Jump to content

සෞඛ්ය/ ගැටලු

විකිපීඩියා වෙතින්

සෞඛ්ය/ ගැටලු


ගිණි නිවන භටයෙකු ‘නිව්යෝර්ක් සිටි’ හි සුන් බුන් හා දුම් වලා මැද හුදකලාව.

කුලුණු දෙක කඩා වැටීමෙන් පතිත වුනු ටොන් දහසක් පමණ සුන්බුන් වල පිළිකා කාරකයන්ද ඇතුළත් 2500 ක් පමණ විෂ සහිත ද්ර්ව්ය ඇතුලත් විය. ගලවා ගැනීමේ හා ප්රදතිසංස්කරණ කටයුතුවල යෙදුනු සේවකයින් බෙලහීන කරන රෝග වලට ගොදුරු වීමට බොහෝ දුරට හේතු වූයේ ඔවුන් මෙම සුන් බුන් ආශ්රිෙත වාතාවරණයට නිරාවරණය වීමයි. උදාහරණයක් වශයෙන් NYPD නිලධාරියෙකු වූ ෆ්රෑ න්ක් මැක්රි නමැත්තා ඔහුගේ සිරුර පුරා පැතිරුණු පිළිකාවක් හේතුවෙන් 2007 සැප්තැම්බර් මස 03 වැනි දින මිය ගියේය. ඔහුගේ පවුලේ අයගේ අදහස වූයේ දිගු කලක් එම ප්රසදේශයේ සිටීම එයට හේතුවක් වූ බවයි. සේවයේ යෙදී සිටියදී වන අනතුරු සම්බන්ධයෙන් එම පවුලේ අය කිසියම් ආධාරයක් ඉල්ලා ඇති අතර පාලක පක්ෂය තවම ඒ ගැන තීරණයක් දී නැත. පහළ මැන්හැට්න් සහ ඒ අසල වූ චයිනා ටවුන් ප්රපදේශවල ඇතැම් පදිංචිකරුවන්ට, ශිෂ්යැයින්ට සහ කාර්යාල සේවකයින්ටද මෙම සෞඛ්යූ ගැටලු බලපෑවේය. ලෝක වෙළඳ මධ්යගස්ථානය කඩා වැටීමෙන් පසු විෂ සහිත දූවිලි, මරණ කිහිපයකට හේතුවක් වූ බව හෙලි වූ අතර, එසේ මිය ගිය අයගේ නම් ලෝක වෙළඳ මධ්යෂස්ථාන අනුස්මරණ ස්මාරකයෙහි ඇතුලත් කිරීමට නියමිතය. තවද, වාතයේ ඇති විවිධාකාර විෂකාරක කොටස්වලට නිරාවරණය විම දරු ගැබ් කෙරෙහි අහිතකර ලෙස බලපාන බවට විද්යාඑත්මක අනුමානයන්ද විය. අමම අනතුරුදායක තත්වයට පෙර සූදානමක් ලෙස එක්තරා ළමා පාරිසරික සෞඛ්යන මධ්යණස්ථානයක්, ලෝක වෙළඳ මධ්ය ස්ථානය බිමට සමතලා වුනු කාලයේ ඒ අසල පදිංචිව සිටි හෝ රැකියාවේ යෙදුනු ගැබ් ගත් මවුවරුන්ගේ දරුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

ප්රේහාරයෙන් පසු ඇති වුනු ලෙඩ රෝගවලට වියදම් වූ මුදල්වලට අදාල හබයන් තවමත් අධිකරණවල විවාද වෙමින් පවතී. 2006 ඔක්තෝබර් 17 වන දින ඇල්වින් හෙලර්ස්ටීන් නම් ෆෙඩරල් විනිශ්චයකරු, ගලවා ගැනීමේ සේවකයින්ගේ ගාස්තු නොගෙවීමට නිව් යෝර්ක් (අධිකාරිය) විසින් ගන්නා ලද තීරණයකට ඉඩ නොදුන්නේය. මෙම තීන්දුව අනාගතයේ කළ හැකි එවැනි ඉල්ලීම්වලට අනුබලයක් විය. ප්රනහාරය සිදු වීමෙන් පසු ගත වූ ආසන්න සති කිහිපය තුළ මහජනතාවට නැවතත් මැන්හැට්න් ප්ර දේශයට පැමිණෙන්නැයි ඉල්ලීම් කළ රජයේ නිලධාරීන් මහජනයාගේ දෝෂ දර්ශනයට ලක් විය. EPA (සංවිධානයේ) පාලක ක්රිුස්ටියන් ටොඩ් විට්මන් ප්රවහාරයෙන් පසු බොහෝ විවේචනයන්ට ලක් වූයේ එම ප්ර දේශය ජනතාවට ආරක්ෂාකාරී පෙදෙසක් යයි වැරදි තොරතුරු සැපයීම හේතුවෙනි. ජනාධිපති බුෂ් ද EPA අර්ථ දැක්වීමට පිළිගෙන, ප්රවහාරයෙන් පසු ප්ර දේශයේ වාතයේ තත්වය සම්බන්ධයෙන් කළ ප්රශකාශය නිසා විවේචනයට ලක් විය. ඊට අමතරව නගරාධිපති ගුයිලියානි ද, මූල්යක ව්යාතපාර ආයතනයන්ට වෝල් ස්ට්රී්ට් ප්ර දේශයට එන්නට බල කිරීම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයන්ට ලක් විය.

http://en.wikipedia.org/wiki/9/11#Health_effects

"https://si.wikipedia.org/w/index.php?title=සෞඛ්ය/_ගැටලු&oldid=471889" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි