සොං රාජවංශයේ අධිරාජවරුන් ලැයිස්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(සොං රාජවංශයේ අධිරාජවරු වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
 මකර හිස් සහිත රතු පැහැ සිංහාසනයක් මත සේද සළු හැඳ කළු පාවහන් සහ කළු හිස්වැස්මක් පැළඳ සිටින ස්ථුල පුද්ගලයකුගේ රුවක්; ඔහු උඩු රැවුලක් සහ කුඩා යටි රැවුලක් ද සහිත ය.
සොං රාජවංශයේ ආදිකර්තෘ වන සොංහි ටයිෂු අධිරාජයා (රාජ්‍ය. 960–976) නිරූපිත එල්ලුම්-ලුළියක ආලේඛ සිතුවමක්; අඥාත සොං සිත්තරකු විසිනි.

සොං රාජවංශය (960–1279) යනු පංච රාජවංශ සහ දස රාජධානි යුගය (907–960) ලෙස හඳුන්වන යුගයෙහි අනුප්‍රාප්තික සහ යුවාන් රාජවංශයේ (1271–1368) පූර්වප්‍රාප්තික චීන අධිරාජකීය රාජවංශයයි. 1279දී යුවාන් රාජවංශය විසින් සොං රාජවංශය යටත් කරගන්නා ලදී. උතුරු සොං රාජවංශය (960–1127) සහ දකුණු සොං රාජවංශ (1127–1279) ලෙස සම්මුතික බෙදීම නිර්මාණය වූයේ 1127දී ජින් රාජවංශය (1115–1234) විසින් උතුරු චීන දේශසීමාව යටත් කරගැනීම නිසායි. අනතුරුව උතුරේ බියෑන්ජිංහි (වර්තමාන කායිෆෙං) වූ අගනුවර දකුණේ ලින්’අන් (වර්තමාන හැංචෞ) වෙත ගෙනයන ලදී.

පහතින් දැක්වෙන්නේ විහාර නාම, මරණාපර නාම, දෙන ලද නාම සහ යුග නාමයන් ඇතුළත් සම්පූර්ණ සොං රාජවංශයේ අධිරාජවරුන් ලැයිස්තුවකි. මෙම රාජවංශය පිහිටුවන ලද්දේ චාඕ කුවාංයින් විසින් වන අතර ඔහු ටයිෂු අධිරාජයා (රාජ්‍ය. 960–976) බවට පත් විය. රාජවංශය සමාප්ත වූයේ චාඕ බිංගේ (රාජ්‍ය. 1278–1279) මරණයෙන් පසුවයි. උතුරු සොංහි අවසාන අධිරාජයා වූයේ ක්වින්ෂොං අධිරාජයා (රාජ්‍ය. 1126–1127) ය. පළමු දකුණු සොං අධිරාජයා වූයේ ගඔෂොං අධිරාජයා (රාජ්‍ය. 1127–1162) ය.

අධිරාජයා හෙවත් හුවාංඩි යනු සොං රාජවංශය ද ඇතුළත්ව චීනයේ අධිරාජ්‍ය අවධියේ (ක්‍රි.පූ. 221 - ක්‍රි.ව. 1912) උත්තරීතර රාජ්‍යයේ ප්‍රධානියායි. ප්‍රවේණික පාලකයකු වූ ඔහු විධායක බලය සමග නිලධාරී විභාගවල දී පෙන්වන කුසලතාව අනුව විවිධ නිලතල දැරූ සිවිල් නිලධාරීන් මණ්ඩලයකට හිමිකම් කීයේ ය. සොං රාජවංශ සමයේ සිවිල් නිලධාරීවාදයේ සහ වංශවතුන්ගේ වැදගත්කම වර්ධනය වීම නිසා මහජන ප්‍රතිපත්ති හැඩගැස්වීමට අධිරාජයාට හිමිවූයේ සීමිත අවකාශයකි. එසේවුව ද ඔහු තවදුරටත් ඔහුගේ වංශවතුන්ගේ අධිකාරය පවත්වා ගැනීමට සමත් වූයේ ය. නව නීති ස්ථාපිත කිරීමට පරම අයිතිය ඔහුට හිමි විය. එසේවුව ද, ඔහු සිය රාජවංශයේ පෙර අධිරාජවරුන්ගේ නීතිමය පූර්වාදර්ශයන්ට ‍ගරුකරනු ඇතැයි අපේක්ෂා කෙරිණි.[1]

පසුබිම[සංස්කරණය]

සුදු සේද සළු හැඳ, කළු හිස්වැස්මක්, කළු පාවහන් පැළඳ සිටින උඩු රැවුලක් සහ කෙටි රැවුලක් සහිත ඍජුව සිටගත් මිනිසකුගේ රුවක්
රතු සේද සළු හැඳ, කළු හිස්වැස්මක්, කළු පාවහන් පැළඳ සිටින උඩු රැවුලක් සහ කෙටි රැවුලක් සහිත හිඳගත් මිනිසකුගේ රුවක්
වම් පස රූපය: අඥාත සොං සිත්තරකු විසින් අඳින ලද ටයිෂොං අධිරාජයාගේ (රාජ්‍ය. 976–997) රුව
දකුණු පස රූපය: අඥාත සොං සිත්තරකු විසින් අඳින ලද ෂෙන්සොං අධිරාජයාගේ (රාජ්‍ය. 1067–1085)

සොං රාජවංශය පිහිටුවන ලද්දේ චාඕ කුවාංයින් (ටයිෂු අධිරාජයා) (රාජ්‍ය. 960–976) විසින් 960දී ය. මෙය සොං රාජවංශය විසින් නියම චීනය සම්පූර්ණයෙන් එක්සත් කිරීමට එනම් ප්‍රාන්ත දහසයක් පමණක් හැර සෙසු ප්‍රදේශ එක්සත් කිරීමට පෙර සිදු විය. සොං රාජවංශය, උතුරු චීනයේ ප්‍රාන්ත දහසයක පාලනය අතැතිව සිටි ඛිටන්වරුන් විසින් පාලනය කළ ලියාඕ රාජවංශය (1125–1279) සමග යුද්ධ මාලාවකට අවතීර්ණ විය.[2] සොං හමුදා සහ වුකිමයි (ටයිෂොං අධිරාජයා) (රාජ්‍ය. 1123–1134) යටතේ ජුර්චෙන්වරුන් ඒකාබද්ධව සිදුකළ ප්‍රහාර හේතුවෙන් 1125දී ලියාඕ රජය බිඳවැටිණි. කෙසේනමුත්, ක්ෂණිකව ජින්, සොං රාජවංශයට පිටුපා සොංහි උතුරු භූමිය ආක්‍රමණය කළේ ය.[2] ජිංකං සිද්ධිය ලෙස හැඳින්වෙන සිදුවීමේ දී,[3] ජින් හමුදා 1127දී සොං අගනුවර වූ බියෑන්ජිං (වර්තමාන කායිෆෙං) යටත් කරගත් අතර, ඒ වනවිට විශ්‍රාමලත් අධිරජු වූ හුයිෂොං අධිරාජයා (රාජ්‍ය. 1100–1126) සහ පාලනය ගෙනගිය ඔහුගේ පුත් ක්වින්ෂොං අධිරාජයාව (රාජ්‍ය. 1126–1127) ද අල්ලා ගත්හ.[4]

හුයිෂොං අධිරාජයාගේ පුත්‍රයකු වූ ගඔෂොං අධිරාජයා (රාජ්‍ය. 1127–1162) දකුණ වෙත පලාගොස් සොං රාජවංශය නැවත ස්ථාපිත කළේ වර්තමාන නැන්ජිං ප්‍රදේශයේ ය.[5] 1129දී ඔහු ලින්’අන් (වර්තමාන හැංචෞ) ප්‍රදේශයේ තාවකාලික අගනුවරක් පිහිටුවූ අතර, 1132දී ඔහු එය සොං අධිරාජ්‍යයේ නිල අගනුවර ලෙස නම්කළේ ය.[6] දකුණු සොං ආක්‍රමණයට ජින් කිහිප වරක්ම උත්සාහ දැරූ මුත් එය අසාර්ථක විය. නමුත් 1165දී සොංහි ෂියාඕසොං අධිරාජයා (රාජ්‍ය. 1162–1189) සහ ජින්හි ෂිසොං අධිරාජයා (රාජ්‍ය. 1161–1189) සාම ගිවිසුමක් සඳහා එකඟත්වය පලකළහ. මෙය අධිරාජ්‍ය ද්විත්වය අතර රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් ලෙසින් ක්‍රියාත්මක විය.[7] 1279දී මොංගෝලයන්ගේ ඛාගන්වරයා වූ කුබ්ලයි ඛාන් යටතේ යුවාන් රාජවංශය[8] විසින් සොං යටත් කරගන්නා තෙක්ම සොං රාජවංශය දකුණු චීනයේ පාලනය ගෙනගියේ ය. මෙහි අවසන් පාලකයා වූ චාඕ බිං (රාජ්‍ය. 1278–1279) 1279 මාර්තු 19වන දින මරාදැමුණේ[9] යමෙන්හි නාවික සටනේ දී ය. මෙම ස්ථානය වර්තමානයේ ගුවාංදොං පළාතේ ජියෑංමෙන් පුරවරයේ ෂින්හුයි දිස්ත්‍රික්කයේ යමෙන් නගරයේ පිහිටා ඇත.[10][11]

නම් සහ පදවි නාම[සංස්කරණය]

ක්වින් රාජවංශයේ (ක්‍රි.පූ. 221–206) සිට ක්විං රාජවංශය (1644–1912) දක්වා රාජ්‍යයේ පාලන ප්‍රධානියා හැඳින්වුණේ හුවාංඩි හෙවත් අධිරාජයා යන නාමයෙනි.[12] චීන ඓතිහාසික ග්‍රන්ථවල, සොං රාජවංශයේ මෙන්ම ටෑං සහ යුවාන් රාජවංශවල අධිරාජවරුන් ද සඳහන් කොට ඇත්තේ ඔවුන්ගේ විහාර නාමයන්ගෙනි.[13] ටෑං රාජවංශයට (618–907) පෙර අධිරාජවරුන් සාමාන්‍යයෙන් ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් කරන ලද්දේ ඔවුන්ගේ මරණාපර නාමයන්ගෙනි.[13] මිං (1368–1644) සහ ක්විං රාජවංශවල දී, අධිරාජවරුන් ඉතිහාස ග්‍රන්ථවල සඳහන් කරන ලද්දේ ඔවුන්ගේ තනි යුග නාමයෙනි. නමුත් සොං ඇතුළු පෙර රාජවංශවල අධිරාජවරුන්ට බහුවිධ යුග නාම පැවතී ඇත.[14] මරණාපර නාමයෙහි භාවිතා වූ ලිඛිත අක්ෂර සංඛ්‍යාව හන් රාජවංශ (ක්‍රි.පූ. 202 – ක්‍රි.ව. 220) සමයේ සිට ශීඝ්‍රයෙන් වර්ධනය විය. මේ නිසා රාජ්‍යේශයන් සඳහන් කිරීමේ දී එම නම් භාවිතා කිරීම අපහසු වූයේ දීර්ඝ වැඩි නිසායි.[13] උදාහරණයක් ලෙස, ක්විං රාජවංශය පිහිටුවීමට මූලික වූ මැංචු රාජ්‍යයේ ආදිකර්තෘ නුර්හාකිගේ (රාජ්‍ය. 1616–1626) මරණාපර නාමය සැලකීමේ දී , එය ලිඛිත අක්ෂර 29කින් සමන්විත විය.[13] ටෑං රාජවංශය වන විට, අධිරාජයා සඳහන් කිරීමේ දී වඩා කෙටි විහාර නාමයන් භාවිතය ජනප්‍රිය වූ අතර, මෙම සම්ප්‍රදායම සොං රාජවංශයේ ද භාවිතා කෙරිණි.[13] සෑම අධිරාජයකුටම සොහොන්ගැබ් නාමයක් (陵號; ලිංහාඕ) සහ වෙනත් ගෞරව නාම ගණනාවක් පැවතී ඇත.[15]

රාජ්‍යයේ ප්‍රධානියා[සංස්කරණය]

වර්ණවත් සේද සළු පැළඳ, කොණ්ඩා ගෙඩියක් සේ සැකසූ චීන ස්ත්‍රීන් සිව් දෙනකු කුඩා දැවමය පේටිකාවක් වටා සිටගෙන සේද පදම් කිරීමට භාවිතා කළ විශාල මෝල්ගස් වැනි උපකරණ අතින් දරා සිටින අයුරු
පීටර් කේ. බොල් රචනා කරන්නේ හුයිෂොං අධිරාජයාගේ දේශපාලන චින්තනය සහ සේද සකසන ස්ත්‍රීන් සිතුවම වැනි ඔහුගේ කලා නිර්මාණ පවා නිලධාරී ලි ජියේගේ (李誡; 1065–1110) ගෘහනිර්මාණ නිබන්ධනය වූ යිංචාඕ ෆාෂි (1103) සමග ‍පොදු ලක්ෂණවලින් යුත් බවයි: "උසස් තාක්ෂණික සම්මතයන්, ඒකෛක විවිධත්වය කෙරෙහි උනන්දුව මඳ වීම, ක්‍රියාකාරී යන්ත්‍රණය කෙරෙහි අවධානය සහ සියලුම කොටස් එකට ගත්විට සැපුසමෙහි දක්නට ලැ‍බෙන සංගතභාවය... මා හට පෙනීයන්නේ මෙම ගුණාංග නව ප්‍රතිපත්තිවල පෙර නිමිති සහ යුගයේ විශ්වසනීයත්වයේ සංකේත බවත්, එය අන්‍යෝන්‍ය සහයෝගී සහ ස්වයං-ප්‍රගතියට ලක්වන සමාජ සංවිධානයකට හේතුවූ බවයි."[16]

න්‍යායාත්මකව, අධිරාජයාගේ බලය සීමා රහිත විය. නමුත් හන් රාජවංශ යුගයේ පවා, ඔහු විධායක බලය සිවිල් නිලධාරීන් සමග බෙදාගෙන ඇති අතර, සාමාන්‍යයෙන් සිය තීරණ සඳහා පාදක කරගත්තේ සිය අමාත්‍යවරුන්ගේ උපදෙස් සහ නිල එකඟත්වයන් ය.[17] සොං රාජවංශ සමයේ, ජාතික විභාග ක්‍රමය (සිවිල් සේවා විභාගය) මගින් නිර්ණය කළ විද්වත්-නිලධාරීන් සිය නිලධාරී මණ්ඩලයට පත් කරගැනිණි. මාලිග විභාගයෙන් (අධිරාජ්‍යයේ ඉහළම මට්ටමේ විභාගය) සමත්වූවන් ඍජුවම අධිරාජයා විසින් ඉහළම මධ්‍යම රජයේ පදවිවලට පත්කරන ලදී.[18] සාමාන්‍ය වැසියන් සේම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීනට ද අධිරජුගේ නියෝගයන්ට අවනත වීමට සිදුවූ අතර, නැතහොත් දඬුවම් පැමිනවිණි.[1] කෙසේනමුත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අධිරාජයාගේ ප්‍රතිපත්තිවලට අභියෝග කොට ඔහුට බාධා පැමිණවූයේ සිය විද්වත් වංශාධිපති පන්තියේ කොන්ෆියුසියානු අගයයන් පිළිබඳ සිහි ගන්වමිනි.[19]

පූර්වප්‍රාප්තික ටෑං රාජවංශයේ දී, සිවිල් සේවා විභාගවලින් සොං රාජවංශයේ මෙන් විශාල නිලධාරීන් සංඛ්‍යාවක් බිහි වූයේ නැත;[20] එකල මාලිගයේ පැවති ප්‍රවේණික වංශාධිපති ක්‍රමය මගින් පදවි දැරීම සහ නිලතල හෙබවීම සිදු විය.[21] සොං පාලකයින්, විශේෂයෙන්ම හුයිෂොං අධිරාජයා අතීත ඥානවන්ත රජවරුන්ගේ පරමාදර්ශ අනුගමනය කිරීමට තැත් කළ ද, එයට සුවිසල් දේශපාලන ප්‍රතිවිරෝධයක් ඇති විය. රජු හට දේශපාලන අධිකාරියේ ඒකාධිකාරීත්වය දැරීමට නොහැකි වීම, නිලධාරි මණ්ඩලයේ වංශවත් සහ විද්වත් පාන්තිකය‍න්ගේ නැගීමට හේතු විය.[22]

සොං රාජවංශය පිහිටුවූ විට, පංච රාජවංශ සමයේ සේවය කළ නිලධාරීන් (හා ඔවුන්ගේ පුත්‍රයින්) සහ ප්‍රමුඛ පවුල්වලින් පැමිණි පුද්ගලයෝ පරම්පරා ගණනක් තිස්සේ නිලධාරීන් බිහිකළ සිය පෙළපත් පිළිපඳ පුරසාරම් කියන්නට වූහ.[23] පළමු සොං අධිරාජවරුන්ට පෙර යුගයේ ජියෙදුෂි වැනි යුධ ආධිපත්‍යයන් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය වූ හෙයින් ඔවුහු යුධ නිලධාරීන්ගේ බලය අඩුකොට බලවත් සිවිල් පදනමක් ස්ථාපනය කිරීමට උත්සාහ දැරූහ.[24] 11වන සියවසේ දී, විද්‍යාල සහ දේශීය ශාස්ත්‍රාල ව්‍යාප්ත වීමත් සමග, බහුතරයක් නිලධාරීන් සපයන දීපව්‍යාප්ත රදළ පෙළැන්තියක් බිහි විය.[25] 11වන සියවසේ පසු කාලය වන විට, ප්‍රමුඛ පවුල් අතර වංශවත් විවාහ ප්‍රතිපත්තීන් ව්‍යාකූල වූයේ වං අන්ෂි චාන්සලර්වරයාගේ (1021–1086) නව ප්‍රතිපත්ති (新法; ෂින් ෆා) හේතුවෙන් දේශපාලන පක්ෂ අරගල තීව්‍ර වීම නිසායි. මෙම මහා පවුල් ප්‍රතිස්ථාපනය කරමින් රට පුරා විවිධ ප්‍රාදේශීය රදළ පෙළපත්වලින් පැමිණි නිලධාරීන් බිහි විය.[26]

පීටර් කේ. බොල් ප්‍රකාශ කරන්නේ වං අන්ෂිගේ ව්‍යාප්තිවාදී ආධාරකරුවන්, ඔහුගේ නව ප්‍රතිපත්තිවල සක්‍රීය මධ්‍යම රජය හේතුවෙන් පෙනෙන්නට වූයේ ඔහු විසින් පුරාතන බටහිර චෞ (ක්‍රි.පූ. 1050 ප. – ක්‍රි.පූ. 771) වෙත රාමරාජ්‍යය උදාකළ දාඕ අවබෝධ කොටගෙන සිටි බවයි. සීමාකරන ලද අධිරාජයා අතීතයේ මාලිග චාරිත්‍ර සහ නීති ප්‍රතිසංස්කරණ මගින් සමාජය සාමකාමී තත්ත්වයකට ගෙන ආ පැරණි ප්‍රඥාවන්ත රජකු යන ප්‍රබන්ධය වැළඳ ගත්තේ ය.[22] හුයිෂොං අධිරාජයාගේ රාජ්‍ය සමයයට පසුව පවා, සොං පාලකයින් සහ නිලධාරීහු නව ප්‍රතිපත්ති නොසලකා සමාජය ප්‍රාදේශිකව පහළ-සිට-ඉහළට දිවෙන ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රතිසංස්කරණය කෙරෙහි උනන්දු වූහ.[22] නිදසුනක් ලෙස, හුයිෂොං අධිරාජයා 1107–1120 කාලයේ රජයේ විද්‍යාලයකට ඇතුළත් නොවී මහජන කාර්යාලයක සේවයේ යෙදුණු තැනැත්තන් ඉවත් කිරීමට උත්සාහ දැරී ය. එලෙසින් ඔහු ‍සිය සම්‍යක්දෘෂ්ටිය වූ කොන්ෆියුසියානු චින්තනය පිළිනොගත් ඕනෑම අයකුම ප්‍රතික්ෂේප කළේ ය.[27] කෙසේනමුත්, දකුණු සොං රාජවංශ සමයේ දී පෞද්ගලික ශාස්ත්‍රාල හේතුවෙන් රජයේ විද්‍යාල පද්ධතියට තිබූ ප්‍රමුඛත්වය අහිමි විය. මුල්කාලීන උතුරු සොං යුගයේ පැවති රජයේ පාඨශාලා සංඛ්‍යාව ඉක්මවා යාමට පෞද්ගලික විද්‍යාල මෙකල සමත් විය.[28] හුයිෂොං අධිරාජයාගේ සමයයට පෙර පවා, වං අන්ෂිගේ දේශපාලන ප්‍රතිවාදියකු මෙන්ම ප්‍රමුඛ චාන්සලර්වරයකු වූ සිමා ගුවාං (1019–1086) මහා ප්‍රතිසංස්කරණ සහ මහජන නීති හැඩගැස්වීමේ දී අධිරාජයාගේ කාර්යභාරය පිළිබඳ සඳහන් කර ඇත්තේ අල්ප වශයෙනි. ඔහු සඳහන් කොට ඇත්තේ අධිරාජයා අවශ්‍ය විට ප්‍රධාන පත්කිරීම් සිදුකළ බව පමණකි.[29]

අධිරාජවරුන්හට තමන් පාලනය කළ යුත්තේ ආණ්ඩුක්‍රම නිලධාරීවාදය ද නැතහොත් ශිෂ්‍යත්ව, විනෝදාංශ හෝ කාන්තාවන් කෙරෙහි උනන්දු වීම යන දෙකෙන් එකක් දැයි තීරණය කළ යුතු විය. කෙසේනමුත්, ෆ්‍රෙඩ්රික් ඩබ්. මෝට් පවසන්නේ සිය ළමා විය සැප සම්පත්වලින් පිරි මාලිගාවල තනිව කොටුවී ගතකළ බොහෝ ‍සොං අධිරාජවරුන් ලෝකයේ සාමාන්‍ය කටයුතුවලින් පැහැර වූ නොසැලකිලිමත් ප්‍රතිසංස්කරණවාදීන් බවයි. මේ නිසා ඔවුන් රජය පාලනයේ දී නිලධාරීන් මත රඳා පැවතී ඇත.[30] නමුත් බොහෝදෙනුකගේ මතය වන්නේ සොං රාජ මාලිගය සිවිල් නිලධාරීන් කෙරෙහි ඉහළ ආචාරශීලීත්වයක් සහ සංයමයක් දැක්වූ හෙයින් සාකච්ඡා හා සමුළුවල දී අධිරාජයා සහ අමාත්‍යවරුන් අතර සමීප සබඳතාවයක් පැවති බවයි.[31]

අධිරාජවරු[සංස්කරණය]

උතුරු සොං, 960–1127[සංස්කරණය]

රුව විහාර නාමය
(廟號; මියඕ හඕ)[note 1]
මරණාපර නාමය
(諡號; ෂි හඕ)
උපන් නාමය රාජ්‍ය සමය යුග නාම (年號; නියන් හඕ) සහ එය පැතිරි කාල සීමා
Song Taizu.jpg
ටයිෂු (太祖) 啟運立極英武睿文神德聖功至明大孝皇帝[note 2] චාඕ කුවාංයිවන් (趙匡胤) &0000000000000001000000960–976
  • ජියැන්ලොං (建隆; 960–963)[32]
  • ක්වියැන්දේ (乾德; 963–968)[33]
  • කායිබඕ (開寶; 968–976)[34]
Song Taizong.jpg
ටයිෂොං (太宗) 至仁應道神功聖德文武睿烈大明廣孝皇帝 චාඕ ජියොං (趙炅) &0000000000000002000000976–997
  • තයිපිංෂිංගුවෝ (太平興國; 976–984)[35]
  • යෝංෂී (雍熙; 984–988)[36]
  • දුවාන්ගොං (端拱; 988–989)[37]
  • චුන්හුවා (淳化; 990–994)[38]
  • චිදාඕ (至道; 995–997)[39]
Zhenzong.jpg
චෙන්සොං (真宗) 應符稽古神功讓德文明武定章聖元孝皇帝 චාඕ හෙං (趙恆) &0000000000000003000000997–1022
  • ෂියැන්පිං (咸平; 998–1003)[40]
  • ජිංදේ (景德; 1004–1007)[41]
  • දාචොංෂියැංෆු (大中祥符; 1008–1016)[42]
  • ටියෑන්ෂි (天禧; 1017–1021)[43]
  • ක්වියෑන්ෂිං (乾興; 1022)[44]
Renzong.jpg
රෙන්ෂොං (仁宗) 體天法道極功全德神文聖武睿哲明孝皇帝 චාඕ චෙන් (趙禎) &00000000000000040000001022–1063
  • ටියෑන්ෂෙං (天聖; 1023–1032)[45]
  • මිංදාඕ (明道; 1032–1033)[46]
  • ජිංයෞ (景祐; 1034–1038)[47]
  • බඕයුවැන් (寶元; 1038–1040)[48]
  • කාංඩිං (康定; 1040–1041)[49]
  • ක්විංලි (慶曆; 1041–1048)[50]
  • හුවැංයෞ (皇祐; 1049–1053)[51]
  • චිහේ (至和; 1054–1056)[52]
  • ජියායෞ (嘉祐; 1056–1063)[53]
Chiping.jpg
යිංෂොං (英宗) 體乾應曆隆功盛德憲文肅武睿聖宣孝皇帝 චාඕ ෂු (趙曙) &00000000000000050000001063–1067
  • චිපිං (治平; 1064–1067)[54]
Shenzong of Song.jpg
ෂෙන්සොං (神宗) 紹天法古運德建功英文烈武欽仁聖孝皇帝 චාඕ ෂූ (趙頊) &00000000000000060000001067–1085
  • ෂීනිං (熙寧; 1068–1077)[55]
  • යුවැන්ෆේං (元豐; 1078–1085)[56]
宋哲宗.jpg
චෙන්සොං (哲宗) 憲元繼道顯德定功欽文睿武齊聖昭孝皇帝 චාඕ ෂු (趙煦) &00000000000000070000001085–1100
  • යුවැන්යෞ (元祐; 1086–1093)[57]
  • ෂාඕෂෙං (紹聖; 1094–1098)[58]
  • යුවැන්ෆු (元符; 1098–1100)[59]
Huizong.jpg
හුයිෂොං (徽宗) 體神合道駿烈遜功聖文仁德慈憲顯孝皇帝 චාඕ ජි (趙佶) &00000000000000080000001100–1125
  • ජියැන්දොංජිංගුවෝ (建中靖國; 1101)[60]
  • චොංනිං (崇寧; 1102–1106)[61]
  • දගුවාන් (大觀; 1107–1110)[62]
  • චෙංහේ (政和; 1111–1118)[63]
  • චොංහේ (重和; 1118)[64]
  • ෂුවෑන්හේ (宣和; 1119–1125)[65]
Songqinzong Chinghong.jpg
ක්වින්ෂොං (欽宗) 恭文順德仁孝皇帝 චාඕ හුවාන් (趙桓) &00000000000000090000001126–1127
  • ජිංකාං (靖康; 1125–1127)[66]

දකුණු සොං, 1127–1279[සංස්කරණය]

රුව විහාර නාම
(廟號; මියඕ හඕ)
මරණාපර නාම
(諡號; ෂි හඕ)
උපන් නම් රාජ්‍ය
සමය
යුග නාම (年號; නියැන් හඕ) සහ ඒවා පැතිරි කාල සීමා
Gaozong Of Song.jpg
ගඔෂොං (高宗) ෂෞමිං චොංෂිං ක්වැන්ගෝං චිදේ ෂෙංෂෙන් වූවෙන් චාඕරෙන් ෂියැන්ෂියාඕ හුවාංඩි (受命中興全功至德聖神武文昭仁憲孝皇帝) චාඕ ගෞ (趙構) &00000000000000010000001127–1162
  • ජියැන්යැන් (建炎; 1127–1130)[67][68]
  • ෂාඕෂිං (紹興; 1131–1162)[69]
Xiaozong.jpg
ෂියාඕසොං (孝宗) ෂඔතොං තොංදාඕ ගුවාන්දේ චාඕගොං චෙවෙන් ෂෙන්වූ මිංෂෙං චෙංෂියාඕ හුවාංඩි (紹統同道冠德昭功哲文神武明聖成孝皇帝) චාඕ ෂෙන් (趙昚) &00000000000000020000001162–1189
  • ලොංෂිං (隆興; 1163–1164)[70]
  • ක්වියැන්දාඕ (乾道; 1165–1173)[71]
  • චුන්ෂි (淳熙; 1174–1189)[72]
宋光宗.jpg
ගුවාංෂොං (光宗)
ෂුනදාඕ ෂියැන්රෙන් මිංගෝං මාඔදේ වේන්ෂුන් වූෂෙං චෙකි ෂියාඕ හුවාංඩි (循道憲仁明功茂德溫文順武聖哲慈孝皇帝) චාඕ දුන් (趙惇) &00000000000000030000001189–1194
  • ෂාඕෂි (紹熙; 1190–1194)[73]
Songlinzong.jpg
නිංෂොං (寧宗) ෆැටියෑන් බෙයිදාඕ චුන්ක්වෑන් දෙමාඕ ගොංරෙන් වෙන්චේ වූෂෙං රුයිගොං ෂියාඕ හුවාංඩි (法天備道純德茂功仁文哲武聖睿恭孝皇帝) චාඕ කුඕ (趙擴) &00000000000000040000001194–1224
  • ක්විංයුවැන් (慶元; 1195–1200)[74]
  • ජියාතයි (嘉泰; 1201–1204)[75]
  • කයිෂි (開禧; 1205–1207)[76]
  • ජියාදිං (嘉定; 1208–1224)[77]
宋理宗.jpg
ලිෂොං (理宗)
ජියැන්දාඕ බෙයිදේ දාගොං ෆුෂිං ලියෙවෙන් රෙන්වු ෂෙංමිං ආන්ෂියාඕ හුවාංඩි (建道備德大功復興烈文仁武聖明安孝皇帝) චාඕ යුන් (趙昀) &00000000000000050000001224–1264
  • බාඕක්විං (寶慶; 1225–1227)[78]
  • ෂාඕඩිං (紹定; 1228–1233)[79]
  • ඩුවෑන්පිං (端平; 1234–1236)[80]
  • ජියාෂි (嘉熙; 1237–1240)[81]
  • චුන්යෞ (淳祐; 1241–1252)[82]
  • බඔයෞ (寶祐; 1253–1258)[83]
  • කායික්විං (開慶; 1259)[84]
  • ජිංදිං (景定; 1260–1264)[85]
Duzong.jpg
දුෂොං (度宗) දුවාන්වෙන් මිංවු ජිංෂියාඕ හුවාංඩි (端文明武景孝皇帝) චාඕ ක්වි (趙祺) &00000000000000060000001264–1274
  • ෂියෑන්චුන් (咸淳; 1265–1274)[86]
Song Gongdi.jpg
ෂියාඕගොං යිෂෙං හුවාංඩි (孝恭懿圣皇帝) චාඕ ෂියාන් (趙顯) &00000000000000070000001275
  • දේයෞ (德祐; 1275–1276)[87]
Song Duanzong.jpg
දුවාන්ෂොං (端宗) යුවෙන් චාඕවූ මින්ෂියාඕ හුවාංඩි (裕文昭武愍孝皇帝) චාඕ ෂි (趙昰) &00000000000000080000001276–1278
  • ජිංයෑන් (景炎; 1276–1278)[88]
Zhaori.jpg
චාඕ බිං (趙昺) &00000000000000090000001278–1279
  • ෂියෑංෂිං (祥興; 1278–1279)[89]

අධිරාජවරුන්ගේ පවුල් ගස[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. සම්මුතිය: "සොං" + අවසාන අධිරාජයාගේ හැර සෙසු අධිරාජවරුන්ගේ විහාර නාමය හෝ මරණාපර නාමය; අවසන් අධිරාජයාගේ නාමය "සොං ඩි බිං" (宋帝昺)
  2. විස්තර කිරීමක් සඳහා මෙම ලිපියේ "නම් සහ පදවි නාම" කොටස බලන්න.

පාදකසටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 Mote (1999), pp. 98–99.
  2. 2.0 2.1 Bol (2001), p. 112.
  3. Hennessey (1984), pp. 42, 51.
  4. Ebrey et al. (2006), pp. 165–167.
  5. Gernet (1962), p. 22.
  6. Coblin (2002), p. 533.
  7. Tillman (1995), p. 29; Mostern (2008), p. 241.
  8. Rossabi (1988), pp. 8, 53.
  9. Grant (2010), p. 56
  10. Rossabi (1988), pp. 93–94.
  11. David C. Wright (2012). David Andrew Graff. ed. A Military History of China. University Press of Kentucky. පි. 73. ISBN 978-0-8131-3584-7. 
  12. Wilkinson (1998), p. 106; Mote (1999), p. 98.
  13. 13.0 13.1 13.2 13.3 13.4 Wilkinson (1998), p. 106.
  14. Wilkinson (1998), pp. 106–107.
  15. Wilkinson (1998), p. 107.
  16. Bol (2001), pp. 113–114.
  17. de Crespigny (2007), pp. 1216, 1226–1228; Bielenstein (1980), pp. 84–85, 143–144; Hucker (1975), pp. 149–150; Wang (1949), pp. 157–158, 173–177.
  18. Ebrey et al. (2006), p. 159–160; Bol (2001), p. 107; Gernet (1962), p. 65.
  19. Mote (1999), pp. 99–100.
  20. Ebrey (1999), pp. 145–146.
  21. Bol (2001), 132.
  22. 22.0 22.1 22.2 විස්තරාත්මක විශ්ලේෂණයක් සඳහා Bol (2001), pp. 103–134 බලන්න.
  23. Hartwell (1982), pp. 405–407.
  24. Ebrey (1999), pp. 145–146; Mote (1999), p. 102; see also Needham (1972), p. 132.
  25. Yuan (1994), pp. 196–194; Bol (2001), pp. 115–116, 121, 133; see also Ebrey (1999), pp. 145–146.
  26. Hartwell (1982), pp. 413–416.
  27. Bol (2001), 116.
  28. Hymes (1986), pp. 132–133; Walton (1999), p. 199.
  29. Bol (2001), p. 133.
  30. Mote (1999), p. 100.
  31. Mote (1999), p. 101.
  32. Bo (1977), pp. 873–876.
  33. Bo (1977), pp. 876–878.
  34. Bo (1977), pp. 878–881.
  35. Bo (1977), pp. 881–883.
  36. Bo (1977), pp. 883–885.
  37. Bo (1977), pp. 885–886.
  38. Bo (1977), pp. 886–887.
  39. Bo (1977), p. 887.
  40. Bo (1977), pp. 887–891.
  41. Bo (1977), pp. 891–892.
  42. Bo (1977), pp. 892–894.
  43. Bo (1977), pp. 894–895.
  44. Bo (1977), p. 895.
  45. Bo (1977), pp. 895–896.
  46. Bo (1977), pp. 896–897.
  47. Bo (1977), pp. 897–898.
  48. Bo (1977), p. 898.
  49. Bo (1977), pp. 898–899.
  50. Bo (1977), pp. 899–903.
  51. Bo (1977), pp. 903–904.
  52. Bo (1977), p. 905.
  53. Bo, pp. 905–907.
  54. Bo (1977), pp. 908–909.
  55. Bo (1977), pp. 909–914.
  56. Bo (1977), pp. 914–918.
  57. Bo (1977), pp. 918–921.
  58. Bo (1977), pp. 921–923.
  59. Bo (1977), pp. 923–924.
  60. Bo (1977), p. 927.
  61. Bo (1977), pp. 927–928.
  62. Bo (1977), pp. 928–929.
  63. Bo (1977), pp. 929–931.
  64. Bo (1977), p. 931.
  65. Bo (1977), pp. 932–935.
  66. Bo (1977), pp. 937–938.
  67. Bo (1977), pp. 938–942.
  68. 1129දී, ගඔෂොං අධිරාජයාට කෙටිකාලීනව සිය වර්ෂ දෙකක් වයසැති පුත්‍රයා වූ චාඕ ෆු හට කිරුළ පැවරීමට සිදු විය. මෙම කුමරුගේ යුග නාමය වූයේ මිංෂෞ ය. නමුත් මඳ කලකින්ම අධිරජුට පක්ෂපාතීන් විසින් ගඔෂොංව නැවත ධුරයෙහි ප්‍රතිෂ්ඨාපනය කළ බැවින්, සම්ප්‍රදායික ඉතිහාසඥයන් විසින් චාඕ ෆු සොං අධිරාජයකු ලෙස සලකන්නේ නැත. එසේම ඔහුගේ යුග නාමය ද පිළිගන්නේ නැත. නමුත් බෝ (1977), පිටු. 941–942 බලන්න.
  69. Bo (1977), pp. 944–961.
  70. Bo (1977), pp. 961–962.
  71. Bo (1977), pp. 963–965.
  72. Bo (1977), pp. 965–969.
  73. Bo (1977), pp. 970–972.
  74. Bo (1977), pp. 972–973.
  75. Bo (1977), pp. 977–978.
  76. Bo (1977), pp. 979–981.
  77. Bo (1977), pp. 981–988.
  78. Bo (1977), pp. 989–990.
  79. Bo (1977), pp. 991–994.
  80. Bo (1977), pp. 995–996.
  81. Bo (1977), pp. 996–997.
  82. Bo (1977), pp. 998–1002.
  83. Bo (1977), pp. 1003–1004.
  84. Bo (1977), p. 1005.
  85. Bo (1977), pp. 1006–1008.
  86. Bo (1977), pp. 1008–1011.
  87. Bo (1977), pp. 1012–1013.
  88. Bo (1977), pp. 1013–1015.
  89. Bo (1977), pp. 1015–1016.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Bielenstein, Hans (1980). The Bureaucracy of Han Times. Cambridge: Cambridge University Press. ISBN 0-521-22510-8. 
  • Bo Yang (1977). Timeline of Chinese History. Taipei: Sing-Kuang Book Company Ltd.. 
  • Bol, Peter K. (2001). "Whither the Emperor? Emperor Huizong, the New Policies, and the Tang-Song Transition". Journal of Song and Yuan Studies 31: 103–134. 
  • Coblin, W. South (2002). "Migration History and Dialect Development in the Lower Yangtze Watershed". Bulletin of the School of Oriental and African Studies 65 (3): 529–543. doi:10.1017/S0041977X02000320. 
  • de Crespigny, Rafe (2007). A Biographical Dictionary of Later Han to the Three Kingdoms. Leiden: Koninklijke Brill. ISBN 90-04-15605-4. 
  • Ebrey, Patricia Buckley (1999). The Cambridge Illustrated History of China (paperback). Cambridge: Cambridge University Press. ISBN 0-521-66991-X. 
  • Ebrey, Patricia; Walthall, Anne; Palais, James (2006). East Asia: A Cultural, Social, and Political History. Boston: Houghton Mifflin Company. ISBN 0-618-13384-4. 
  • Gernet, Jacques (1962). Daily Life in China on the Eve of the Mongol Invasion, 1250–1276. Stanford: Stanford University Press. ISBN 0-8047-0720-0. 
  • Grant, Reg (2010). Battle at Sea: 3000 years of naval warfare. London: Dorling Kindersley. ISBN 978-0756639730. 
  • Hartwell, Robert M. (1982). "Demographic, Political, and Social Transformations of China, 750–1550". Harvard Journal of Asiatic Studies 42 (2): 365–442. 
  • Hennessey, William O. (July 1984). "Classical Sources and Vernacular Resources in "Xuanhe Yishi": The Presence of Priority and the Priority of Presence". Chinese Literature: Essays, Articles, Reviews (CLEAR) 6 (1/2): 33–52. 
  • Hucker, Charles O. (1975). China's Imperial Past: An Introduction to Chinese History and Culture. Stanford: Stanford University Press. ISBN 0-8047-0887-8. 
  • Hymes, Robert P. (1986). Statesmen and Gentlemen: The Elite of Fu-Chou, Chiang-Hsi, in Northern and Southern Sung. Cambridge: Cambridge University Press. ISBN 0-521-30631-0. 
  • Mostern, Ruth (2008). "From Battlefields to Counties: War, Border, and State Power in Southern Song Huainan". මෙම කෘතිය තුල: Wyatt, Don J.. Battlefronts Real and Imagined: War, Border, and Identity in the Chinese Middle Period. New York: Palgrave MacMillan. පිටු 227–252. ISBN 978-1-4039-6084-9. 
  • Mote, Frederick W. (1999). Imperial China: 900–1800. Cambridge: Harvard University Press. ISBN 0-674-01212-7. 
  • Needham, Joseph (1972). Science and Civilization in China: Volume 1, Introductory Orientations. London: Syndics of the Cambridge University Press. ISBN 0-521-05799-X. 
  • Rossabi, Morris (1988). Khubilai Khan: His Life and Times. Berkeley, Los Angeles, London: University of California Press. ISBN 0520067401. 
  • Tillman, Hoyt C.; West, Stephen H. (1995). China Under Jurchen Rule: Essays on Chin Intellectual and Cultural History. Albany: State University of New York Press. ISBN 0-7914-2273-9. 
  • Walton, Linda (1999). Academies and Society in Southern Sung China. Honolulu: University of Hawaii Press. ISBN 0824819624. 
  • Wang, Yu-ch'uan (June 1949). "An Outline of The Central Government of The Former Han Dynasty". Harvard Journal of Asiatic Studies 12 (1/2): 134–187. 
  • Wilkinson, Endymion (1998). Chinese History: A Manual. Cambridge and London: Harvard University Asia Center of the Harvard University Press. ISBN 0-674-12378-6. 
  • Yuan, Zheng (Summer 1994). "Local Government Schools in Sung China: A Reassessment". History of Education Quarterly 34 (2): 193–213. 

බාහිර සබැඳි[සංස්කරණය]