Jump to content

සුදු කබර

විකිපීඩියා වෙතින්
සුදු කබර
විටිලයිගෝ
අතෙහි ඇති ඛණ්ඩීය-නොවන සුදු කබර තත්ත්වයක්
උච්චාරණය
විශේෂඥතාවචර්මවේදය
රෝග ලක්ෂණසුදු සමෙහි ලප[1]
සාමාන්‍ය ආරම්භයළමාවිය, තරුණ වැඩිහිටියන් [1]
කාලයදීර්ඝකාලීන[1]
හේතූන්නොදනී[2]
අවදානම් සාධකපවුල් ඉතිහාසය, වෙනත් ස්වයංප්‍රතිශක්ති රෝග[3]
රෝග විනිශ්චය ක්‍රමයපටක බයොප්සි[3]
ප්‍රතිකාරසූර්යාලේපන, අංගරචනය, කෝටිකෝස්ටෙරොයිඩ ආලේපන, ප්‍රභාචිකිත්සාව[2][3]
සංඛ්‍යාතය1% පමණ ජනයා[4]

විටිලයිගෝ හෙවත් සුදු කබර යනු සමේ වර්ණක නැති වී යන පැල්ලම් මගින් සංලක්ෂිත දිගුකාලීන සමේ රෝගයකි.[1] බලපෑමට ලක් වූ සමේ පැල්ලම් සුදු පැහැයට හැරෙන අතර සාමාන්‍යයෙන් තියුණු මායිම් ඇත.[2] සමේ රෝම සුදු පැහැයට හැරෙන්නට ද හැකියාව ඇත.[2] මුඛයේ සහ නාසයේ අභ්‍යන්තරය ද සම්බන්ධ විය හැකිය.[3] සාමාන්‍යයෙන් ශරීරයේ දෙපැත්තම බලපායි.[2] බොහෝ විට පැල්ලම් ආරම්භ වන්නේ හිරු එළියට නිරාවරණය වන සමේ ප්‍රදේශවල ය.[3] අඳුරු සමක් ඇති පුද්ගලයින් තුළ එය වඩාත් කැපී පෙනේ.[3] විටිලයිගෝ මානසික ආතතියට හේතු විය හැකි අතර බලපෑමට ලක් වූ අය කොන්විය හැකිය.[2]

විටිලයිගෝ ඇතිවීමට නිශ්චිත හේතුව නොදනී.[2] එය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් ඇතිවීමට හේතු වන පාරිසරික සාධකයක් මගින් ප්‍රේරණය වන ජානමය නැමියාවක් නිසා ඇති වන බව විශ්වාස කෙරේ.[2][3] මෙය සමේ වර්ණක සෛල විනාශ වීමට හේතු වේ.[3] අවදානම් සාධක අතරට මෙම තත්ත්වය හා සම්බන්ධ පවුල් ඉතිහාසයක් හෝ අති තයිරොයිඩතාවය, ඇලෝපේෂියා ඒරියාටා සහ නාශක රක්තහීනතාවය (Pernicious anaemia) වැනි වෙනත් ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇතුළත් වේ.[3] එය බෝ නොවන රෝගයකි.[5] විටිලයිගෝ ප්‍රධාන වර්ග දෙකකට වර්ගීකරණය කර ඇත: ඛණ්ඩක (segmental) සහ ඛණ්ඩක නොවන (non- segmental).[2] බොහෝ අවස්ථාවන් ඛණ්ඩක නොවන අතර, ඒවා ශරීරයේ දෙපැත්තටම බලපායි; මෙම අවස්ථා වලදී, සමේ බලපෑමට ලක් වූ ප්‍රදේශය සාමාන්‍යයෙන් කාලයත් සමඟ පැතිරීම සිදු වේ.[2] රෝගීන්ගෙන් 10% ක් පමණ ඛණ්ඩක වේ, එනම් ඒවා බොහෝ දුරට ශරීරයේ එක් පැත්තකට බලපායි; මෙම අවස්ථා වලදී, සමේ බලපෑමට ලක් වූ ප්‍රදේශය සාමාන්‍යයෙන් කාලයත් සමඟ පැතිරීමට ලක් නොවේ.[2] පටක ජෛව පරීක්ෂණ මගින් රෝග විනිශ්චය තහවුරු කළ හැක.[3]

විටිලයිගෝ සඳහා දන්නා ප්‍රතිකාරයක් නොමැත.[2] පැහැපත් සමක් ඇති අය සඳහා, සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලබන්නේ හිරු ආවරණ සහ වේශ නිරූපණය පමණි.[2] වෙනත් ප්‍රතිකාර විකල්ප අතරට ස්ටෙරොයිඩ් ක්‍රීම් හෝ ආලෝක ලප අඳුරු කිරීම සඳහා ප්‍රභා චිකිත්සාව ඇතුළත් විය හැකිය.[3] විකල්පයක් ලෙස, හයිඩ්‍රොක්විනෝන් මඟින් බලපෑමට ලක් නොවූ සම පැහැපත් කිරීමට උත්සාහ කළ හැකිය.[3] වෙනත් පියවරයන්ගෙන් දියුණුවක් නොලැබෙන අයට ශල්‍යකර්ම විකල්ප කිහිපයක් තිබේ.[3] ප්‍රතිකාර ක්‍රම කිහිපයක එකතුවක් සාමාන්‍යයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙයි.[4] මානසික සහය ලබා දීම සඳහා උපදේශනය ප්‍රයෝජනවත් විය හැකිය.[2]

ගෝලීය වශයෙන් 1% ක් පමණ ජනතාව විටිලයිගෝ රෝගයෙන් පීඩා විඳිති.[4] සමහර ජනගහනයන්හි එය 2-3% දක්වා බලපායි.[6] පිරිමින් සහ කාන්තාවන් සමානව පීඩාවට පත්වේ.[2] අඩක් පමණ වයස අවුරුදු 20 ට පෙර මෙම ආබාධය පෙන්නුම් කරන අතර බොහෝ දෙනෙකුට එය වයස අවුරුදු 40 ට පෙර වර්ධනය වේ [2] විටිලිගෝ පුරාණ ඉතිහාසයේ සිට විස්තර කර ඇත.[2]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. 1 2 3 4 James, William D.; Elston, Dirk; Treat, James R.; Rosenbach, Misha A.; Neuhaus, Isaac (2020). "36. Disturbances of pigmentation". Andrews' Diseases of the Skin: Clinical Dermatology (ඉංග්‍රීසි බසින්) (13th ed.). Edinburgh: Elsevier. p. 871-874. ISBN 978-0-323-54753-6. 2 July 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 May 2023.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Ezzedine, K; Eleftheriadou, V; Whitton, M; van Geel, N (4 July 2015). "Vitiligo". Lancet. 386 (9988): 74–84. doi:10.1016/s0140-6736(14)60763-7. PMID 25596811.Ezzedine, K; Eleftheriadou, V; Whitton, M; van Geel, N (4 July 2015). "Vitiligo". Lancet. 386 (9988): 74–84. doi:10.1016/s0140-6736(14)60763-7. PMID 25596811.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Questions and Answers about Vitiligo". NIAMS. June 2014. 21 August 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 August 2016."Questions and Answers about Vitiligo". NIAMS. June 2014. Archived from the original on 21 August 2016. Retrieved 11 August 2016.
  4. 1 2 3 Whitton, M; Pinart, M; Batchelor, JM; et al. (May 2016). "Evidence-based management of vitiligo: summary of a Cochrane systematic review". The British Journal of Dermatology. 174 (5): 962–69. doi:10.1111/bjd.14356. PMID 26686510.
  5. Chopra, Parul; Niyogi, Rageshree; Katyal, Gauri (2009). Skin and Hair Care: Your Questions Answered. Byword Books Private Limited. p. 2. ISBN 978-8181930378. 23 මාර්තු 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  6. Krüger C; Schallreuter KU (October 2012). "A review of the worldwide prevalence of vitiligo in children/adolescents and adults". Int J Dermatol. 51 (10): 1206–12. arXiv:0706.4406. doi:10.1111/j.1365-4632.2011.05377.x. PMID 22458952.


වර්ගීකරණය
බාහිර සම්පත්

සැකිල්ල:Diseases of the skin and appendages by morphology සැකිල්ල:Pigmentation disorders

"https://si.wikipedia.org/w/index.php?title=සුදු_කබර&oldid=790886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි