාලා[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Interview With Harshavardhan Rane". 1 July 2013. සම්ප්‍රවේශය 2014-05-25.
  2. "Newbie Harshavardhan Rane excited to be launched by John Abraham". India Today. 22 March 2014. සම්ප්‍රවේශය 2014-05-25.
  3. "Excited John Abraham is launching me in Bollywood: Telugu actor Harshavardhan Rane". Daily News & Analysis. 22 March 2014. සම්ප්‍රවේශය 2014-05-25.
  4. 4.0 4.1 "John Abraham to launch Harshavardhan Rane in Bollywood". The Times of India. 21 March 2014. සම්ප්‍රවේශය 2014-05-25.
  5. "Harshavardhan Rane Special Appearance In Ravi Teja Bengal Tiger - The Hans India".
  6. Sanam Teri Kasam Official Trailer with English Subtitle | Harshvardhan Rane, Mawra Hocane, YouTube, https://www.youtube.com/watch?v=1IpBoMWRjm8, ප්‍රතිෂ්ඨාපනය 2015-12-28 
  7. PRABALIKA M BORAH. "Harshvardhan Rane on a roll". The Hindu.
  8. "Harshvardhan Rane doesn't discriminate between industries".

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හර්ෂ්වර්ධන්_රාණේ&oldid=617272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි