සෞරග්‍රහ මණ්ඩලයේ පසුබිම හා ව්‍යුහය

විකිපීඩියා වෙතින්

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන වස්තුව වන්නේ සුර්යයාය. ප්‍රධාන අනුක්‍රම G2 තරුවක් වන මෙහි මණ්ඩලයේ දන්නා ස්කන්ධයෙන් 99.86% අඩංගු වන අතර ගුරුත්වාකර්ෂණ බලයෙන් ග්‍රහ මණ්ඩලය නතු කරගෙන සිටී. පද්ධතියේ ඉතිරි ස්කන්ධයෙන් 90% ක් පමණ අයත් කර ගන්නේ හිරු‍ගේ විශාලතම කක්ෂීය වස්තූන් වන බ්‍රහස්පති හා සෙනසුරුය.

හිරු වටා කක්ෂයේ ඇති බොහෝමයක් විශාල වස්තු, ක්‍රාන්ති වලය ලෙස හදුන්වන පෘතුවි කක්ෂයේ තලයට ආසන්නව පවතී. ග්‍රහලෝක කාන්ති වලයට ඉතා සමීප අතර ධූම කේතු හා කුයිපර් වළල්ලේ වස්තු සාමාන්‍යයෙන් එම තලයට සැලකිය යුතු ආනතියකින් පවති.



සෞරග්‍රහ මණ්ඩලයේ වස්තුවල කක්ෂ පරිණායකට අනුව (වම් උඩු කෙළවරේ සිට ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට)

ග්‍රහලෝක සියල්ල හා අනෙකුත් බොහොමයක් වස්තු සුර්යයාගේ භ්‍රමණය සමග කක්ෂ වල චලනය වෙයි. (හිරුගේ උත්තර ධ්‍රැවයට ඉහළ සිට නිරීක්ෂණය කරන විට ඔරලෝසු කටු කැරකෙන දිශාවට විරුද්ධ දිශාවට) හේලිගේ වල්ගා තරුව වැනි මෙයින් වෙනස් වු ඒවාද ඇත.

වස්තු හිරු වටා චලනයේ යෙදෙන්නේ කෙප්ලර්ගේ ග්‍රහ වස්තු චලනය මුලධර්මයට අනුවය. සියලු වස්තු ඉලිප්සයේ එක් නාභියක් ලෙස සුර්යයා තබා ගෙන දල ඉලිප්සයක් දිගේ චලනයේ යෙදෙයි. සුර්යයාට වඩා ආසන්නයෙන් ඇති වස්තු වඩා වේගයෙන් ගමන් කරයි.

ග්‍රහලෝක වල කක්ෂ යන්තම් වක්‍රාකාර වේ. නමුත් බොහෝමයක් ධූම කේතු, උල්කා හා කුයිපර් වළල්ලේ වස්තු අතිශයින් ඉලිප්සීය පථ වල ගමන් ගනී. සම්බන්ධ වී ඇති විශාල දුරවල් සමඟ වැඩ කීරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ බොහොමයක් නිරූපන වල කක්ෂ අතර දුර එකම වේ. නමුත් සත්‍ය ලෙසම, අවස්ථා කිහිපයක් හැරුණු කොට හිරුගෙන් ඈතට යත්ම කක්ෂ 2 ක් අතර දුරද වැඩිවේ. උදාහරණයක් ලෙස සිකුරු බුධට වඩා දල වශයෙන් 0.33 Au දුරින්ද පිහිටන අතර සෙනසුරු බ්‍රහස්පතිට වඩා 4.3Au ද නෙප්චූන් යුරේනස් ගෙන් 10.5Au දුරින්ද පිහිටයි. මෙම කක්ෂ දුර අතර සබඳතාවක් ගොඩ නැගීමට ප්‍රයත්න දරා තිබේ, (විටියස් බෝඩ් නීතිය බලන්න) නමුත් තවමත් එවැනි පිළිගත් සිද්ධාන්තයක් නැත.