සැලැදි දොර
පෙනුම

සැලැදි දොරක් යනු සැමැනියෙන් බිත්තියකට සමතුරු වැ (මෙන් මැ ඇතැම් විටැ එය තුළින්) සැලැදීමෙන් තිරස් අතට ඇරෙන දොර වගෙකි. සැලැදි දොරක් පහතින් වන පීල්ලක් මතට සවි කළ හැකියි. නැතහොත්, ඉහළින් වන පීල්ලකැ ඔලැඹියැ හැකියි. ඇතැම් පන්න, සමතුරු බිත්තිය දිගේ ඊට පිටතින් සැලැදෙනු වෙනුවට, සැරුමේ අතට සමතුරු බිත්තියෙහි වන ඉඩක් තුළට සැලැදෙයි. කිතු වසින් 1 වන සියවස තරම් ඈත කලැ දී රෝම නිවෙස්වලැ සැලැදි දොරවල් යොදා ගැනිණැ යි ඉතාලියේ පොම්පේහි කැරුණු පුරාවිදු සොයාගැනුම් දෙස් දෙතත් සැලැදි දොරවල් නව-නිපැයූ හෝ භාවිතා කළ හෝ පළමුවන් රෝමානුවන් බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොවෙයි.
සැලැදි දොර , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.