Jump to content

සිංහල ජනකවි

විකිපීඩියා වෙතින්
ගොනුව:Kawi maduwa.jpg වර්තමානයේ කවිය සීග්‍රයෙන් අභාවයට යමින් පවතී. කවිය අවියකි. සියල්ලෝටම කවි කල නොහැක. සිංහලයන්ටම උරුමවූ ලොව අන් තැනක දැකිය නොහැකිය. කවිය මරාදැමීමට වර්තමානයේ නිසදැස් පැමිණ ඇත, කවිය සහ කවියා රැකගැනීම සිංහල ජාතියේ සහ සියල්ලන්ගේම වගකීමකි. විශේෂයෙන් නව පරම්පරාව මේ පිළිබද දැනුවත් කිරීම උදෙසා මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත.
පොත පත පරිහරණයෙන් හෝ ඔබගේ දැනුමෙන් මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, අලුත් කරුණු එක්කිරීමෙන් සහ සංශෝධනයෙන් හෝ කරුණාකර දායකවන්න.

අතීත ජනයා තමන්ගේ මහන්සියත්, වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදා ගත් ජන කවිය විවිධ ක්‍ෂේත්‍රයන්, වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. සෑම සහිත්‍යයකම ම වාගේ උගත් කවීන්ගේ මෙන්ම ම ජන කවීන් ගේ නිර්මාණ ද දක්නට ලැබේ. සිංහල කවින්ගේ ද මේ ස්වභාවය ඇත. උගත් කවීහු සම්මත වියරණ රීති හා ඡන්දස් අලංකාර රීතීන් ට අනුගත බවමින් නිර්මාණකරණයේ යෙදෙති. සම්භෞය ගණයේ ලා සැලකෙන සිළුමිණ, සසදාවත, මුවදෙව්දාවත යන ගී කාව්‍යයන්ගේ පටන් සන්දේශ කාව්‍ය, උපදේශ කාව්‍යාදී බොහෝ පැරණි කෘතීන් හි නිරූපණය වන්නේ මේ විවිධ කාවය රීතිය යි.ජන කවිය බිහි වූයේ විධිමත් අධ්‍යාපනයක් නොලබනලද සාමාන්‍ය ගැමි ජනයා අතුරිනි. යම්කිසි ජන කොට්ඨාසයක සිතුම් පැතුම්, සැප දුක් මෙන් ම ඔවුන්ගේ ඇදහීම්, ඇගයීම්, ජීවනෝපාය ආගමික පෝෂණය හා ගැමි සෞන්දර්යය ද ජන කවිය මගින් හෙළි කරයි.ජන කවි ජන ශ්රුති විශේෂයක් ලෙස සැලකේ. ඊට හේතුව වන්නේ කාලාන්තරයක් මුළුල්ලෙහි මේ නිර්මාණ පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට කටින් කට පැවත ඒමයි. පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, පතල් කවි ආදී විවිධ ජන කවි ලෙස බේද අද ලිඛිත ව ඇතත් මේවා අපට උරුම ව ඇත්ට්තේ කටින් කට පැවතෙමින් පරපරපුරෙන් පරපුරට ආරක්‍ෂා වූ නිසා ය.සිංහල ජන කවි අතරට ගැනෙන ලිඛිත ජන කාවය ග්‍රන්ථ කිහිපයක් ද ඇත. යසෝදරා වත, වෙස්සන්තර ජාතක කාවයය, තුන්සරණය යනු ඒවා ය.එඩ්මන් ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, අන්දරේ ආදි පැරණි ජන කවීන් ගැන ද අසන්ට ලැබේ.උගතුන් විසින් උගතුන් සඳහා රචනා කරන ලද විවිධ ජන කවිය වෙනස් වනුයේ ජන කවි තුළ දක්නට හැකි අවයාජත්වය, පුනරුක්තිය, අනුබේදනීයත්වය, සංයමය ආදී ලක්‍ෂණ නිසා ය.වී ගොවිතැන ජිවනොපය කර ගත් සරල කෘෂිකාර්මික සමාජය ජන කවිය සඳහා උල්පත විය. ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජන කවියෙහි විවිධ ස්වරූප අපට දැකිය හැක්කේ බම් බකත,හේන් හා පැල ඇසුරු කොට බගන ය. ගැමි කතුන් එක් ව බ ගායම් පැළ සිටුවීම, වල් පැළ ඉදිරීම බහෝ ගෝයම් නෙලීම දර්ශනයක් ගැමි කවියාබේ සිත පිබිදවීමට තුඩු බදන සුන්දර අත්දැකීමකි. එය සහජ කුසලතාබවන් පිරිපුන් ජන කවියකුගේ අතින් රසවත් කවියකට පෙරළී ඇති අයුරකි බම්. දුම් ර බකබත් වැට ැඳලා රැකුම් ැලුම්මහවැලි ගබේ දිය ැඳලා බකතට ගිලුම්බ ාළඳ ලියන් කර ඔසවා ලන ැලුම්තුන්පත් රටාවයි දුම් ර බකබත් බනළුම් බකත බහවත් කුඹුර ගැමියා බේ ස්වයංබපෝෂිත ආර්ිකබේ බක්න්රසථ්ානයයි. බසෞන්දර්යබේ නවාතැන් බපාළ ය. බකත ආශ රිත වැඩ කටයුතුවල දී ගන්බන් උත්සවශ රීයකි. බකත මඟින් ත සපයා ගැමියන්බේ කුසගිනි දුරු කරනවා පමණක් බනාව ඔවුන්බේ අබන්ක විධ්‍ දුක් බදාම්නස් හා ජීවන සරතස පළවා හැර සන්තෘප්තිය ළඟා බකබර්. බකබතහි සුන්දරත්වය ගැමියා දැක ඇති ආකාරය බම් කවිබයන් කියැබවයි. බකතක බගායම් පැළ නිල දිලිබසන වාවිබටක ඉඳන් මල් වඩම් තනන වාබකතක ඉඳන් මල් මාල බගාතන වාමලක මරු බස් වට නද බදන වා බගායම් බනළීම යනු ගැමියන් බේ සියලු පාර ර්ථනා මල්පල ගැන්වීමකි. බමතුවක් කල් වැගිරූ දහඩිය රන් අස්වනු වට පත් වූ බමාබහාබතහි ඔහු ල න අහිංසක වූ ද, අසමිීත වූ ද සතුට වචනයට බනානැඟිය හැකි තරම් ය. එ ැවිනි බගායම් බනළීම ජනකවියා නැටුම්, ගැයුම්, වැයුම්වලින් සපිරි බන්බරෝත්සවයක් බලස ඉදිරිපත් බකාට ඇත්බත්. බතල් ගාලා හිස ීරන් නෑබනෝඇට වැල ඇරබගන ැඳගන් නෑබනෝබසබ්ල් ඇරබගන ඇඳගන් නෑබනෝබගායම් බනළන්නට යමු අපි නෑබනෝ සැබදමු කදීමට රන් පැළ විලසටඅඳීමු කදීමට බස්බල් ඉණ වට ඳිමු කදීමට බකාණ්බේ මුදුනටකියමු කදීමට සින්දු ලතාවට බම් කවිවලින් කියැබවන පරිදි බගායම් බනළනා ළඳුන් ඒ සඳහා සැරබසන අයුරු බනත් සිත් ඇදගන්නාසුලු ය.වී බගාවිතැබන් දී බමන් ම බවනත් ජීවන වෘත්තීන්හි දී ද ජීවිතබේ සුව ර පැත්තට වඩා දුක් ර ජීවන අත්දැකීම්වලට මුහුණ දීමට ගැමියාට සිදු බවයි. තම කුඹුර විපතට පත්ව තිබ නු දුටු ගැමියකු තුළ හටගත් කම්පනය අවයාජ ව පළ බකබරන අවස්ථාවකි. බම්.පාට හොඳයි පැළ බවන ගොයම්නිඤල්ලඊට උඩින් ගැසුවා වැනි මඬ බරාල්ලයාල බදබගාඩ හඬනා මැ¾ඩියන් බගාල්ලබදවියනි, බුදුනි පාළුයි තංගලු මුල්ල බකත පිළි ඳ අබප්ක්‍ෂා භංගත්වය දුක හා කම්පනය ජන කවියා සංබක්තාත්මක ව දක්වා ඇති අයුරු බගායබම් නිල්ල, මඬබරාල්ල, මැඬියන් බගාල්ල හා පාළුයි යන බයදුම් මගින් ඉස්මතු බවයි.කෘෂිකාර්මික ජන ජීවිතබයහි තමා බපළන සමාජ පන්තිවලට ඇතුළත් පුේගලයන් බකබරහි උපදනා බනෝක්කඩුව හා විබරෝධ්‍ය වබරෝක්තිබයන් පර කාශ වන තැන් ද ජන කවියාබේ නිර්මාණ අතර දැකිය හැකි ය. මැණිබක් ඇවිත් අද තිසබ් ස් නියර පිටමඩ ඩිංගක් ඉසුණයි බනරි තුරැල්ලටසමාබවලා මාතින් වුණු වැරැේදටමැණිබක් ඉතින් යනවාබකෝ වලේවට ඇතැම් කවීන් මඟින් ගැමියා විඳින අබන්ක විධ්‍ දුක් බදාම්නස් අනුබේදනීය අයුරින් පළ බකබර්. කාබවයෝක්තීන් රසවත් ව කියා පෑබම්දී ජන කවියා විදේධ්‍ කවියාට බදබවනි බනාබේ. බරාත්බතන් බරාත්ත එන වලි කුකුළු පැටියබන්නිත්බතන් බගා ලු බදපතුල් රතු බකාබ යියබන් බමහි බයදී ඇති “නිත්බතන් බගා ලු බදපතුල් රතු බකාබ යියබන්” යන්න ාල නඟාබේ ළපටි ව හා සිත් ගන්නා ව ඉස්මතු කිරීමට ඉවහල් බවයි.රැය පුරා පතල් බදෝනා තුළ අපමණ බවබහස වී වැඩ කරන ගැමියන්ට රාති ්්රය ඉතා දිගු වූවක් බලස බපනී යයි. නව දවසකට හිරු පායා ඒම පිළි ඳ අබප්ක්‍ෂා ඔවුන්බේ සිත් තුළ ලියලන්බන් එ ැවිනි. එබහත් හිරු පායන්නට පමා වීම ඔවුන්බේ බනාමනාපයට බහ්තු වූ අයුරු ජන කවියා වයංගයාර්ථවත් ව පළ කරන්බන් බමබස ් ය.සූරිය සුබනර වට බදවරක් ගියාබදෝසූරිූූය යබනන රත ඇණ ඉගිලුණාබදෝවීරිය කරන රාහුට අසු වුණාබදෝසූරිය උදා නබූූන් එම නිසා බදෝ පහත දැක්බවන කවිය ද ජන ජීවිතය පිළි ඳ ගැඹුරු දර්ශනයක් බහළි කරන්නකි. මන්දාරමට උඩ ඉගිලෙන වැහි බල්නිබගානුබේ පිටට දැම්මා වැනි ර බගෝනිබවල මැද අම් ලම කාටත් පරබේණිමට තනි නැත උඹ නාඬන් උලබල්ණි ලවත් දුක් කම්කබටාලු උසුලමින් ගැමියා බගවන දිවිය බමමඟින් සංබක්තාර්ථවත් ව පළ කිරීමට ජනකවියා බපාබහාසත් වී ඇතජන කවිය හා ගැමි දිවිය.

කුරක්කන් කවි[සංස්කරණය]

1.හේනේ පැළේ මා විඳිනා සුරුක්කන්

ඌරෝ ඇවිත් වටපිට කරති සක්මන්

වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්

අපොයි මගෙ කිරි වදිනා කුරක්කන්


2.එපෙති දෙපෙති මහ හේනේ කුරක්කන්

මඟ යන්නෝ මට සරදම් කරක්කන්

එපෙති වෙන්ඩ කවුදැයි කළ නරක්කන්

කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්


3.දුරුතු මහෙදී කැලයට වැදීලා

මසක් පමණ කල් කැලවල් කොටාලා

මැදින් දිනේ දී වල් ගිනි තබාලා

කුරහන් ඉසිමුව කළුවර බලාලා


4.එල්ල වෙන්ට කවි කර කීවෙමි බෝම

කොල්ල කන්ට එති සිව්පාවෝ බොහොම

ගොල්ල සමඟ එති ඌරෝ සැමදාම

නිල්ල අබති සත් දවසින් බැලුවාම

රබන් පද[සංස්කරණය]

01. සඳුන් කැලේ අපි යනකොට රිලව් පනිනවා එක රිලවෙක් බඩ බැඳගෙන පිනුම් ගහනවා තක දොං පිනුම් ගහනවා

02. දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ටගමක් උඩ තුටිටු දෙකක් ඇත

03. උඩ පල ගත්තත් වට්ටක්කා බිම පල ගත්තත් වට්ටක්කා උඩ පල ගත්තත් බිම පල ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

04. තරිකිට දොං දොං අවුරුද්දයි රබාන දැන් දැන් හරි සද්දයි තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොං අපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව දොං අක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත් කැඳවන් අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්

05. රුං රුං රුඳ ගත රුංද ගතත් ගත රුංද ගතත් ගත තෙයි අපේ ගෙදර තුන් දෙනයි උඩහ ගෙදර තුන් දෙනයි පහළ ගෙදර තුන් දෙනයි තුන් පොළේම නව දෙනයි ගසට පලච්චෙයි විමනා ගසින් වැටිච්චෙයි විමනා විමනා කුන්ද මනා කුකඳ මනා කුඳං මනා දොං

06. වත්ත කතත් කතත්තා ගෙදර ගතත් කතත්තා වත්ත කතත් ගෙදර කතත් දෙකම කතත් කතත්තා

07. මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන් බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ පූජකර වරෙන් තක තෙයි පූජකර වරෙන්

08. වංගගිරි මැද වෙස්සන්තර රජ දනක් දුන් සැටි අසන් දොං දොං රංග බබළාබබළ බබළා නමින් අදිපති සුරන් දොං දො රංබ රඹ ගස යටට වී හැම කොළොම්පුරයේ ඉඳන් දොං දොං මේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේ ගසමුව රබන් දොං දොං

09. රෑන ගිරවු නටතෙයි ගුඳං ගුඳ පේර දොඩම් වැටෙතෙයි – විටිං විට පේර දොංම් වැටෙටතයි

10. උඩින් උඩින් වර පෙත්තප්පු බිමින් බිමින් වර පෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පු

11. රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය රාන් කුරුල්ලට එන්න කියාපිය රන් පුටුවක් උඩ ඉන්න කියාපිය නූලක් මතුරල දේන කියාපිය

12. රන් රඹුටන් ගස් දෙකයි වළි කුකුළන් පස් දෙනයි උන්ගෙ කරේ බොත්තමයි බලන්න හරි ලස්සණයි

13. අත්තක රතු මල් අත්තක සුදු මල් වලූ මල් බෙලි මල් නැන්දගෙ වත්තේ රෑණ කිතුල් මල් තකදොං තරිකිට තකදොං තරිකිට තකදොංතා තකදොංතා

14. තාක්ක දොං දොං තාක්ක දොං දොං තේක්ක මල් පිපිලා ඔන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා

15. ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට තා නෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට තා දොං ත තකිට දොංත තකිට දොංත තකිට තා

16. ඉර බසිනා කල ගසකට කුකුළන් පියාසරින් නගිතෙයි දෙපතුල් කටුවන් කරමල් රතුවන් රිංද ගුඳන් තකතෙයි එළිවෙන යාමෙට ඌ ඉඳ එතනින් හීන් හඬින් හඬතෙයි කුකුළගෙ සවුදම ඔන්න ගසනවා කොක කොක් ගහිති ගතෙයි

17. වත්තෙ නැන්දගේ රෙද්දෙ තුත්තිරි සිද්ද පත්තිනි දෙයියනේ තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත් තිත්තමයි හැම දෙයියනේ තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් දෙකෙන් බැද්දත් කොබෙයියා

18. රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි මදු කොළ අහුරක් මිටට කඩාගෙන ඉදොඃ ඉදොඃ කියතෙයි – තෙතෙයි තෙයි ඉදොඃ ඉදොඃ කියතෙයි බාන් පොටක් ගෙන කර දමාගෙන කදුරු ගහේ බඳිතෙයි – තෙතෙයි තෙයි කදුරු ගහේ බඳිතෙයි මෙච්චර මේ රටේ පිරිමි සිටිද්දිත් ගෑනු හරක් බඳිතෙයි – තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි

19. රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චී ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චී දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත වන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇත තන තන්න තන තන්න තන තන්න කීවා ළැම පැත්ත උස් වෙන්න කිරි මැට්ටා ගෑවා

20. බච්චො ආත්තත් ගොඬේ ආත්තත් කොත්තන් මුත්තත් – බබියානත් යකදුරු මුත්තත් පේදුරු මුත්තත් ඉලූක් කනත්තත් – කිරි එතනත් යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත් සලමන් මුත්තත් – කළු මුත්තත් මේ හැම මුත්තල අපේ ආත්තල කොහේ ගියත් දැන් – සුර පුරයේ

21. තකිට දොං දොං - තකිට දොං දොං තකිට දොං දොං දොං - අපිට අරන් කැවුම්, කොකිස් නැන්දා එනවා දොං තරිකිට දොං දොං අවුරුද්දයි රබාන දැන් හරි - හරි සද්දයි තකිට දොං දොං - තකිට දොං

22. පිලවක්කේ කැත්ත දො දොං පිලවටකර කැත්ත දො දොං ගුදං ගතං කැත්ත දො දොං රාං රූං කැත්ත දො දොං

23. එගොඩ ගොඩෙත් රත්තරන් මෙගොඩ ගොඩෙත් රත්තරන් එගොඩ ගොඩෙත්, මෙගොඩ ගොඩෙත් ඇතෙක් බරට රත්තරන්...........

24. රන් තැඹිලි ගස් දෙකයි ගොන් තැඹිලි ගස් දෙකයි ගස් දෙකට මල් දෙකයි මල් දෙකට ගෙඩි දෙකයි

25. බුබුල් බුබුල් බණ්ඩක්කා තුට්ටු දෙකට මං ගත්තා තුට්ටු දෙකට මං අරගෙන තුට්ටු දෙකට මං වික්කා

26. බබරගලේ බබරගලේ බබර බදිනවා බබරගලේ බබර සුවද ගෙටම වදිනවා තක දොන් ගෙටම වදිනවා

27.තේක්ක නැන්දේ තේක්ක නැන්දේ තේක්ක මාමා කොයි අන්න බලන් සකි මෙන්න බලන් සකි ගහ උඩ සිට පෙරලෙයි

28.ඉහල ගෙදර තුන් දෙනයි

පහල ගෙදර තුන් දෙනයි

අපේ ගෙදර තුන් දෙනයි

මුලු වත්තෙම නව දෙනයි

වස් කවි[සංස්කරණය]

බහින ජලය මෙන් සියගත      ඇදීයන්

නගින ගහෙන් උගුරේ උල     ඇනීයන්

බඳින බැම්ම වල වරපට        කැඩීයන්

කෙමින ගත් හොරා හතරට    පැලීයන්

ඔන්චිලි වාරම් කවි[සංස්කරණය]

සිංහල අවුරුදු කාලයේ ඔංචිලි පැදීමේ ක්‍රීඩාව ඉතා ජනප්‍රිය කාර්යයකි.බාල මහලු තරුණ කවුරුත් මෙම කවි ගායනා කරමින් මෙම ජනප්‍රිය ක්‍රීඩාව කරනු ලබයි.මෙසේ ගායනා කරන ගී ඔන්චිලි වාරම් ගී ලෙස හැදින්වේ.

01. ඔන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ කඩන්න බැරි කටු අකුලේ කඩා දියන් මගේ මලේ

02. පදිනා කල විත් වැල් ඔංචිල්ලා අඳිනා වත තද කර ඇදගල්ලා පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ල‍ා සොඳිනා ගී කියමින් පැදපල්ලා

03. උඩයන රවුමට පපුවයි දන්නේ පාතට එනකොට නිවිලයි එන්නේ පොල්ලක් පැන්නට බය නොසිතන්නේ පත්තිනි දෙවිඳුට පින් දීපන්නේ

04. සතර දෙනයි අපි ආවේ ඔක්කොම සතර වටට සොඳ කැරකෙන ගෙත්තම සතර අතට අල්ලා මාලක්කම කතර ගමට බාරයි අපි ඔක්කොම

05. ඉඳ ගත්තෙමි උස පුටුවක ගුවනා බැඳ ගත්තෙමි ජය කොන්ඩය මුදුනා ඇඳ ගත්තෙමි වතකුත් ආබරණා වැඳ ගත්තෙමි නාරායණ සරණා

06. පදිනා කල විත් වැල් ඔංචිල්ලා අඳිනා වත තද කර ඇදගල්ලා පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ලා සොඳිනා ගී කියමින් පැදපල්ලා

07. මිතුර මෙනුඹ අපි එක්ව සියල්ලා කතුර ලෙසට බැඳි රන් ඔංචිල්ලා නතර වෙවී ගුවනේ ඔංචිල්ලා මෙවර පදිමු අපි රන් ඔංචිල්ලා

08. විසි තුරු කර බැඳි රන් ඔංචිල්ලා රිසි රිසි අය අරගෙන පැදපල්ලා ඇසි පිය නො හෙළා බලා සිටිල්ලා කිසි තැන නැත මේ ලෙස ඔංචිල්ලා

09. පුර වර මැද බැඳි රන් ඔංචිල්ලා දුර යන තරමට පුදුම නො වෙල්ලා වවුලන් ලෙෂ කැරකෙයි ඔංචිල්ලා අපිත් පදිමු දැන් රන් ඔංචිල්ලා

10. රනේ රුව සේ ඇති බාල ළදුන් නේ කණේ තොඩු දෙක දෙපිට වැනෙන්නේ ඉනේ සළුව තද කර ඇද ගන් නේ අනේ ළදුනි ඔංචිලි පැදපන් නේ

11. අත්ත උසං උසං උසං ජම්බු පොකුරු සිලිං බිලිං ලොකු අක්කේ පදිං පදිං ජම්බු කඩං බෙදං බෙදං

12. වවුල් දහයි දහයි දහයි කොක්කු දහයි දහයි දහයි අහසේ උඩ නගියි නගියි පදිමු අපිත් එහෙයි මෙහෙයි

13. ඉරු දෙවියෝ යන්නේ උඩින් සඳ දෙවියෝ යන්නේ උඩින් තරු බැබළෙන අහස උඩින් නඩා ගහමු අපිත් උඩින්.


කමත් කවි[සංස්කරණය]

1. ඉර දෙවියෝ වැඩිය තැනේ
බොල් පිනි නොතිබෙයි එතැනේ
සඳ දෙවියෝ වැඩිය තැනේ
කරුවල නොතිබෙයි එතැනේ
2.
ගොනු යන්නේ කඳු බොඩලු
අප යන්නේ පා බොඩලු
පලදින්නේ මුතු පබළු
වලඳන්නේ කිරි කබලු
3.
මේ කාගේ මේ කමතා
ඉරු දෙවියන්ගේ කමතා
ඉරු දෙවියෝ බිම් බඳිතා
බිම් බැඳි තැන කොළ බඳිතා
For More-: සැකිල්ල:Https://youtu.be/Zd-W7TdGkpw


කරත්ත කවි[සංස්කරණය]

සසඳ සසඳ හඳ පානේ අපි           යනවා

මම්මල බඳව ගොන් බානක්    දක්කනවා

සකිය සගව්ව‍ට රෝදය කැර      කෙනවා

දත් කැකුළට අපි කුරුණෑගල්       යනවා

සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
දත් කැකුළට  නාරම්මල ලතැවෙනවා

කොළඹ කො‍ටුවෙ කො‍ටු දොරකඩ තාප්පේ
ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ
එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ

බත උයලා කාබී අපි සිත අයුර
තණ කවලා ගොන් දෙන්නට දී වතුර
නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර
එළිවෙන ජාමෙ පිටවී යමු හිත මිතුර

බැඳලා විය බාන ගොන් දෙන්නගෙ කරට
මැනලා ගනිමු බෝතලයක් සිලිමකට
බෙදලා බොමුව හැම දෙන එක්ක හරියට
කොතලාවල පසුකර මිතුර හනිකට

සසඳ සසඳ සඳ පානේ අපි යනවා
මක්කොලි බඳට ගොන් බානක් බැඳ යනවා
සකිය සගව්වට රෝදේ කැරකෙනවා
දත් කැකුළට  නාරම්මල ලතැවෙනවා



හඳපානේ නරක ද මීගමු යන්න
එමපානේ නරකද වෙළඳම් යන්න
බැරි රාලේ කරවල ගඳ උහුලන්න
මතුවාරේ නොපතන් මීගමු යන්න

පැල් කවි[සංස්කරණය]

පැලේ පැදුර සුළඟට වැනි        වැනීයෝ

වැවේ වතුර රැල්ලට සිඳි            සිඳීයෝ

වෙලේ ගොයම පින්නට පැසි    පැසීයෝ

‍අපේ මෙවන් දුක දෙවිඳුට       පෙනීයෝ


පිලේ පැදුර හේනට අරගෙන එනවා

එලා පැදුර මැස්සේ එහි බුදියනවා

රටා වියපු අත් දෙක මට සිහි වෙනවා

හිතේ දුකට එතකොට කවි කියවෙනවා


අන්දරේ උඹ ද ඔය පැල් රකින්නේ

         ගින්දරේ නැතිව මදුරන්  තලන්නේ
       යන්තරේ නොවෙද පපුවේ ගැහෙන්නේ
     අන්දරේ කියන් ඇයි දුක්    විදින්නේ

පාරු කවි[සංස්කරණය]

ගමන් යන්ඩ නැකතින් පාරු පැද    ගෙනේ

සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ    ගෙනේ

මෙවන් කළු ගගේ කඳු මුල් බලා    ගෙනේ

අපිත් යමුව සැම දෙවියන්ට වැඳ    ගෙනේ


ඔන්න මලේ ඔය නා මල නෙලා වරෙන්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්.


නෙළුම් කවි[සංස්කරණය]

01.

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්

මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්

බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්

තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්


02.
සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

03.
සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

04.
උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා


01.

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්

මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්

බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්

තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

02.

සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර

මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර

දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර

මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

03.

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට

සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට

කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට

පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

04.

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා

අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා

ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා

බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා


01.
දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම් මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම් බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම් තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම් 02.
සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත්දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

03.
සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹුරට

04.
උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා

පතල් කවි[සංස්කරණය]

මහ බෝගලට අපි ඇවිදින් විඳින දුකා
ගැට්ට නැති මුට්ටි පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට සිතේ දුකා
සතර වරම් දෙවි පිහිටෙන් නොවන් දුකා
**
දුම්බර කන්ද පාමුල මිනිරන් පතළේ
බැහැලා බඹ තිහක් කලුගල සිදුරු කළේ
බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතළේ
**
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය දකින්නට

සංවාදාත්මක කවි[සංස්කරණය]

රජතුමා

ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත

තිරුවා මෙමන් අඹගමුවට යවා ඇත

බොරුව කියා තී රවටා යයි නොසිත

හරුව දොර මෙපුර මහරජ මමය කත

තිරුවා

ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැත

ඔරුව ලඟට තොට පදිනා කෙනෙක් නැත

පියානන්ට බොරු කියනා කෙනෙක් නැත

තිරුවා මමයි මම අඹගමු ගියේ නැත

තරුණයා

අල්ලගෙන නෙරිය අතකින් කිම්ද නගෝ

වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ

හිමියෙක් නැති ගමන තනි මග කිම්ද නගෝ

අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

තරුණිය

අල්ලගෙන නෙරිය මඩ තැවරෙන හින්දා

වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා

බාල මස්සිනා පස්සෙන් එන හින්දා

යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා

උපමා කවි[සංස්කරණය]

දිරන තුරු වහල පොල් අත්ත නොබඳිති

ඉරෙන තුරු රෙද්ද තවෙකක් නොම ගනිති

කෙරෙන තුරු යමක් එහි තරම නොදනිති

මැරෙන තුරු ඉගෙන ගන්න දේ තිබෙති

උපදේශ කවි[සංස්කරණය]

ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී

ඒ දිය බොරවුණත් කඩයටමයි වාසී

නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී

කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී


පීහිල්ලේ දියට කළයක් නැමූවත්

නොපිරේ කලය හැට පැයකින් බැලූවත්

ගුණ නැති එකා බණ දහමින් වෙලූවත්

උගේ ගතිය ඌ නාරී මැරූවත්


බස්සා නිදිමරයි කිසි හොරකමක් බැරි

බල්ලා සෙමින් නොගියත් කිසි වැඩක් බැරි

ඌරා මඩ හෑරු මුත් වැපරුමක් බැරි

සිවලා සිංහ වෙස් ගත්තද නාද බැරි


ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ

මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ

අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ

හානා හීය පානා අඬහැරෙන් දැනේ


අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා

විදුලි එළිය දැක ගිනිහුළ දියේ හෙලා

අනුන් ලියන් දැක තම ලියටතල තලා

දුවනමුවන් දැක නොදමන් නෙළුව පලා

කවට කවි[සංස්කරණය]

මාමයි මමයි වැලි කුඹුරේ හාන කොට.

දත්කො‍ට ඇතෙක් එනවා අපි මරන්නට.

වටපිට බැලිමි ගසකුත් නැත නගින්නට.

පිටපට ගසා පැන්නෙමි මාමගෙ කරට.

සොකරි කවි[සංස්කරණය]

යාලක් විතර වී අව්වේ වනාලා.

දොළසක් විතර ඇඟ ගෝමර ඉසීලා.

අතක් දිගට නිල් වරලස මිදීලා.

සොකරි සිටිති වී අව්වේ වනාලා.

සෙත් ශාන්ති යාතිකා කවි[සංස්කරණය]

  • කළු කපුටා සුදු වන තුරු

මෝල් පිල්ල ලියලන තුරු

ඉඟුරු ඇස්ස පැලවෙන තුරු

එකසිය විස්සට දෙසිය විස්සක්

ආයුබෝ වේවා !

  • සිරස සවන් යුග මුඛ තුළ බෙල්ලේ

දෙවුර දෙවැලමිට අත දසැඟිල්ලේ

බඩ උකුලද දන කෙන්ඩ වලල්ලේ

දොස හැර පලයන් පතුලේ සියල්ලේ

තේරවිලි කවි[සංස්කරණය]

ප්‍රශ්නය[සංස්කරණය]

දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා

නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා

කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා

මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා

පිළිතුර[සංස්කරණය]

වනන්ත‍රේ ගල් උණූවනවා හේමා

ගමේ කම්මලේ මිටියෙන් වැඩ ‍හේමා

ජල බොර දියෙන් පණ රැකුණා හේමා

මෙතුන් පදේ ගිරයට කිව්වා හේමා

තල මල් කවි[සංස්කරණය]

  • සඳ විලසින් සඳ මඩල ලෙසින් එම රැස් විලසින් මල් වට දිලෙනා

දඹ ගෙතුමෙන් මුතු පබලු පෙලින් පෙළ කිනිති බරින් මල් වට දිලෙනා

නද කරමින් වීණාව නදින් බිඟුරොන් ගනිමින් ගුවනේ තිබුනා

සොඳ රුවනින් තලමල මෙලෙසින් සක්වල සතොසින් ඒ මල පිපුනා

  • ලෙල දෙමිනේ මල උඩු ගුවනේ මුතු කුඩ ලෙසිනේ සුළඟට වැනුනේ

සොඳ ලෙසිනේ මිනි වර්ණ ලෙසේ ඈතට පෙනුනෙ රන්කොත ලෙසිනේ

අප තොසිනේ මල දැක නෙතිනේ සිත පිරිය වුණේ නිම්නැති ලෙසිනේ

මෙම ලෙසිනේ තල මල පිපුනේ සකි විය සකිනේ සොඳ ගල මුදුනේ

උඩැක්කි කවි[සංස්කරණය]

‍පෙර බුදු මඟුලට ගැසූ උඩැක්කිය
ඒ බුදු මඟුල‍ට ගැසූ උඩැක්කිය
සතර වරම් සැමටා දෙවි    සක්කිය
ගුරුනි දෙවන් මට බුද්ද    උඩැක්කිය


❗ජන ගී වල නිර්මාණාත්මක ලක්ෂණ❗
  • ශ්‍රැති ගෝචර රිද්මයක් ඔස්සෙ රස උත්පාදනය කිරීම.
  • සෞන්දර්යාත්මක චින්තනය ප්‍රකාශයට පත් වීම.
  • ගැමි වහරේ අපූර්වාලංකාර භාවිතයන් සහිත වීම.
  • ජන දිවියෙ හා පරිසරයේ රිද්මය අව්‍යාජව ගැබ්කර තිබීම.
  • ගැමියන්ට හුරු පුරුදු උපමා, රූපක භාවිතයෙන් ව්‍යංග්‍යර්ථ දැනවීම.
"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_ජනකවි&oldid=687846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි