සැකිල්ල:සියවස්දිනයසටහන

විකිපීඩියා වෙතින්
ක්‍රිව/ක්‍රිපූ අංකනය විසින් ශුන්‍යය වසර භාවිතා නොකෙරෙයි; කෙසේවෙතත්, තාරකා විද්‍යාත්මක වසර අංකනය විසින් සෘණ ලකුණ භාවිතා කෙරෙයි, එබැවින් 'ක්‍රිපූ 2' යන්න 'වසර -1' වෙතට සමාන වෙයි, 'ක්‍රිපූ 1' යන්න තාරකා විද්‍යාත්මක '0 වසර' හා සම වෙයි, යනාදි වශයෙන්. ග්‍රෙගෝරියානු ක්‍රමයෙහිදී, ක්‍රිව Nවන සියවස ඇරඹෙන්නේ (N-1)*100+1 වසරෙන් වන අතර, අවසන් වන්නේ N*100 වසරෙනි, එනයින් නිදසුනක් වශයෙන්, 16 වන සියවස ඇරඹෙන්නේ 1501, ජනවාරි 1 දිනදී වන අතර එය අවසන් වන්නේ 1600, දෙසැම්බර් 31 දිනදීය.

කෙසේවෙතත්, ක්‍රිපූ යුගයෙහිදී වසර අනුපිළිවෙල ප්‍රතිලෝම වන අතර, ක්‍රිපූ N වන සියවස ඇරඹෙනුයේ ක්‍රිපූ වසර N*100 දි වන අතර එය අවසන් වනුයේ ක්‍රිපූ වසර (N-1)*100+1 දීය, එනයින් නිදසුනක් වශයෙන්, ක්‍රිපූ 3 වන සියවස ඇරඹෙනුයේ ක්‍රිපූ 300 දී වන අතර අවසන් වනුයේ ක්‍රිපූ 201 දීය.