Jump to content

සෑරා පේලින්

විකිපීඩියා වෙතින්
සෑරා පේලින්
Sarah Palin
2008 දී මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී සෑරා පේලින්
ඇලස්කාවේ 9වන ආණ්ඩුකාරවරිය
තනතුර දරමින්
4 දෙසැම්බර් 2006 – 26 ජූලි 2009
Lieutenantෂෝන් පාර්නෙල්
පූර්වප්‍රාප්තිකයාෆ්‍රෑන්ක් මර්කව්ස්කි
අනුප්‍රාප්තිකයාෂෝන් පාර්නෙල්
ඇලස්කාවේ තෙල් හා ගෑස් සංරක්ෂණ කොමිසමේ සභාපති
තනතුර දරමින්
19 පෙබරවාරි 2003 – 23 ජනවාරි 2004
ආණ්ඩුකාරවරයාෆ්‍රෑන්ක් මර්කව්ස්කි
Deputyමයික් බිල්
රැන්ඩි රූඩ්රික්
ඩැනියෙල් සීමවුන්ට්
පූර්වප්‍රාප්තිකයාකමීල් ටේලර්
අනුප්‍රාප්තිකයාජෝන් නෝමන්
ඇලස්කාවේ වසිලා නගරයේ නගරාධිපති
තනතුර දරමින්
ඔක්තෝබර් 14 1996 – ඔක්තෝබර් 14 2002
පූර්වප්‍රාප්තිකයාජෝන් ස්ටයින්
අනුප්‍රාප්තිකයාඩයෑන් කෙලර්
පුද්ගලික තොරතුරු
උපත
සෑරා ලුවීස් හීත්

11 පෙබරවාරි 1964 (1964-02-11) (වයස 61)
සෑන්ඩ්පොයින්ට්, ඉඩාහෝ, එක්සත් ජනපදය
දේශපාලන පක්ෂයරිපබ්ලිකන් පක්ෂය (1982 සිට)
කලත්‍රයාටොඩ් පේලින් (වි. 1988; දි. 2020)
ළමයි5
අධ්‍යාපනයඅයිඩහෝ විශ්ව විද්‍යාලය (බී.ඒ.)
අත්සන
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

සෑරා ලුවීස් පේලින් (ඉංග්‍රීසි: Sarah Louise Palin; උපත 1964 පෙබරවාරි 11) යනු 2006 සිට 2009 දී ඉල්ලා අස්වන තෙක් ඇලස්කාවේ ආණ්ඩුකාරවරිය ලෙස සේවය කළ ඇමරිකානු දේශපාලනඥයෙකි.

2008 එක්සත් ජනපද ජනාධිපතිවරණ මැතිවර්ණයේදී, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක සහ ඇරිසෝනා සෙනෙට් මන්ත්‍රි ජෝන් මිකේන් ඇයව උප ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගත්තේය. ඇය පළමු රිපබ්ලිකන් පක්ෂ කාන්තා උප ජනාධිපති අපේක්ෂකයා විය සහ 1984 දී ජෙරල්ඩින් ෆෙරාරෝගෙන් පසු ප්‍රධාන පක්ෂයක ජනාධිපති ටිකට් පතක සිටි දෙවන කාන්තාව. අවසානයේ මිකේන් සහ පේලින් මැතිවරණයෙන් පරාජයට පත් වූයේ එවකට සෙනෙට් මන්ත්‍රිවරුන් වූ බරාක් ඔබාමා සහ ජෝ බයිඩන් හමුවේය.

මැතිවරණ ව්‍යාපාරය අතරතුර, ඇයගේ අත්දැකීම් නොමැතිකම සහ ඇතැම් මාතෘකා පිළිබඳ දැනුම නොමැතිකම හේතුවෙන් ඇය දැඩි ලෙස පරීක්ෂාවට ලක් විය. මැකේන් සමඟ ඇයගේ උප ජනාධිපති අපේක්ෂකත්වය අසාර්ථක වුවද, 2008 ජනාධිපතිවරණය පේලින්ගේ ජාතික පැතිකඩ සැලකිය යුතු ලෙස ඉහළ නැංවීය.

මූලාශ්‍රවලට අනුව, මිකේන් සමඟ ඇයගේ සම්බන්ධතාවය වැඩි කල් පැවතුනේ නැත. 2016, 2020 සහ 2024 මැතිවරණවලදී ඇය රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දැක්වූවාය. ට්‍රම්ප් මිකේන් ගැන බොහෝ නිෂේධාත්මක අදහස් දක්වා තිබූ බැවින්, මෙය බොහෝ දෙනෙකු දුටුවේ ඇය මිකේන්ට එරෙහිව යාමක් ලෙසය. ට්‍රම්ප් ප්‍රකාශ කළේ අල්ලා ගන්නා ලද මිකේන් වැනි සොල්දාදුවන් "දුප්පතුන් සහ පරාජිතයන්" බවත්, ඔහු "අල්ලා නොගත් මිනිසුන්ට කැමති" බවත්ය. මිකේන් වසර පහහමාරක් යුද සිරකරුවෙකු ලෙස රඳවාගෙන 1973 මාර්තු මාසයේදී නිදහස් කරන තෙක් වියට්නාමයේ වධ හිංසාවලට ලක් විය. 2018 දී මැකේන් දුර්ලභ ආකාරයේ මොළයේ පිළිකාවකින් මිය ගිය අතර, පේලින්ට අවමංගල්‍යයට ආරාධනා කර නොතිබුණි.

2022 දී, කොංග්‍රස් මන්ත්‍රී ඩොන් යංගේ අභාවයෙන් පසු, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස තම ආසනය ලබා ගැනීම සඳහා පාලින් විශේෂ මැතිවරණයට ඉදිරිපත් විය. ඇය මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා මේරි පෙල්ටෝලාට පරාජය විය. වසර දෙකක පූර්ණ ධුර කාලයක් ලබා ගැනීම සඳහා පේලින් 2022 නොවැම්බර් මාසයේදී නැවතත් පෙල්ටෝලාට එරෙහිව තරඟ කළ නමුත් නැවතත් ඇයට පරාජය විය.

"https://si.wikipedia.org/w/index.php?title=සෑරා_පේලින්&oldid=742635" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි