සික් මිස්ල්ස් ( ප්රාන්ත )
වර්ෂ 1716 සිට 1799 දන්වා වූ කාලච්ඡේදයේ පන්ජාබයට දේශපාලනමය,හා හමුදාමය වශයෙන් ඉමහත් ව්යාකූ ල වයි. මෙයට හේතු වුයේ සමස්ත මෝගල් අධිරාජ්යයේ පිරිහිමයි. මෙමගින් නිර්මාණය වන බල රික්තය 18 වන සියවසේ අග භාගයේ දේශිය මෝගල් අවශිෂ්ඨයින් සහ එක්සත් රාජ්ය පුත්ර නායකයින් ඇෆගන් වරැන් හා කලාතුරකින් අනෙකුත් මුස්ලිම් බලවේග පක්ෂය ගත් සතුරැ පන්ජාබ් මුස්ලිම්වරැන් පලවා හැරිමෙන් පුරවන ලදි.
සීක් ජාතික හමුදා නායකයින් අවසානයේ දී රංජිත් සිංග්විසින් එක්සත් කරන ලද ඔවුන්ගේ ම පාලක ප්‍රාන්ත පිහිටුවන ලදි.
ආරම්භය
සික් අධිරාජ්යය මහරාජා රංජිත් සිංග් විසින් පන්ජාබ් මහුදාව පාදක කොට ගෙන පිහිටුවන ලදි. (1801 - 1849) අධිරාජ්ය, බටහිරින් කයිබර් කපෝල්ලටත්, උතුරින් කාශ්මීරයටත්, දකුණින් සින්ධිවලටත්. නැගෙනහිරින් ටිබෙටයත් ව්යාප්ත විය. අධිරාජ්යයාගේ ප්‍රධාන සලකුණු වුයේ පන්ජාබයයි. සික් අධිරාජ්යයේ ආගමික ජන විකාශනය මුස්ලිම් (80%), සික් (10%) හා හින්දු (10%) ලෙස සමන්විත විය.
සික් අධිරාජ්යයේ ආරම්භය ඕරන්සැබ් ගේ මරණයෙන් හා මෝගල් අධිරාජ්යයේ ඇදවැටීමෙන් අනතුරැව එළඹි වර්ෂ 1707 මුල් භාගයේ දී පන්ජාබ් හමුදා කාලයේ ලෙස හදුනාගැනේ. මෝගල් අධිරාජ්යයේ ඇදවැටීම මෝගල් වරැන් ට හා ඇෆ්ගන්වරැන්ට එරෙහිව 'ඩල් ඔල්සා" ලෙස හැදින්වු හමුදාව වේගවත්ව මෙහෙයවීමට අවස්ථාව සලසා දෙන ලදි. මෙමගින් වර්ධනය වූ හමුදාවේ, පසුව විවිධ පන්ජාබ් හමුදා කණ්ඩායම් වලට බෙදී පසුකාලීනව අර්ධ නිදහස් ප්රාන්ත බවට පත් විය. මෙම සෑම උප හමුදාවක් ම 'මිස්ල්ස් ' සේ හැදින්වුනු අතර (ප්රාන්ත) එක්සත් ප්‍රාන්ත ය මගින් විවිධ පාළාත් හා නගර පාලනය කෙරිණි. කෙසේ වුවද වර්ෂ 1762 - 1799 කාලය තුළ සික් පාලකයින් තම ප්‍රාන්ත තමාටම අනන්ය ප්‍රාන්ත සේ සකසා ගන්නා ලදි. සීක් අධිරාජ්යයේ විධිමත් ආරම්භය වර්ෂ 1801 දී රාජාභිෂේකයත් සමග පන්ජාබ් හමුදාව' විසුරැවා හරිමින් ආරම්භ වුයේ එක්සත් දේශපාලන රාජ්යය නිර්මාණය කරමිනි. හමුදාවට අනුබද්ධ වූ සියලුම ප්‍රාන්ත පාලකයින් දීර්ඝ කාලීන ගෞරවාන්විත පවුල් ඉතිහාසයක් සමග පන්ජාබ් ඉතිහාසයේ ශ්රේෂ්ඨත්වයට පත්විය.