සාහිත්‍යය විසිවෙනි ශත වර්ශයෙන් ඉදිරියට

විකිපීඩියා වෙතින්

19වන සියවසයේ අගභගයේදි සහ 20 වෙනි ශත වර්ශයේ මුල් අවදියෙහි වේල්ස් භාශා සාහිත්‍යය මගින් වේල්ස් භාශව දේශපාලනික සංඛේත පෙන්නුම් කිරීම ආරම්භ විය.වේල්ස් සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රදානතම පුද්ගලයන් දෙදෙනෙක් ලෙස සෞන්ඩෙර්ස් ලෙවිස් සහ ලේඛක /ප්‍රකාශක කේට් රොබෙර්ට්ස් හදින්විය හක.ලිවර්පූල් හි තම ජීවිතයෙහි මුල් අවදිය ගත කල ලෙවිස් "දේශාභිමනියා"නම් වූ ව්‍යාපාරයේ නායකයා ලෙසද කටයුතු කල අතර එම නිසාම සිරගත වීමටද සිදුවිය.ඔහු තම ව්‍යාපායෙහි යුක්ති සහගත බව විදහා දක්වීමට සහ අවදානය දිනා ගනීම සදහා නාට්‍ය කලාව උපයෝගී කරගන්නා ලදි.නවකතා කරුවෙකු වන කේට් රොබෙර්ට්ස් ප්‍රථම ගුරුවෘතියෙහි කටයුතු කල අතර උතුරු වේල්ස් සහ දකුණු වේල්ස් යන දේශයන් දෙකෙහිම ජීවත් වු සහ ඒ පිලිබඳව රචනා කල සුළුතරයෙන් එක් පුද්ගලයෙකු වශයෙන්ද හදින්විය හැක.

වේල්ස් රටෙහි කොට්ඨාෂ කිහිපයකම සිදුවූ කාර්මීකරණය මිශ්‍ර වු ආශිර්වාද ලද්දක් සේ සලකීමට පටන් ගෙන අති අතර රටෙහි බොහෝ ප්‍රදේශ වල පැවති පුරාණ කෘශිකාර්මික ගොවි ජන ජීවිතය නොයකුත් ලෙඛකයන් විසින් පරමාදර්ශී කොටගෙන ඇත.කෙසේ වෙතත් ජොහ්න් එලිස් විලියම්ස් (1924) විසින් ඉංග්‍රීසි සහ වේල්ස් භාශාවෙන් යුද කාල අතරතුර ග්ව්ය්නෙඩ්ඩ්() ජන ජීවිත පිළිබද වඩාත් යථාර්තවාදී දැක්මක් ඉදිරිපත් කරන ලදි.මෙම අත්දැකීම් වල ප්‍රාකශන ප්‍රජා පුවත්පත්වල පලවූ අතර "ගැමියා" යන සඟරවෙහි සහ ඉන් පසුව කඩදාසි බැම්ම ආකෘතිය සහිතව ඉංග්‍රීසි භාශවෙන් "කාලයෙහි වලාව සහ අනෙකුත් කතා" (1989) සහ "ඩුලබ වේල්ස් කතා" (2000) යන මාතෘකා යටතේද ප්‍රකශයට පත් විය.නිඩහස් ප්‍රාණයක් ලෙස වේල්ස් ප්‍රකාශන කවය සලකන විලියම් ශාස්ත්‍රඥයෙකු හෝ දේශපාලන්‍යයෙකු නොවන නමුදු දෙවන ලෝක යුද්ධයෙන් පසු අස්තිත්වවාදය වලදගත් සිමොන් ඩි බේඋවොඉර් සමග දැඩි මිත්‍රත්වයක් සහ ලියුම් හුවාමරුකිරීම් සිදුකල තැනැත්තෙකු ලෙස හදින්වේ.

මෙම කාලයේදීම නිශ්චලව, අප්‍රානිකව තිබූ වේල්ස් කාව්‍ය සංස්කෘතියද යම්කිසි වෙනසකට භාජනය විය.එයට ප්‍රදානතම හේතුව ලෙස දේශපලනික අභිප්‍රායයන් ඉටු කරගැනීම පිනිස සාම්ප්‍රදායික කව්‍යත්වය ප්‍රගුන කොට උපයෝගී කරගැනීම හදින්විය හක.මෙම විශයෙහි පුරොගාමීන් ලෙස අලන් ලිව්ය්ඩ් සහ ඩික් ජොනෙස් සැලකේ.කාන්තා කිවිවරයන් අතුරින් මෙන්නා එල්ෆ්ය්න් වැනි කවීන් ක්‍රමයෙන් තම අදහස් පුරුශාදිපත්‍ය විරිදු කියන මන්ඩලයෙහි ලැබෙන අවහිරතා සහ සම්මුතින් මැඩගෙන ඉදිරිපත් කිරීමට පෙලඹුනි. විශාරද සර්.ඉෆොර් විල්යම්ස් (Ifor Williams)මහතා වේල්ස් ලිඛිත සහිත්‍යයේ විද්‍යාත්මක ගවෙෂණයන්හි පුරෝගාමීන් ලෙස කටයුතු කල අතර ටලීසින් සහ අනේරින් යන කවීන්ගේ නිර්මාණ යලි යථා තත්වයට පත් කිරීමටද කටයුතු කරන ලදි.