Jump to content

සියක් වසක හුදකලාව

විකිපීඩියා වෙතින්
සියක් වසක හුදකලාව
ගොනුව:Cien años de soledad (book cover, 1967).jpg
පළමු මුද්‍රණයේ පිටකවරය
කර්තෘගබ්‍රියෙල් ගාෂියා මාකේස්
මුල් මාතෘකාවCien años de soledad
පරිවර්තකයෝGregory Rabassa (ඉංග්‍රීසි) අබේ දිසානායක සහ පසන් කොඩිකාර (සිංහල)
රටආජන්ටිනාව
භාෂාවස්පාඤ්ඤ භාෂාව
ප්‍රභේදයමායා යථාර්තවාදය
ප්‍රකාශකයාEditorial Sudamericana,
ප්‍රකාශිත දිනය
1967

සියක් වසක හුදකලාව (ස්පාඤ්ඤ: Cien años de soledad, ඉංග්‍රීසි: One Hundred Years of Solitude) සහ හුදකලාවේ සිය වසරක් යනුවෙන් සිංහලයට පරිවර්තනය වී ඇති නවකතාව, කොලොම්බියානු ජාතික කතුවර ගබ්‍රියෙල් ගාෂියා මාකේස් විසින් 1967 දී ස්පාඤ්ඤ බසින් ලියන ලද මායා යථාර්තවාදී ශෛලියේ නවකතාවකි. ලෝක සාහිත්‍යයේ ලියවුණු විශිෂ්ටම නවකතා අතරින් එකක් ලෙසද, ස්පාඤ්ඤ සාහිත්‍ය තුළ බිහිවූ අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, කතුවර මාකේස් හට 1982 වසරේදී සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූ කෘතිය ලෙස සැලකේ.

'මැකොන්ඩෝ’ නමැති ප්‍රබන්ධ නගරය සහ එය ගොඩනැගූ 'හොසේ අර්කාදිඕ බුඑන්දියා' ඇතුළු බුඑන්දියා පවුලේ පරම්පරා හතක වංශ කතාව මෙම කෘතිය තුළ ඉදිරිපත් කෙරෙයි. යටත් විජිත සමයේ සිට විසිවන සියවස දක්වා ලතින් ඇමරිකානු කලාපයේ සමාජ දේශපාලනික ඉතිහාසය සංකේතාත්මකව කියාපාන මෙම කෘතිය, 1950-60 දශක වලදී මතු වූ ලතින් ඇමරිකානු නව රැල්ලේ නවකතාවකි.

මායා යථාර්තවාදී ශෛලියේ අග්‍ර කෘතිය ලෙස සැලකෙන 'සියෙන් අන්‍යොස් දෙ සොලිදද්' හෙවත් 'සියක් වසක හුදකලාව', එනමින් ම නෙට්ෆ්ලික්ස් කතා මාලාවක් ලෙස 2024 වසරේදී නිකුත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=සියක්_වසක_හුදකලාව&oldid=732170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි