සූර්යාගේ ව්‍යුහය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සූර්යාගේ ව්‍යුහය පිළිබඳ නිරූපණය

සූර්යයා යනු ප්‍රධාන අනුක්‍රමණයේ තාරකාවකි. සමස්ත සූර්යග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99% පමණ සූර්යාට අයත් වේ. සූර්යා ආසන්න වශයෙන් ගෝලාකාර ව්‍යුහයකි. සූර්යා තරමක් පැතලි ගෝලාකාරය , එනම් සූර්යාගේ ධ්‍රැවීය විෂ්කම්භය හා සමකාසන්න විෂ්කම්භය අතර 10km (6mi) පමණ වෙනසක් පවතී. සූර්ය සම අවස්ථාවේ නොව ප්ලාස්මා අවස්ථාවේ පවතින නිසා එය තම අක්ෂය වටා පරිභ්‍රමණය වන විට විවිධ ස්ථානවල එකිනෙකට වෙනස් චලිත වේග‍යන් දක්වයි. (එනම් සූර්යාගේ සමකයේ දී භ්‍රමණ වේගය එහි ධ්‍රැවයේ භ්‍රමණ වේගයට වඩා වැඩිය) සමකයේදී ආසන්න වශයෙන් සූර්යාගේ භ්‍රමණ කාලය දින 25ක් වන අතර ධ්‍රැව ප්‍රදේශවලදී එම දින 35ක් පමණ වේ. කෙසේ වෙතත් පෘථිවිය සූර්යා වටා සිදුවන භ්‍රමණය නිසා පෘථිවියේ උස්බිම් නිරන්තරයෙන් වෙනස්වීම නිසා පෘථිවියේ සිට පැහැදිලිව සූර්යාගේ සමකාසන්න භ්‍රමණ කාලය දින 28 ලෙස නිරීක්ෂණය කළ හැක. සූර්යාගේ මෙම භ්‍රමණය නිසා ඇතිවන කේන්ද්‍රාපසාරක බලපෑම නිසා එහි භ්‍රමණයේ සිදුවන වේගය අඩාල වීම සමකාසන්නයේ එහි පෘෂ්ඨික ගුරුත්වය නිසා එයට සිදුවන බලපෑම මෙන් මිලියන 18 ගුණයක් අඩුවෙනි. තවද අනෙකුත් ග්‍රහ වස්තූන් විසින් සූර්යා කෙරෙහි ඇති කරන ආකර්ශන බලපෑම එහි හැඩයට බලනොපායි.

ඝන ග්‍රහ වස්තුවලට මෙන් සූර්යායාට නිශ්චිත මායිමක් නැත. සූර්යාගේ කේන්ද්‍රයේ සිට දුර වැඩිවෙත්ම එහි අඩංගු වායුවල ඝනත්වය ආසන්න වශයෙන් ඝාතීයව අඩුවීම සිදුවේ. නමුත් සූර්යයාට ඉතා පැහැදිලි අභ්‍යන්තර සැකිල්ලක් පවතී. සූර්යාගේ අරය එහි කේන්ද්‍රයේ සිට ප්‍රකාශ ගෝලයේ කෙළවරට මණිනු ලැබේ. ප්‍රකාශ ගෝලය යනු සූර්යාගේ බාහිරයෙන්ම පවතින සැලකිය යුතු තරම් ආලෝකය හෝ විකිරණ පිට කිරීමට ප්‍රමාණවත් තරම් උෂ්ණත්වයක් හෝ ඝනත්වයක් නොමැති වායු ස්ථරයකි. ප්‍රකාශ ගෝලය පියවි ඇසට ‍ෙබාහෝ පහසුවෙන් නිරීක්ෂණය කළ හැක. සූර්ය මාධ්‍යය, එහි සමස්ත පරිමාවෙන් 10% පමණ වුවද එය සමස්ත ස්කන්ධයෙන් 40% පමණ වේ.

සූර්යා අභ්‍යන්තරය එක්වර නිරීක්ෂණය කළ නොහැක. තවද සූර්යයා විද්‍යුත් චුම්භක විකිරණයන්ට ස්වභාවයෙන්ම පාරාන්ධ වස්තුවකි. භූකම්පන විද්‍යාව භූමි කම්පාවකදී නිකුත් වන තරංග පෘථිවියේ අභ්‍යන්තරය ගැන ගවේෂණය කිරීමට යොදාගනු ලබන්නා සේම සූර්ය භූකම්පන විද්‍යාවේ දී සූර්යාගේ අභ්‍යන්තරයේ හටගන්නා පීඩන තරංග එහි අභ්‍යන්තරය ගවේෂණය කිරීමට යෙදාගනී. තවද පරිගණක ප්‍රතිනිරූපණය කිරීම් ද සූර්ය අභ්‍යන්තරය ගවේෂණය කිරීමට සෛද්ධාන්තික ක්‍රමවේද ලෙස යොදාගනී.

ප්‍රධාන කොටස්[සංස්කරණය]

සූර්යයා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා වෙන් කර දැක්විය හැක. එනම්,

  1. න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා සිදුවන හරය
  2. විකිරණ කලාපය
  3. සංවහන කලාපය

හරය[සංස්කරණය]

සූර්යයාගේ බලශක්ති නිපැයුම් මධ්‍යස්ථාන වශයෙන් හැඳින්විය හැක. සූර්ය අරයෙන් කාලක (1/4) ප්‍රමාණය හරය ලෙස හැඳින්වේ.

  • සූර්ය අරයෙන් කාලක ප්‍රමාණය තුල සූර්ය ස්කන්ධයෙන් හරි අඩක් ගැබ්ව ඇත.
  • හරයේ උෂ්ණත්වය කෙල්වින් මිලියන 15ක් පමණ වේ.
  • හරයේ පීඩනය වායුගෝල (පෘථිවියේ මුහුදු මට්ටමේ සාමාන්‍ය පීඩනය) බිලියන 250ක පීඩනයට සමානය.

මෙම තත්ත්ව න්‍යෂ්ඨක විලයනය සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත් යැයි සැලකේ.

සූර්යයා ශක්තිය නිපදවන ආකාරය~~[සංස්කරණය]

(1)  [[deuterium-2|2සැකිල්ල:ProtonsForElementD]]  [[tritium-3|3සැකිල්ල:ProtonsForElementT]]  →  [[helium-4|4සැකිල්ල:ProtonsForElementHe]]  3.5 MeV  n0  14.1 MeV  )
(2i)  [[deuterium-2|2සැකිල්ල:ProtonsForElementD]]  [[deuterium-2|2සැකිල්ල:ProtonsForElementD]]  →  [[tritium-3|3සැකිල්ල:ProtonsForElementT]]  1.01 MeV  p+  3.02 MeV            50%
(2ii)        →  [[helium-3|3සැකිල්ල:ProtonsForElementHe]]  0.82 MeV  n0  2.45 MeV            50%
(3)  [[deuterium-2|2සැකිල්ල:ProtonsForElementD]]  [[helium-3|3සැකිල්ල:ProtonsForElementHe]]  →  [[helium-4|4සැකිල්ල:ProtonsForElementHe]]  3.6 MeV  p+  14.7 MeV  )
(4)  [[tritium-3|3සැකිල්ල:ProtonsForElementT]]  [[tritium-3|3සැකිල්ල:ProtonsForElementT]]  →  [[helium-4|4සැකිල්ල:ProtonsForElementHe]]        n0            11.3 MeV
"https://si.wikipedia.org/w/index.php?title=සූර්යාගේ_ව්‍යුහය&oldid=424364" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි