Jump to content

සෙනේෂ් දිසානායක බංඩාර

විකිපීඩියා වෙතින්
සෙනේෂ් දිසානායක බණ්ඩාර
Born
Educationනාලන්දා විද්‍යාලය, කොළඹ
Occupationවිශ්වවිද්‍යාල කථිකාචාර්ය
Employerශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Known forචිත්‍රපට අධ්‍යක්ෂණය ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂණය
Titleආචාර්ය
Children2
Websitehttp://fhss.sjp.ac.lk/sinh/dr-senesh-dissanaike-bandara/

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර (ඉංග්‍රීසි: Dr. Senesh Dissanaike Bandara) යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකි. තිරරචකයෙකි. මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙකි.

සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙකි.

ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙකි.

ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරයි.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) උසුලයි.

"https://si.wikipedia.org/w/index.php?title=සෙනේෂ්_දිසානායක_බංඩාර&oldid=545414" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි