Jump to content

ස‍ඳෙහි - විභවය

විකිපීඩියා වෙතින්

‍ස‍ඳෙහි අපට නොපෙනෙන පැත්ත පෘථිවියෙහි වූ රේඩියෝ සම්ප්‍රේශණවලින් ආරක්ෂා වී ඇති නිසා එය ගඟනගාමීන්ගේ භාවිතය සඳහා රේඩියෝ දුරේක්ෂයක් ස්ථානගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස සැලකේ. කුඩා පාත්‍ර හැඩැති ආවාට Puerto Rico හි Arecibo ට සමාන ස්ථාවර දුරේක්ෂයක් සඳහා ස්වාභාවික නිපැයුම සපයයි. වඩා විශාල පරිමාණ දුරේක්ෂ සඳහා කිලෝමීටර් 100ක විෂ්කම්භයකින් යුත් ස‍ඳෙහි නොපෙනෙන පැත්තේ කේන්ද්‍රය ආසන්නයේ පිහිටා ඇති ඩයිඩලස් ආවාටය හා ‍එහි කිලෝමීටර් 3ක් උස පිටත දාරය කක්ෂගත වී ඇති චන්ද්‍රිකාවලින් වන නොවැදගත් සන්නිවේදන නැවැත්වීමට උදව් වනු ඇත. රේඩියෝ දුරේක්ෂයක් සඳහා තවත් සුදුසු අපේක්ෂකයකු වන්නේ සහා (Saha) අවාටයයි.

සඳෙහි නොපෙනෙන පැත්තේ රේඩියෝ දුරේක්ෂයක් ස්ථානගත කිරීමට පෙර විසඳීමට ප්‍රශ්න ගණනාවක් තිබේ. සඳෙහි වූ ඉතා කුඩා දූවිලි උපකරණවලට, වාහනවලට හා අභ්‍යාවකාශ ඇඳුම්වලට අපවිත්‍ර විය හැක. රේඩියෝ තැටි සඳහා යොදා ගන්නා පරිවාරක ද්‍රව්‍ය සූර්ය ගිනි දැල්වල ආචරණවලින් ද ඉතා සුපරික්ෂාකාරීව ආරක්ෂා කළ යුතුය. අවසාන වශයෙන් දුරේක්ෂය අවට ප්‍රදේශය අනෙකුත් රේඩියෝ ප්‍රභවවල සන්නිවේදනවලින් ආරක්ෂා කළ යුතුය.

පෘථිවි චන්ද්‍ර පද්ධතියේ L2 ලැග්‍රාන්ජ් ලක්ෂ්‍යය නොපෙනෙන පැත්තෙහි 62800 km පමණ උසින් පිහිටා ඇත. මෙය ද අනාගත රේඩියෝ දුරේක්ෂයක් සඳහා සුදුසු ස්ථානයක් ලෙස යෝජනා කර ඇත.

නාසාහි අධ්‍යයනය කරමින් පවති එක් චන්ද්‍ර මෙහෙයුමක් වන්නේ ස‍ඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ එයිට්කන් බේසමට සාම්පල නැවත පැමිණීමේ ලෑන්ඩරයක් යැවීමයි. මෙම ස්ථානය ප්‍රධාන ගැටුමක් සිදු වූ ස්ථානයක් වන අතර 2400km පමණ වූ නිපැයුමක් නිර්මාණය කරන ලදී. මෙම ගැටුමේ ප්‍රමාණය සඳ මතුපිට තුළට ගැඹුරු විනිවිදයාමක් නිර්මාණය කර ඇති අතර මෙම ප්‍රදේශයෙන් නැවත ගෙන්වා ගන්නා සාම්පල ස‍ඳෙහි අභ්‍යන්තරය සැලකීමට අදාල දත්ත සඳහා විශ්ලේෂණය කළ හැක.

අපට පෙනෙන පැත්ත පෘථිවියෙහි වූ සූර්ය සුළංවලින් ආංශිකව ආවරණය වී ඇති නිසා සඳ මතුපිටෙහි අධිකම හීලියම් 3 සාන්ද්‍රණය ස‍ඳෙහි නොපෙනෙන පැත්තේ ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සමස්ථානිකය සාපේක්ෂව පෘථිවියෙහි දුලබ වන නමුත් විලයන ප්‍රතිකාරක තුළ දී ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමේ හොඳ විභවයක් ඇත. චන්ද්‍ර නිපැයුම්වලට පක්ෂපාතී පුද්ගලයන් මෙම ද්‍රව්‍ය සඳ මධ්‍යස්ථානයක නිර්මාණය කිරීමට හේතුවක් ලෙස දක්වා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ස‍ඳෙහි_-_විභවය&oldid=471996" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි