සොල්දර

විකිපීඩියා වෙතින්
(සොල්දරය වෙතින් යළි-යොමු කරන ලදි)

තට්ටු ගණනාවකකින් යුතු විශාල ගොඩනැගිලි එන්නට පෙර මිනිසුන් විසින් උඩ තට්ටුවක් සහිතවත් කලාතුරකින් උඩ තට්ටු දෙකක් සහිතවත් නිවාස ඉදිකැර වූහ. ඉන්පසු තට්ටු දෙකේ ගෙයක නම් උඩ තට්ටුව යන්නත්, තුනේ ගෙයක නම් දෙවැනි තට්ටුව හා තුන් වැනි තට්ටුව යන්නත් වහරට වැටිණි. මේ තට්ටුව හා තට්ටු යන වදන් දෙමළ බසින් පැමිණි ඒවා වෙයි. සිංහලයෙන් යෙදුනේ මහල හා මහල් යනුවෙනි. උඩු මහල නැත්නම් උඩ තට්ටුව සොල්දරය වූයේ ඕලන්ද ආක්‍රමණයෙන් පසුව ය. උඩුමහල යන්න ඕලන්ද බසින් Zolder නම් වීය. එය සිංහල බසට එකතු වූයේ සොල්දර නමිනි.

"https://si.wikipedia.org/w/index.php?title=සොල්දර&oldid=556125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි