Jump to content

සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය (1896–1954)

විකිපීඩියා වෙතින්

එක්සත් ජනපදයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය යනු නීතිය යටතේ සියලුම ඇමෙරිකානුවන්ට සම්පූර්ණ සිවිල් අයිතීන් සහ සමානත්වය ගෙන ඒම සඳහා ප්‍රචණ්ඩත්වයෙන් තොරව කරන ලද දිගු කාලීන අරගලයකි. මෙම ව්‍යාපාරය එක්සත් ජනපද සමාජය කෙරෙහි කල් පවතින බලපෑමක් ඇති කර ඇති අතර, එහි උපක්‍රම, සිවිල් අයිතිවාසිකම් සමාජීය හා නෛතික වශයෙන් වැඩි කිරීම සහ වර්ගවාදයේ ව්‍යාප්තිය හා පිරිවැය හෙළිදරව් කිරීම තුළින් ද එය කැපී පෙනේ.

හැඳින්වීම

[සංස්කරණය]

ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යපාරය යනු බොහෝ සංවිධාන එකතු වීමෙන් සැදුනු ව්‍යාපාරයකි. මෙම යෙදුම බොහෝ විට 1945 සහ 1970 අතර කාලය තුල අප්‍රිකානු ඇමෙරිකානුවන්ට වර්ගවාදීව සහ නීතිමය වශයෙන් (විශේෂයෙන් දකුනු ප්‍රදේශ වල) කෙරුනු වර්ගවාදී වෙනස්කම් කිරීම නතර කිරීම අරභයා ක්‍රියාත්මක වූ දේශපාලන හා ප්‍රතිසංවිධාන ව්‍යපාරයන් හැඳින්වීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා විය.

මෙම ලිපිය විශේෂයෙන් අරගලයේ මුල් කාලය පිළිබඳ අවධානය යොමු කර ඇත. වර්ගය අනුව වෙනස් කොට සැළකීම ව්‍යවස්ථාපිත වශයෙන් තහවුරු කළ ප්ලෙසි එදිරිව ෆර්ගියුසන් සහ ප්ලෙසි තීන්දුව වෙනස් කළ බ්‍රවුන් එදිරිව අධ්‍යාපන මණ්ඩල නඩුවද යනාදි නඩු සඳහා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීරණ ප්‍රධාන මං සළකුණු ලෙස දැක්වේ. මෙම කාල පර්ච්ඡේදය නැවතීමේ සහ ආරම්භයන්ගෙන් යුක්ත වූ සමයක් විය. මෙම කාලය තුල මර්කුස් ගාවේස්ගේ යුනිවර්සල් නිග්‍රෝ ඉම්පෘමන්ට් ඇසෝසියේෂන් (ඉංග්‍රීසි: Marcus Garvey’s Universal Negro Improvement Association) වැනි සංවිධාන බොහෝ සාර්ථකව ප්‍රතිඑල අත්පත් කර ගත් නමුත් පැවතුනේ සුලු කාලයකි. එහෙත් මේ අතර N.A.A.C.P. සංවිධානය රජයෙන් අනුග්‍රහය ලැබූ වර්ගවාදයට එරෙහිව මහත් පරිශ්‍රමයෙන් කටයුතු කර පළමු අවුරුදු කිහිපය තුල සාර්ථක ප්‍රථිපල අත්පත් කර ගන්නා ලදි. ඒ සමගම ඡන්ද දායකයින්ගේ අයිතීන් සම්බන්ධයෙන් කළ කටයුතු වල ප්‍රමාණවත් ප්‍රතිඑල ලබා ගනිමින් බ්‍රවුන් එදිරිව අධ්‍යාපන මණ්ඩල නඩුවෙන් ද ජය ලබා ගත්තේය.

සිවිල් යුද්ධයෙන් පසු එක්සත් ජනපදය අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ නීතිමය අයිතීන් පුළුල් කළේය. 1865 දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 13 වැනි සංශෝධනය කොංග්‍රස් මණ්ඩලය විසින් අනුමත කරන ලදි. ජනපද සෑහෙන ප්‍රමාණයක එම තීරණයට එකඟතාවය පළ කල අතර එයින් වහල් සේවය අවසාන කරන ලදි. මෙම සංශෝධනයෙන් කළේ වහල් සේවය නීති විරෝධි කිරීම පමණි. එයින් සමාන අයිතීන් හෝ පුරවැසි භාවය පිළිගැනුනේ නැත. 1868 දී ව්‍යවස්ථාවට කරන ලද 14 වැනි සංශෝධනය මගින් අප්‍රිකානු ඇමෙරිකානුවන්ට පුරවැසි භාවය ප්‍රදානය කිරීම ජනපද විසින් අනුමත කරන ලදි. එක්සත් ජනපදයේ උපන් කලු මිනිසුන්ට සමාන ආරක්ෂාව ලබා දීමට ව්‍යවස්ථා නීතිය යටතේ ඉඩ කඩ සලසා දෙන ලදි. 1870 දී 15 වෙනි සංශෝධනය අනුමත කරන ලදි. එයින් හැකියාව තිබෙන කිසියම් පුද්ගලයෙකුගේ ඡන්ද බලය අහිමි කිරීමට ඔහුගේ වර්ගය, වර්ණය යොදා නොගත යුතු බව විස්තර කරන ලදි. 1865 – 1877 කාලයේ පැවති ප්‍රතිසංස්කරණ නොහොත් නැවත ගොඩනැංවීමේ යුගයේදි උතුරේ හමුදාවන් විසින් දකුණ අත්පත් කර ගන්නා ලදි. ෆ්‍රිඩ්මන්ගේ බියුරෝව හා සමග ඔව්හු නව සංශෝධිත ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කරවීමට උත්සාහ කළහ. බොහෝ කලු ජාතිකයින් ප්‍රාදේශීය සහ රජයේ කාර්යාල වලටද අනෙකුත් අය ප්‍රජා සංවිධාන කණ්ඩායම් වලටද තෝරා ගනු ලැබූහ.

1877 දී උතුරේ හා දකුණේ ප්‍රභූන් අතර ඇති වූ සම්මුතියකින් පසුව නැවත ගොඩනැගීමේ කටයුතු අවසාන විය. මතභේදාත්මක ජනාධිපතිවරණයේදී රදර්ෆර්ඩ් බී. හේස්, ඔහුගේ ප්‍රතිවාදියා වූ සැමුවෙල් ජේ. ටිල්ඩන් වෙනුවට උතුරු ප්‍රාන්තවල සහාය ඇතිව තීරණය කිරීම වෙනුවට, සම්මුතිය මගින් දකුණෙන් උතුරු හමුදා ඉවත් කර ගැනීම ඉල්ලා සිටියේය. මෙය ඉන් පසුව 1876 දී දකුණේ පැවැත් වූ මැතිවරණ වලදි ප්‍රචණ්ඩ ක්‍රියාවලට හා දූෂණ වලට හේතු විය. මෙහි ප්‍රථිපලය වූයේ කලු ජාතික ඡන්ද ප්‍රමාණය අඩු වීම සහ දකුණේ ජනපදවල නීති සම්පාදක මණ්ඩලතුල සුදු ජාතික ප්‍රජාතන්ත්‍රවාදීන්ට නැවත බලයට පැමිනීමට හැකිවීමයි. සම්මුතියෙන් සහ හමුදා ආපසු කැඳවීමෙන් අදහස් වූයේ සුදු ජාතික ප්‍රජාතන්ත්‍රවාදින්ට (Democrats) කලු ජාතිකයින් සම්බන්ධයෙන් වර්ගවාදී වෙනස්කම් කිරීමේ ක්‍රියා වලිය පවත්වාගෙන යාමට නිදහස ලැබීමයි. බොහෝ අප්‍රිකානු ඇමෙරිකානුන් ෆෙඩරල් හමුදා ආපසු කැඳවීමට ප්‍රතිචාර දැක්වූයේ “1879 කැන්සාස් අතහැර යාම” නමින් හැඳින්වෙන දකුණු ප්‍රදේශය අතහැර යාමෙනි.

නැවත ගොඩනැංවීමේ කාර්යයේදි පෙරමුණ ගත් රැඩිකල්වාදි රිපබ්ලිකන්වරු රජයේ සහ පෞද්ගලික අංශයෙන් කලු ජාතිකයින්ට කෙරුනු වෙනස් අන්දමින් සැළකීම ඉවත් කිරීමට උත්සාහ ගෙන තිබුණි. මෙම උත්සාහයන් සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තිරණයකින් බොහෝ දුරට නතර විය. එම තීරණ වලින් කියවුනේ පෞද්ගලික අය හෝ ව්‍යපාරයන් විසින් වර්ගවාදිව කරන වෙනස්කම් තහනම් කිරීමට 14 වෙනි ව්‍යවස්ථාවෙන් කොංග්‍රස් බලයක් දී නොමැති බවයි.

ඡන්ද බලය අහිමි කිරීම

[සංස්කරණය]

කලු ජාතිකයින්ට සිවිල් අයිතීන් ලබා දීමට විරුද්ධ වූ අය 1880 දශකයේදි ආර්ථික බාධක පනවමින් ඇතැම් විට ප්‍රණ්ඩ ක්‍රියා කරමින් ඡන්ද බලය ලබා ගැනීම සඳහා කලු ජාතිකයින් ලියා පදිංචි කිරීමේදී බාධා කළහ. සුදු ආධිපත්‍යය වැඩි වශයෙන් තිබුණු දකුණු ප්‍රදේශවල නීති අණපනත් උපයෝගි කර ගෙන, වයස් අනුව ඡන්ද බලයට හිමිකම් තිබූ සියලුම කලු ජාතිකයින්ගේ ඡන්ද බලය අහිමි කරන ලදි. අවශ්‍යතාවයන් සියලුම පුර වැසියන්ට අදාළව තිබියදි ප්‍රායෝගික වශයෙන් ඒවා කලු ජාතිකයින්ට සහ දුප්පත් සුදු ජාතිකයින්ට පමණක් ක්රියයාත්මක විය. (ටෙක්සාස්හි මෙක්සිකානු ඇමෙරිකන්වරුන් ද මීට අයත්ය.) ජනාධිපතිවරණය හා වාර මැද ඡන්දය (ඉංග්‍රීසි: Turnout in Presidential and Midterm Elections) නම් කෘතියෙහි - දේශපාලනය සම්බන්ධයෙන්ම කැප වූ ටෙක්සාස් විශ්ව විද්‍යාල වෙබ් අඩවියෙන්, එක්සත් ජනපදයේ අනෙකුත් ප්‍රදේශ සමග සන්සන්දනය කර බැලු විට දකුණු ප්‍රදේශයේ විශාල ලෙස ඡන්දය දීම අඩු වී ඇති බව පෙන්වා දෙයි.

මෙවැනි ව්‍යවස්ථාපිත නියෝග භාවිතා කළ පළමු ජනපදය මිසිසිපි යයි. එහි ඇඟ බදු, සාක්ෂරතා පරීක්ෂණ, (මෙය රැඳි තිබුනේ රෙජිස්ට්රා ර්වරයාගේ මනාපය මතයි) පදිංචිය තහවුරු කිරීමට යොදා ගැනුණු අවුල් සහගත වාර්තා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පැවරීමට භාජනය වූයේය. 1898 දී අධිකරණය, විලියම් එදිරිව මිසිසිපි නඩුවේදි රජයේ අදහස තහවුරු කළේය. අනෙකුත් දකුණේ ජනපද ද මිසිසිපි සැළසුම ඉතා ඉක්මණට තමන්ගේ ප්‍රයෝජනයට යොදා ගත්හ. 1890 - 1908 කාලයේ පටන් ජනපද 10 ක් දුප්පත් සුදු මිනිසුන්ගේ සහ බොහෝ කලු මිනිසුන්ගේ ඡන්ද අයිතිය නැති කිරීමට ඉවහල් වූ නව ව්‍යවස්ථාව පිළි ගත්හ. ජනපද සියල්ල මෙම කණ්ඩායම් වල ඡන්ද අයිතිය නැති කිරීමේ ක්රිමය දශක ගණනාවක් තිස්සේ නොකඩවා පවත්වා ගෙන ගියහ. මෙයින් කලු ජාතිකයින් බලවත් සේ පීඩාවට පත් වූහ. උදාහරණයක් වශයෙන් ඇලබාමාහිදි 1941 වර්ෂය වන විට දුප්පත් සුදු මිනිසුන් 600,000කගේ ද කලු මිනිසුන් 5,20,000 කගේද ඡන්ද බලය අහිමි කර තිබුණි.

අප්‍රිකානු ඇමෙරිකානුන් විසින් ඉහත කී නියෝගවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු කීමෙන් කිසියම් ප්‍රථිපලයක් ලැබෙන්නට පටන් ගත්තේ 20 වෙනි සියවසේදීය. 1915 දී ගින් එදිරිව එක්සත් ජනපද (Guinn v. united states) නඩුවේ දී ඔක්ලහෝමාවේ ග්‍රෑන්ඩ් ෆාදර් ක්ලෝස් නම් වගන්තිය, ව්‍යවස්ථානූකූල නොවේ යයි ප්‍රකාශ කරන ලදී. මෙම තීරණය ග්‍රෑන්ඩ් ෆාදර් ක්ලෝස් වගන්තිය භාවිතා කළ සෑම ජනපදයකටම බල පෑ නමුදු රාජ්‍ය නීති සම්පාදකවරු ඡන්ද බලය අහිමි කිරීමේ ක්රකමය තව දුරටත් පවත්වාගෙන යාමට ඉතා ඉක්මණින්ම නව උපක්‍රම යෙදූහ.

ඩිමොක්‍රටික් පක්ෂය විසින් 20 වෙනි සියවසේ දකුණු ජනපදවල පෘථුල ලෙස පාවිච්චි කළ එක් උපක්‍රමයක් නම් වයිට් ප්රියිමරි (White primary - සුදු ශ්රේ්ෂ්ඨත්වය) ක්‍රමයයි. මෙම ක්‍රමය මගින් දශක ගණනාවක් තිස්සේ ඡන්දය සඳහා ලේඛණ ගත වීමට තිබුනු බාධක ඉවත් කර ගැනීමට කටයුතු කළ කලු ජාතිකයින් ස්වල්පයකගේ ඡන්ද අයිතිය නැති කිරීමට කටයුතු කර තිබුණි. ඩිමොක්‍රටික් පක්ෂයේ මූලික ඡන්ද විමසීම් වලදී ඡන්දය දීමට බාධා කිරීම යනු තරඟකාරී ඡන්ද විමසීමකදී ඔවුනට ඡන්දය දීමේ අවස්ථාව නැති කිරීමයි. 1944 දී ස්මිත් එදිරිව ඕල්රයිට් නඩුව විමසීම තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 'white primary' (සුදු ශ්‍රේෂ්ඨත්වය) ඉවත් කළේ නැත.

මූලාශ්‍ර

[සංස්කරණය]