Jump to content

සීගිරිය නගරයේ උයන්

විකිපීඩියා වෙතින්

සීගිරිය නගරයේ භූමි අලංකරණය එහි ඉතාම වැදගත් අංගයන්ගෙන් එකක් ලෙස සලකණු ලැබේ. එහි තිබෙන උද්‍යාන, ස්වභාවික පිහිටීම උපයෝගී කර ගෙන නිර්මාණය කරන ලද ලෝකයේ පැරණිතම භූමි අලංකරණවලින් යුත් උද්‍යානවලින් එකකි. වෙන වෙනම තිබෙන නමුත් එකට එක් කළ හැඩයන් තුනක් එහි තිබේ. ඒවා නම් ජලය, ලෙන් සහ වටකුරු ලොකු කුඩා ගල් පර්වතවලින් යුත් උද්‍යානයන්ය. මෙහි බටහිර සීමාවේ දක්නට ලැබෙන ජල උද්‍යාන ඉතා අලංකාර සැලසුම්වලින් යුක්තය. කිරිගරුඬ පුවරු හරහා ගලා යන දියපහරවල් සමග විවිධාකාර ගැඹුරින් යුත් පොකුණු ද ජල උද්‍යානයෙහි තිබේ. පොලව යට පිහිටි ජල පීඩන ක්‍රමයකින් වතුර මල්වලට ජලය සැපයුන අතර ඒවා අද ද ක්‍රියාත්මක වේ. අනෙකුත් ජල උද්‍යානවලට මණ්ඩපයන් සම්බන්ධ කර තිබුණු අතර ඒවා ඇතුළත සිසිල් කිරීම සඳහා සැකසුන දිය පහරවල්වලින් යුක්ත විය. වටකුරු ගල් පර්වත ඇතුළත් කොට නිර්මාණය කර තිබුණු උද්‍යාන ජල උද්‍යානවලට වඩා වෙනස් සැලසුම් සංකල්පයක් තිබුණි. මෙම උද්‍යානවල මණ්ඩප එක් කොට පටු පාරවල් ද යොදා තිබුණි.

කැටපත් පවුර

(කැටපත් පවුර සහ බිතු සිතුවම් කරා යන දඟර පඩි පෙළ)

නිර්මාණය කළ මුල් අවධියේදී කැටපත් පවුර මනාව ඔප් නංවා තිබුණි. එය අද්දරින් ගමන් කරද්දී රජුට තම පිළිබිඹුව කැටපත් පවුරෙන් දැක ගත හැකි විය. කිසියම් පිඟන් මැටි වර්ගයක් යොදා ගෙන තනා ඇති මෙම පවුරෙහි සීගිරිය නැරඹීමට පැමිණි අය ලියූ කුරුටු ගී දක්නට ලැබේ. මෙම ගී හොඳින් සංරක්ෂණයවී ඇති අතර 8 වැනි සියවසේ සිට ඉදිරියට ලියැවී තිබෙන පද්‍යයන් එහි තිබේ. සෑම තරාතිරමකම ජනයා මෙම කැටපත් පවුරේ ආදරය, ව්‍යාජෝක්තිය සහ විවිධ අත්දැකීම් ගැන ගී ලියූහ. දැනට ඒ මත ගී ලිවීම තහනම් කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සීගිරිය_නගරයේ_උයන්&oldid=470415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි