Jump to content

සුමේරියානු ශිෂ්ටාචාරය

විකිපීඩියා වෙතින්
සුමේරියානු ශිෂ්ටාචාරය
කෙන්ගිර්
සුමේරියානු ශිෂ්ටාචාරය is located in Iraq
සුමේරියානු ශිෂ්ටාචාරය
මෙසපොතේමියාවේ පිහිටීම
විකල්ප නමසුමර්
පිහිටීමදකුණු මෙසපොතේමියාව (වර්තමාන ඉරාකය)
කලාපයමෙසපොතේමියාව
මාදිලියශිෂ්ටාචාරය
ඉතිහාසය
ස්ථාපිත දිනයක්‍රි.පූ. 5500 – ක්‍රි.පූ. 1900 පමණ
යුගකැල්කොලිතික, ලෝකඩ යුගය
සංස්කෘතීන්සුමේරියානු

සුමේරියානු ශිෂ්ටාචාරය (ඉංග්‍රීසි: Sumerian civilization) යනු, දකුණු මෙසපොතේමියාවේ (වර්තමාන මධ්‍යම-දකුණු ඉරාකය) පිහිටා තිබූ, පැරණිතම ශිෂ්ටාචාරයකි. එය සුමර් (Sumer) ලෙසද හැඳින්වේ. මෙම ශිෂ්ටාචාරය ක්‍රි.පූ. 5 වන සහ 4 වන සහස්‍රක අතර කාලයේ, කැල්කොලිතික සහ මුල් ලෝකඩ යුගයන්හි දී පැවතී ඇත.[1]

නිරුක්තිය

[සංස්කරණය]

"සුමර්" යන යෙදුම පැමිණෙන්නේ ඇක්කාඩියානු ෂුමේරු (𒋗𒈨𒊒) යන වචනයෙනි.[2] ඇක්කාඩියානුවන්, පසුව සුමේරියානු නගර-රාජ්‍යයන් යටත් කරගත් නැගෙනහිර සෙමිටික් භාෂාව කතා කළ ජනතාව, සුමර් හට එහි ප්‍රධාන ඓතිහාසික නාමය ලබා දුන්හ.[3]

තමන්ගේම ශිලා ලේඛනවල, සුමේරියානුවන් තම දේශය හැඳින්වූයේ කෙන්ගිර් (Sumerian: 𒆠𒂗𒄀, "වංශවත් ස්වාමිවරුන්ගේ දේශය") ලෙසත්, තම භාෂාව එමෙගිර් (Sumerian: 𒅴𒂠) ලෙසත් ය.[4]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. Roux, Georges (1993). Ancient Iraq (3rd ed.). London: Penguin Books. pp. 80–82. ISBN 978-0-14-012523-8.
  2. Black, Jeremy A.; George, A. R.; Postgate, J. N.; Breckwoldt, Tina (2000). A Concise Dictionary of Akkadian. Otto Harrassowitz Verlag. p. 384. ISBN 978-3-447-04264-2.
  3. van der Toorn, K.; van der Horst, P. W. (January 1990). "Nimrod before and after the Bible". The Harvard Theological Review. 83 (1): 1–29. doi:10.1017/S0017816000005502.
  4. Hallo, W.; Simpson, W. (1971). The Ancient Near East. New York: Harcourt, Brace, Jovanovich. p. 29.

භාහිර සබැඳි

[සංස්කරණය]