Jump to content

සැප්තැම්බර් 11 ප්‍රහාරය - ප්‍රහාරකයන් සහ ඔවුන්ගේ අභිප්‍රායයන්

විකිපීඩියා වෙතින්
මොහොමඩ් අටා, 9/11 ප්‍රහාරයේ මහමොළකරු

1998 දී අල්කයිඩා සංවිධානයෙන් නිකුත් කළ “ෆට්වා” නම් එම සංවිධානයේ මෙහෙවර ප්‍රකාශය අනුව සියළුම මුස්ලිම් ජාතිකයන්ගේ කාර්යය වන්නේ කුමන ස්ථානයක දී ඇමෙරිකානුවන් ඝාතනය කිරීම’ අල්කයිඩාහි මූලික පරමාර්තයයි. එම පරමාර්තය ඔසාමා බින් ලාඩන්, අයිමාන් අල් - සවාහාරි, අහමඩ් රෙෆායිතාහා, මිර් හම්සාහ් සහ ෆල්ලුර් රහ්මාන් ආදි අල් කයිඩ් ප්‍රධානීහු ප්‍රකාශයට පත් කළ එකකි.


අල්කයිඩා‍

[සංස්කරණය]


අල්කයිඩාහි උපත 1979 දී සෝවියට් සමූහාණ්ඩුව විසින් ඇෆ්ගනිස්ථානය අක්‍රමණය කළ වකවානුවේදී සිදු වී ඇත. ආක්‍රමණයෙන් පසු ව ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයට ගොස් එවකට පැවති ඇමෙරිකානු රජයේ සහායද ඇතිව ඔහු ‘අරාබි මුජයිහිදීන්’ සංවිධානය පිහිටු වීමට උත්සාහ කළ අතර තවද ඔහු සෝවියට් ක්‍රියාවන්ට විරුද්ධව ‘මක්ටබ් අල්කිද්‍රාමන්’ [MAK] නම් සංවිධානය පිහිටුවීය. 1989 දී සෝවියට් හමුදාවන් ආපසු යාමත් සමග MAK සංවිධානය ජිහාඩ් සංවිධානයේ ‘සීඝ්‍ර ප්‍රතික්‍රියා බලකාය’ ලෙස පරිවර්ථනය වුයේ ලොව පුරා මුස්ලිම් ජනයාට විරුද්ධව ක්‍රියාකරන ආණ්ඩුවලට එරෙහි වීමටයි. අල් සවාහිරිගේ මෙහෙයවීම යටතේ ඔසාමා බින් ලාඩ්න් තවත් විප්ලවකාරී විය. 1996 දී බින්ලාඩ්න් ඔහුගේ ප්‍රථම “ෆට්වා” ප්‍රකාශනය ඊශ්‍රායලය සඳහාවන ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව නිකුත් කරයි. තවද, ගල්ෆ් යුද්ධයෙන් පසුවත් ඇමරිකානු හමුදාවන් සවුදි අරාබිය තුළ රැඳී සිටීම යන කරුණ පිළිබඳව එහි දක්වා ඇත. මෙම ප්‍රකිශනයන් මුස්ලිම් වදන් යොදා ගනිමින් බින්ලාඩ්න් විසින් සැකසුවේ ඇමරිකානු සිවිල් ජනයාට හා හමුදාවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදීම ධෛර්යමත් කිරීම පිණිසයි. ආගම් විශේෂඥයින් පවා එක හෙළා මෙම ප්‍රකාශයට එකඟවෙමින් ප්‍රකාශ කළේ ‘පිහිඩ්’හි ඒකායන අරමුණ විය යුත්තේ මුස්ලිම් රටවලට එරෙහිවන සතුරන් විනාශ කිරීම යන්න බවය.

http://en.wikipedia.org/wiki/9/11#Attackers_and_their_motivation