සිරිත් මල්දම

විකිපීඩියා වෙතින්

දරුවන්ට හොඳ නරක කියා දෙනු ලබන උපදේශාත්මක කාව්‍ය සංග්‍රහයක් වන සිරිත් මල්දම ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් පඬිතුමා විසින් රචනා කරන ලදී.

1)
මහත් සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොඳ දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින

2)
හොඳ ලෙස හැදීමට
හොඳ සිත් ඕනෑ හැම විට
නරක සිත් ඇති විට
නරකමයි සිදුවන්නෙ අපහට

3)
නරක සිතකින් නම්
හොඳක් නොකළැකි කිසියම්
හොඳක් නොකළේ නම්
උපන් ගතියෙන් නැත පලක් නම්

4)
පව් නම් නරක මය
එයින් දෙලොවෙහි දුක මය
පින් නම් උතුම් මය
එයින් දෙලොවෙහි මහත් සැප මය

5)
තමන් පණ ලෙස හැම
සතුන් ගැන සළකා පෙම
ඔවුන් දුටු විලසම
කරන් ආදර ගුණය නොහැරම

6)
සෙල්ලම් සිතින් වත්
යම්කිසි තරහකින් වත්
මරණ සිතකින් වත්
සතුන්හට වද දීම නොහොබිත්

7)
නොමින් දුක විඳමින
අනුන් සෙව් දන මිල දැන
හොරෙන් නො ගනුව පැන
සිතන් කැබිලිති ලෙසින් ඒ ගැන

8)
අනුන්ගෙන් නැති උන
දෙයක් ලැබුණොත් යම් දින
එය සඟවා නොගෙන
දෙන්ට කරුණා කරන් සතුටින

9)
කුණු සරුප නොකියනු
කේලම් වචන නොකියනු
විහිලූ බොරු නොකියනු
ඇනුම්පද කිසිවෙකුට නොකියනු

10)
බොරු කීම කැතමය
ගැරඬි කුණටත් නො සමය
ඇත්ත නම් කදිමය
මෙලොව රජ සැපතටත් උතුමය

11)
අතින් අත බැඳ පෙළ
නොයන් මංමාවත් වල
තැනින් තැන කඩවල
නොයන් කරුණක් නැතිව කිසි කල

12)
තැනින් තැන ගෙන් ගෙට
ගොසින් බලමින් වට පිට
අනුන් කන බොන විට
ලොබින් නොයිදින් නැතත් කෑමට

"https://si.wikipedia.org/w/index.php?title=සිරිත්_මල්දම&oldid=545130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි