සුදුහුම්පොල
පෙනුම
| සුදුහුම්පොල சுதுஹும்பொல | |
|---|---|
| ගම්මානය | |
| ශ්‍රී ලංකාවේ සුදුහුම්පොල පිහිටීම | |
| ඛණ්ඩාංක: 7°16′41″N 80°37′36″E / 7.27806°N 80.62667°E | |
| රට | |
| පළාත | මධ්‍යම පළාත |
| දිස්ත්‍රික්කය | මහනුවර දිස්ත්‍රික්කය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කඩවත් සතර හා ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
| උන්නතාංශය | 500 මී (1,600 අඩි) |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
| තැපැල් කේතය | 20000 |
සුදුහුම්පොල දෙමළ: சுதுஹும்பொல ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගම්මානයකි.[1] එය මහනුවර නගරයේ සිට සැතපුම් 1.5ක් පමණ දුරින් හන්තාන කඳුවැටිය පාමුල පිහිටා ඇති අතර කඩවත් සතර හා ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.[2]
ඉතිහාසය
[සංස්කරණය]දේශීය ජනප්‍රවාදයකට අනුව, රජු විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී ඔහු ගමන් කළ මාර්ගයේ සුදු පැහැති පාවඩයක් එළා තිබූ බැවින්, එම ප්‍රදේශය "සුදුහුම්පොල" ලෙස හැඳින්වීමට පටන් ගත් බව පැවසේ.[2]
සුදුහුම්පොල ගම්මානයේ ඉතිහාසය සුදුහුම්පොල රජමහා විහාරය සමඟ සමීපව බැඳී පවතී. ආර්චිබෝල්ඩ් කැම්පබෙල් ලෝරි විසින් රචිත A Gazetteer of the Central Province කෘතියට අනුව විහාරස්ථානය 1769-1777 වසරේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් වසරේදී ඉදිකරන ලදී.[1]
වැදගත් ස්ථාන
[සංස්කරණය]
- සුදුහුම්පොල රජමහා විහාරය - උඩරට යුගයේ දැව කැටයම්, දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ලක්ෂණ සහ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩහිඳින බුද්ධ ප්‍රතිමාවකින් සමන්විත විහාරස්ථානයකි.
- සුදුහුම්පොල මුත්තුමාරියම්මන් කෝවිල - මාරියම්මන් දේවියට නැතහොත් කාලි මෑණියට කැප කරන ලද හින්දු කෝවිලකි. මෙය ප්‍රදේශයේ ද්‍රවිඩ හින්දු ජනතාවගේ ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි.
- මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණය - සුදුහුම්පොල මාර්ගයේ පිහිටි මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය මහනුවර මහ නගර සභාව විසින් පරිපාලනය කරනු ලබයි. මෙහි ව්‍යායාම ශාලාවක්, බැඩ්මින්ටන් පිටි, පැසිපන්දු පිටිය, මේස පන්දු සහ සටන් කලාවන් සඳහා පහසුකම් සපයා ඇත.
මූලාශ්‍ර
[සංස්කරණය]- 1 2 Lawrie, Archibald Campbell (1896). A Gazetteer of the Central Province of Ceylon (excluding Walapane). State Print. Corporation. pp. 360–361. සම්ප්‍රවේශය 21 August 2022.
- 1 2 "Suduhumpola Raja Maha Vihara". Kandy Guide. සම්ප්‍රවේශය 21 August 2022.