Jump to content

සෙනර් දියෝඩ

විකිපීඩියා වෙතින්


  සෙනර් දියෝඩ

මෙය සිලිකන් සන්ධි දියෝඩ වර්ගයකි වෝල්ටීයතා පාලකයක් වශයෙන් භාවිතා කරයි සාමාන්‍ය දියෝඩයක මෙන් සෙනර් දියෝඩයකද කැතෝඩ අග්‍රය නිවැරදිව හදුනාගැනීම මෙම අග්‍රය ආසන්නයේ වර්ණවත් වළල්ලක සලකුණු යොදා ඇත මෙයට පෙර නැඹුරු කලවිට් සාමාන්‍ය සිලිකන් දයෝඩ මෙන් ක්‍රියා කෙරේ පසු නැඹුරු වෝල්ටීයතාවක් ලද විට අභ්‍යන්තර ප්‍රතිරෝදය අඩු වී ඉතා කුඩා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයක ධාරාවක් ගලයි පසු නැඹුරු වෝල්ටීයතාවය ක්‍රමයෙන් වැඩි කරගෙන ගියහොත් එක්තරා අවස්ථාවකදී අභ්‍යන්තර ප්‍රතිරෝදය එක්වරම පහත වැටී ඒ තුලින් ගලමින් තිබු මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරාව මිලි ඇම්පියර් ප්‍රමාණය දක්වා වැඩි වේ මෙසේ පසු නැඹුරු වෝල්ටීයතාව වැඩිකළ විට සිදුවන මෙම බිද වැටීම නිසා විශාල ධාරාවක් ගලා ය හැකි පරිදි දයෝඩය සැලසුම්කර නොමැති නම එය විනාශ වේ එවැනි විශාල පසු ධාරාවක් ගලා යා හැකි පරිදි සැලසුම් කල දයෝඩ සෙනර් දයෝඩ වශයෙන් හැදින්වේ මෙහි ධාරාව වැඩිවෙන්න වැඩිවෙන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වී වෝල්ටීයතාව ස්ථාවරව තබා ගනී මේවා 3.3v,3.6v,3.9v,10v,12v ,ආදී වශයෙන් අවශ්‍ය වොල්ටියතාවෙන් යුත් සෙනර් දයෝඩ ලබා ගත හැක

"https://si.wikipedia.org/w/index.php?title=සෙනර්_දියෝඩ&oldid=470360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි