සෙනෙඩ්ජ්
පෙනුම
| සෙනෙඩ්ජ් | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සෙනෙඩ්, සෙන්ඩ්ජ්, සෙතෙනෙස් | ||||||||||||||||||||||||||||||||||||||||||||||
ඇබයිඩොස් රාජාවලියේ ඇති සෙනෙඩ්ජ් කාර්ටුෂ් නාමය (කාර්ටුෂ් අංක 13) | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| පාරාවෝ | ||||||||||||||||||||||||||||||||||||||||||||||
| රාජ්‍ය සමය | ක්‍රි.පූ. 2773–2753 හෝ පසුව (2වන රාජවංශය) | |||||||||||||||||||||||||||||||||||||||||||||
| පූර්වප්‍රාප්තිකයා | වැඩ්ජෙනෙස් හෝ වෙනෙග් | |||||||||||||||||||||||||||||||||||||||||||||
| අනුප්‍රාප්තිකයා | අවිනිශ්චිත ය; සෙඛෙමිබ්, පෙරිබ්සෙන්, නෙෆර්කාරා I | |||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||
| පියා | වැඩ්ජෙනෙස් ? | |||||||||||||||||||||||||||||||||||||||||||||
සෙනෙඩ්ජ්(හෙවත් සෙනෙඩ් සහ සෙතෙනෙස් ලෙස ද හැඳින්වේ) යනු 2වන රාජවංශ සමයේ රාජ්‍ය පාලනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන මුල්කාලීන ඊජිප්තු රජ (පාරාවෝ) කෙනෙකි. ඔහුගේ ඓතිහාසිකභාවය අවිනිශ්චිත ය. ඔහුගේ නාමය රැම්සිස් රජ සමයට අයත් රාජාවලීන්ගේ අන්තර්ගත වේ. එම නාමය විවිධාකාරයෙන් ලියා ඇත. ඇබයිඩොස් රාජාවලිය තුළ ආදි ස්වරූපයෙන් සඳහන් වුව ද, ටියුරින් රාජාවලිය සහ සකාරා රාජාවලිය තුළ ඔහුගේ නම පිහාටු ගැලවූ පාත්තයකුගේ රූපාක්ෂරයක් සමග සඳහන් කොට ඇත.
සෙනෙඩ්ජ් ඊජිප්තුව කොපමණ කාලයක් පාලනය කළේ ද යන්න නොදනී. ටියුරින් රාජාවලියේ ඔහුගේ ජීවිත කාලය වර්ෂ 54ක් ලෙස[1] සඳහන් කොට ඇති අතර, පුරාතන ඊජිප්තු ඉතිහාසඥයකු වන මැනතෝ සඳහන් කරන්නේ සෙතෙනෙස් (සෙනෙඩ්ජ් සඳහා ඔහු භාවිතා කරන නාමය) නම් පාරාවෝ වර්ෂ 41ක් රාජ්‍ය පාලනය කළ බවයි.[2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ Lundström, Peter. "Turin King List: column 3". Pharaoh.se (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-10-20.
- ↑ William Gillian Waddell: Manetho (= The Loeb Classical Library, Vol. 350). Harvard University Press, Cambridge (Mass.) 2004, ISBN 0-674-99385-3, p. 37-41.
බාහිර සබැඳි
[සංස්කරණය]| පූර්වප්‍රාප්තිකයා වැඩ්ජෙනෙස් |
ඊජිප්තුවේ පාරාවෝ | අනුප්‍රාප්තික සෙත්-පෙරිබ්සෙන් |